දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) ඩර්බන්හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ලකුණු 22 කින් ලයන්ස් පිල හමුවේ පරාජයට පත්වීම නිසා අවසන් මහ තරගයට පැමිණීමේ බලාපොරොත්තු සුන්විය. මහේල මෙම තරගයට සහභාගි නොවූ අතර නවසීලන්ත නායක රෝස් ටේලර් දිල්ලි පිලේ නායකයා ලෙස කටයුතු කළේය. ලයන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (ගුලම් බොඩි 50, ඇල්විරෝ පීටර්සන් 24, නීල් මැකෙන්සි නොදැවී 46, උමේෂ් යාදේව් 20/2) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 117 (ඬේවිඞ් වෝනර් 21, කෙවින් පීටර්සන් 50, මොනේ මොර්කල් නොදැවී 18, ඩිර්ක් නැනිස් 34/2, ක‍්‍රිස් මොරිස් 7/2, අරොන් පන්ගිසෝ 18/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ක්‍රීඩා නොකරන්නේ නම් එය මහේලගේ පිල වන්නේ නැත. (ස)
කමක් නැහැ. නැත්නම් ආයෙත් පැරදෙන්නෙ අපේම එකෙක්නේ. (නි)
මෙයා ඊයෙ සෙල්ලම් කළේ නැද්ද? (නි)
ඔහොම යං... හොඳ වැඩේ. (නි)
මෙහෙම වුණ එක හොඳයි. නැත්නම් මහේල මේකෙත් අවසන් තරගයේදී පැරදුණා නම් එයා අසාර්ථක නායකයෙක් කියලා ආයෙත් අවසන් තරගයකදී නායකත්වය මෙහෙයවන්න ප්‍රශ්නයක් වීමට තිබුණා. (නි)
පසුගිය සතියේ මුළු ලංකාවේම බලාපොරොත්තුත් සුන් කළේ? (නි)
අනේ සාදු! (නි)
ශ්‍රි ලාංකික ක්‍රිඩා ලොලියෙක් වශයෙන් අතිශය ප්‍රිතියට පත් වෙමි. රටෙ ක්‍රිකට් පහත හෙලා ඉන්දියාවට රට පාවා දෙන අය සියලු තරග පරදිවා. (ස)