IMG-LOGO

මළල ක්‍රීඩීකාව දුවද්දි මරුට

අරණායක උස්සා පිටිය රිවිසද ජාතික පාසලේ  නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙලේ මීටර් 5000 ඉසව්වට සහභාගී සිටි දහතුන් වැනි වසරේ ශිෂ්‍යාවක ඇද වැටී මිය ගියාය.

දුවද්දී සිහිසුන්ව ඇද වැටුණු ඇය මාවනැල්ල රෝහලට ඇතුළු කරන විටද මිය ගොස් සිටියාය.

 අරණායක රහල අනුෂා කුමාරී (17) මිය ගිය ශිෂ්‍යාවයි



අදහස් (0)

මළල ක්‍රීඩීකාව දුවද්දි මරුට

ජයසූරිය Tuesday, 26 February 2013 02:29 PM

මේවගේ අධික ලෙස මහන්සිවෙන තරඟ වලට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කිරීම අනිවාර්ය කරනවානම් කාටත් හොඳයි..(ස)

:       0       0

සරත් Tuesday, 26 February 2013 02:36 PM

ළඟකදි ඉඳලා මැරතන් දුවන ගෑණු ළමයි මැරිලා වැටෙනවා.. මේකට හේතුව කුමක්ද ? (ස)

:       0       0

නිලංග Wednesday, 27 February 2013 12:46 AM

අපේ පාසැල් ක්‍රීඩා තරඟ වැනි ක්‍රියාකාරකම් සෞඛ්‍ය බළධාරීන්ගේ අධීක්‍ෂණය සහ සහයෝගය යටතේ පමණක් කළ යුතු බවට නීති පැනවිය යුතු කාලය ඇවිත්. බොහෝ රටවලට මෙය අමුතු දෙයක් නොවේ. (නි)

:       0       0

සමන් Tuesday, 26 February 2013 02:41 PM

මේක මාර සෙල්ලමක්නේ. දැන් කී දෙනෙක් මලල ක්‍රීඩා කරන්න ගිහිල්ල මැරුණද? ළමයින්ගේ අධිෂ්ඨානයයි උත්සහයයි තිබුනට මදි. ශාරීරික යෝග්‍යතාවය මුලින්ම පරීක්ෂා කලයුතුයි.(ස)

:       0       0

උපුල් Wednesday, 27 February 2013 02:21 PM

මේවාට කවුද වග කියන්නේ (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 26 February 2013 02:43 PM

මේකට හේතුව තමයි දීර්ඝ කාලීන පුහුණු වීම් නැතුව ක්‍රීඩා කිරීම.. මෙවැනි සිදුවීම් ගැන ක්‍රීඩා භාර නිලධාරීන්ගේ අවදානය යොමුවන්න ඕන. මෙය මෑතකදි පාසල් තුල සිදුවීමේ ප්‍රවණතාව වැඩි නිසා... (ස)

:       0       0

කුරුවිට Tuesday, 26 February 2013 02:52 PM

2013 මැරතන් ක්‍රීඩාවට අපලද.. ? (ස)

:       0       0

නාත් Wednesday, 27 February 2013 01:49 AM

ලංකාවේ ළමයින්ගේ ආශ්චර්යය ගැන කිවුවා නේද? මේ තියෙන්නේ ප්‍රතිඵල. අහෝ ඛේදයකි! (නි)

:       0       0

අමිල Tuesday, 26 February 2013 02:56 PM

දැන් කන්න තියෙන්නේ වසනේ... හිතේ හයිය තිබුණට ඇඟේ හයිය නැහැ. (ස)

:       0       0

නිරන්ජන. Tuesday, 26 February 2013 03:09 PM

ඇයි මේ වගේ දේවල් වෙන්නෙ.. (නු)

:       0       0

කල්ප Tuesday, 26 February 2013 03:10 PM

ඔබට නිවන් සුව ලැබේවා... (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 February 2013 07:04 PM

මට හරිම දුකයි.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 05:58 AM

දරුවන්ගේ හිතේ හයිය නිසා තරග වලට ඉදිරිපත් වෙනවා. ගතේ ශක්තිය නැහැ. රටේ පවතින ජීවන වියදමට සරිලන ආදායමක් නැති නිසා පෝෂ්‍ය දායී ආහාර දීමට දෙමවිපියන්ට ආදායමක් නැහැ. ඉදිරියටත් මේ තත්වය වැඩි වෙයි. (නදී)

:       0       0

සමන් Wednesday, 27 February 2013 07:07 PM

මට හරිම දුකයි.(නදී)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 08:37 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 04:05 PM

ඒ කියන්නේ කඩා වැටිලා තියෙන මලල ක්‍රීඩාව තව දුරටත් කඩා වැටෙනවා...? (ස)

:       0       0

සරත් Wednesday, 27 February 2013 09:18 AM

දියණියනි, ඔබට නිවන් සුව. සසර වසන තුරු මෙවන් අකල් මරණයනට ගොදුරු නොවේවා!(නදී)

:       0       0

ඉරාම් Tuesday, 26 February 2013 04:28 PM

මේ ළමයින්ට තරඟ ආරම්භ කරන්න පෙර වෛද්‍ය පරීක්ෂණයක් කර සහතිකයක් අරගෙන හිටියනම් මේ වගේ ඉරණමක් ළමයින්ට අත් වන්නේ නැහැ.. ඔබට නිවන් සුව...! (ස)

:       0       0

රත්න කුමාර Tuesday, 26 February 2013 04:37 PM

දියණියනි, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..!!! (ස)

