(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එතෙර සිටින ලාංකිකයන්ට ඒ ඒ රටවල රජය විසින් ලබා දී ඇති උපදෙස් සහ ශ්‍රී ලංකා තානාපති හා කාර්යාල හරහා ලබා දී ඇති මගපෙන්වීම තරයේ පිළිපදින ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යංශය කියයි.

මෙම තත්වය හමුවේ අමාත්‍යාංශය මඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇති අතර හදිසි අවස්ථාවකදී පහත සඳහන් දුරකථන අංකවලින් තොරතුරු විමසීම් කළ හැකි බව විදේශ අමාත්‍යංශය දැනුම් දෙයි.

WhatsApp/Imo +94 71 980 2822

Hot line 1989