
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳුවත්ත සොයිසා වටරවුම ආසන්නයේදී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුගේ හිසට වායු රයිපලයක් එල්ල කර මරණීය තර්ජනය සිදු කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ෙ අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වුවන් අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවියක් ඇතුළු සිසුන් දෙදෙනකු හා නාවිකයකුද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සහ සැකකාරිය සමග පැමිණි මෝටර් රථය , අංක 15 ජි 35897 දරන වායු පිස්තෝලය හා එයට යොදන ලද වායු උණ්ඩ 15 සහිත මැගසින් එක, කැපුම් තලය සහිත පිහි දෙකක් ,පහරදීමට භාවිතා කරන යකඩයක් නකල් එකක්, අඩි දෙකක් දිග ටයිමින් චේන් එකක් පොලිස් භාරයට ගෙන ඇත.
මෝටර් රථයකින් ආ පිරිසක් පෞද්ගලික බස් රථයකට කුරුඳු වත්ත සොයිසා වටරවම ආසන්නයේදී මඟ හරස්කර එහි කොන්දොස්තරවරයාගේ හිසට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් එල්ල කර පලායමින් සිටින බවට 119 මධ්‍යස්ථානයෙන් ලද පැමිණිල්ලක් අනුව කොළඹ දකුණු කොට්ඨාසයේ ගුවන් විදුලි කාර් රථයේ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේදී එකී මෝටර් රථය නවතා සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන රථය තුළ තිබූ වායු පිස්තෝලය ඇතුළු සෙසු දේපල පොලිස් භාරයට ගෙන ඇත.
ඔවුන් කුරුඳුවත්ත පොලිසියට භාරදීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගමන් ගත්තු මෝටර් රථයට බස් රථයෙන් මග අවහිර කිරීම හේතුවෙන් එය සිදු කළබවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd