(ප්‍රියන්ත දසනායක)

දින ගණනාවක් තිස්සේ පවතින අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් රැසක් මෙන්ම  මාර්ග රැසක්ද නිවාසද යටවී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ආපදා අංශ කියයි.

තවමත් විටින් විට මාතර දිස්ත්‍රික්කයට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින නිසා ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව කියති.