:       0       0

නිරන්. Tuesday, 26 February 2013 04:46 PM

මේ අද සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය..!(නු)

:       0       0

පද්මි Wednesday, 27 February 2013 08:54 PM

ළමයින්ට අවශ්‍ය පෝෂණය නැහැ. මේ ගැන ජනමතයක් ඇති කළ යුතුයි. (නි)

:       0       0

ෂාන් Wednesday, 27 February 2013 10:10 AM

දැන් වැඩිපුර ළමයිට කොල්ලෝ පිස්සුවනේ.. ඉතින් ඇඟේ ශක්තිය නෑ (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 26 February 2013 05:41 PM

කුරුවිට 2013 වසර මැරතන් ක්‍රීඩාවට විතරද අපල.. මුළු රටටම අපල කාලයයක් පේනවානේ අහන බලන දේවල් අහුගිය දවස්වලත්....!(නු)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 10:40 AM

ෂාන් ගෑණු ළමයා දාලා ගියාවත්ද? ඇඟේ ශක්තිය නැත්තේ පෝෂණීය ආහාර හිඟකම (ස)

:       0       0

ලලිත් දෝහා Tuesday, 26 February 2013 05:47 PM

හරිම කණගාටුදායක පුවතක්.. මේ වගේ අකල් මරණ මේ මාසය තුල අහපු දෙවැනි සිද්ධිය.!(නු)

:       0       0

ප්‍රභාත් Tuesday, 26 February 2013 06:13 PM

ප්‍රථමාධාර කණ්ඩායමක සහය ලබාගත්තෙ නැද්ද? රෝහලට යනකම් අවශ්‍ය දේවල් කෙරිලා නැහැ කියලයි මට නම් හිතෙන්නෙ..!(නු)

:       0       0

වනසිංහ Tuesday, 26 February 2013 06:34 PM

අර යෝගට් කෑව නං කොරන්න මට ඕනෙ දේ, දුවන්න මට ඕනෙ දේ, පනින්න මට ඕනෙ දේ කිය කිය දිව්වෑකිනෙ. ඔය බත් වගේ කෑම කන එකේ වැරදි. අද ඉඳන්වත් පාන් යෝගට් කකා කිරිපිටි බොමු.(නු)

:       0       0

දිල්ශානි Wednesday, 27 February 2013 11:07 AM

ෂාන් ඔයාට සහොදරියෝ නැද්ද ??? (ස)

:       0       0

රුවන් Wednesday, 27 February 2013 11:17 AM

දුකයි මේ වගේ දේවල් සිදු වෙනවිට.. අකාලේ ජීවිත නැති උනාම,එයා ගෙනපු ආයුෂ ඉවර ඇති ඒකයි...(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 26 February 2013 07:33 PM

මේ පළවෙනි එක නෙවෙයි නේද..? මතට හැටියට මීට කලිනුත් මෑතකදී මැරතන් දුවපු ගැහැණු ළමයෙන් ඔය විදිහටම මැරුනා. හොයලා බලන්න..(නු)

:       0       0

රන්දික Wednesday, 27 February 2013 11:49 AM

මින් පේන්නේ නිසි පෝෂ්‍යජනක අහරක් නැති එක තුන්වෙනි දියණිය බිලිදෙන්න පෙර කවුරු කවුරුත් දෙවරක් තුන්වරක් හිතුවොත් තමයි හොඳ (ස)

:       0       0

තිලක් Tuesday, 26 February 2013 07:58 PM

ප්‍රසන්නගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

තිලක් Tuesday, 26 February 2013 08:00 PM

සමස්ත ජනගහණයෙන් 30%ක් ගැබිණි මවුවරු රක්තහීනතාවයෙන් පෙළෙද්දී, 35%ක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී මෙවන් පුවත් අරුමයක් නොවේ. (නි)

:       0       0

හිල්මි Tuesday, 26 February 2013 08:03 PM

අනේ මොනවා වුණත් ලස්සන තරුණ ගැහැණු ළමයෙක්. (නි)

:       0       0

පහන් Tuesday, 26 February 2013 08:44 PM

මෙම දරුවා මීටර් 5000 දුර දිවීමට අවශ්‍ය වයස සපුරා නොමැති බව වෙබ් අඩවියක සදහන්ව තිබේ. එය ඇත්තද? (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 26 February 2013 08:45 PM

කරන්නේ කුමක් වුවත් එය උපරිමයෙන් පුරුදු පුහුණු වී කළ යුතුයි. (නි)

:       0       0

පහන් Tuesday, 26 February 2013 08:49 PM

පත්තර තුනක වයස් තුනක් දාලතියනවා (දී)

:       0       0

සුමිත් Wednesday, 27 February 2013 12:53 PM

පාසල් තුල පවත්වන ක්‍රීඩා උත්සව හා එම ක්‍රියාවලියට පිළිබදව කිසිදු විධිමත් ක්‍රමවේදයක් (පුහුණු වීම් හා ක්‍රීඩා සදහා තොරාගැනීමට) පාසල් පද්ධතියට නැතිකම වෙන්න ඕනෑ මේ පෙනෙන්නේ (නි)

:       0       0

සුරේෂ් Tuesday, 26 February 2013 10:36 PM

අසිල ඇත්තටම ඔයා හරි. දැන් කාලේ තියෙන්නේ කෑම වල රස විතරයි. කිසිම ගුනයක් නැහැ. ඉතින් කන අයට කිසිම පෝෂනයක් නැහැ.(නදී)

:       0       0

අනුර Tuesday, 26 February 2013 02:17 PM

පව් අනේ... නිවන් සැප ලැබේවා... !!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site