IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘මළ හේරත්‘ සිඩ්නි පිටියෙන් මතුවේ

ශී‍්‍ර ලංකා පිලේ පා දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වූයේ යයි කියැවෙන අසත්‍ය පුවතක් ‘ට්විටර්’ ජාලයේ පළවීම නිසා  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ මෙන්ම ‘ට්විටර්’ පරිශීලකයෝත් මහත් සේ කැළඹී ගියහ. මෙම පුවත පළවීමෙන් පසු, සෙනසුරාදා (5 වැනිදා) රංගන හේරත් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා සිඞ්නි පිටියට පිවිසියේය. 

‘ට්විටර්’ ජාලයේ පළවූ අසත්‍ය පුවතින් කියැවී ඇත්තේ සිඞ්නි නුවරදී සිදුවූ රිය අනතුරකින් රංගන හේරත් ජීවිතක්‍ෂයට පත්වූ බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් තුවාල ලබා දිවි බේරාගත් බවත්ය.
මෙම ප‍්‍රවෘත්තිය ඉතා වේගයෙන්  පැතිරී ගිය අතර ඇතැම් ‘ට්විටර්’ පරිශීලකයෝ සිය සංවේගය පළකරමින් සහ රංගන හේරත්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය කණගාටුව ප‍්‍රකාශ කරමින්ද ‘ට්විටර්’ ජාලයට පණිවුඩ එක්කළහ.
සිඞ්නි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පිටියට පිවිසි රංගන හේරත් පන්දු යවමින් ලකුණු 95 කට කඩුලූ 4 ක් දවාගත් අතර පන්දුවට පහර දෙමින් දිනය අවසානයේදී නොදැවී ලකුණු 7 ක්ද ලබා සිටියේය.
තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී රංගනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගෙන් වාර්තා කරුවෝ විමසා සිටියහ.
”අපි උදේ (සෙනසුරාදා) ආහාර ගනිමින් සිටින විට තමයි මේ කතාව දැනගන්නට ලැබුණේ. ඒත් රංගන නම් අපිත් එක්ක හිටියා” යයි ඔහු සිනාසෙමින් පිළිතුරු දී තිබේ.



අදහස් (0)

‘මළ හේරත්‘ සිඩ්නි පිටියෙන් මතුවේ

අජිත් Sunday, 06 January 2013 11:38 AM

ට්විටර් හරියට අපේ ගමේ රොයිටර් ඇල්පි ආච්චි වගෙයි. (නි)

:       0       0

අසෝක Saturday, 05 January 2013 04:29 PM

ඇස්වහ කටවහ යන්නත් එක්ක ඒක හොඳයි. ලෝකය දියුණු වෙනචා කියලා මේ වගේ දේවල් වලින් අනවශ්‍ය වැඩ කරන අය තමයි වැඩි. ඇස් රතුවෙන විහිලු විහිලුවටවත් එපා. අපේ ක්‍රීඩකයන්ට ජයම වේවා! (ස)

:       0       0

ලලීන්ද Saturday, 05 January 2013 06:09 PM

ඔබට ධිර්ගායුෂ (දී)

:       0       0

ලලිත් Saturday, 05 January 2013 06:20 PM

අපි ඇත්තටම කනාගාටු උනා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site