
(සුජිත් හේවාජුලිගේ)
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීමේ සිද්ධියේදී කිසියම් කුමන්ත්‍රණයක් හෝ අපරාධමය වරදක් සිදුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරදී ඇති අවසන් වාර්තාවේ සඳහන් වේ.
මේ අනුව අදාල නිලධාරින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාව එම දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන ප්‍රධානීන්ට පසුගියදා බාර දෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධියේදී අපරාධමය වරද්දක් අනාවරණයවී නැතත් පරිපාලනමය වැරදිවලට අදාළව නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
විනය පරීක්ෂණවලින් පසු අදාල නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
හය ශ්‍රේණිය මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.
මීට අමතරව එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කෙරිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට බලන්න, ඕක යට කැරපොත්තෙක් හරි ඇති...
නිකම් බොරුවට නිලධාරීන්ට අපහාස කළා. ඒ මිනිස්සු සිය දිවි නසා නොගෙන අල්ලන් හිටියා. දර්ශන සමරවීර, ආචාර්ය දර්ශන සමරවීර.... මහන්සියෙන් උපයා ගත් වටිනාකම් හලන්න එපා.
අපි ඒ දවස්වලම හිතුවා, කත් එකටම ඕක හැකර් කෙනෙක් කරන්න ඇත්තේ කියලා...
ඒ කියන්නෙ නොසැලකිල්ල?
එහෙනම් ඒක මොනවගේ වැරැද්දක්ද? කාගෙන්ද වෙලා තියෙන්නේ...?