IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහේල යටතේ උප නායකයාව සිටිමින් නායකත්වයට අත්දැකීම් ලබාගත්තා

මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ උප නායකයා ලෙස නායක්තවය පිළිබඳව ප‍්‍රගුණ කිරීමට අවස්ථාව ලැබීම නිසා තමන් මේ වන විට නායක්තවයේ වගකීම දැරීමට අත්දැකීම් ලබාගෙන සිටින බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නව නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භ වන සති පහකට ආසන්න තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (26 වැනිදා) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල උප නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය. ‘‘මහේල ජයවර්ධන යටතේ උප නායකයා ලෙස කටයුතු කරමින් නායකත්වය ඉගෙනගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම තරග කීපයකදී නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. මහේල සහ මාලිංග විස්සයි20 තරගයේදී විවේක ගත්ත ද තරගයක් ජය ගැනීමට හැකි කණ්ඩායමක් ලැබී තිබෙනවා’’ මැතිව්ස් සහ  ඕරම් මාධ්‍ය හමුවෙන් අනතුරුව (ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

මහේල යටතේ උප නායකයාව සිටිමින් නායකත්වයට අත්දැකීම් ලබාගත්තා

මුණසිංහ Monday, 29 October 2012 03:42 PM

හරියට කළොත් එච්චරයි. (නි)

:       0       0

අනුර Saturday, 27 October 2012 05:03 PM

දැන්නම් කරග එපා වෙලා තියෙන්නේ. ඒත් කමක් නැහැ, සුභ පතනවා.ජයවේවා! (නි)

:       0       0

දිසා Saturday, 27 October 2012 09:42 AM

අ‍පේ සුභ පැතුම් පුතා! (නි)

:       0       0

තත්සරණි Saturday, 27 October 2012 05:07 PM

කවුරු මොනවා කිව්වත් අපිට අපේ වීරයාව වටිනවා .අද සංගගේ උපන්දිනේ...සුබම සුබ උපන්දිනක් කුමා අයියේ. (ස)

:       0       0

අසංක Saturday, 27 October 2012 10:04 AM

සංගා,මහේල, ඇරුනම නායකත්වයට සුදුසුම ක්‍රීඩකයට අවස්ථාව ලැබීම ගැන සතුටුයි....සුබ පැතුම්. (ස)

:       0       0

Chathuranga Sandaruwan Saturday, 27 October 2012 06:55 PM

ඕව අපට කියන වැඩක් නෑ මැතිව්ස් ඔව කොන්ඩේ බැදපු චින්නුන්ට කියන්න (අ)

:       0       0

නලීන් Saturday, 27 October 2012 11:16 AM

මම හිතන්නේ එය ඉතාම හොදයි. (නි)

:       0       0

අමිල Sunday, 28 October 2012 12:52 PM

කෝ ඔයාගේ අර ලොකු හයේ පහරවල්? (නි)

:       0       0

හේවකුමාර Saturday, 27 October 2012 12:21 PM

සුබ පැතුම් කොල්ලෝ .....මහේල යටතේ හිටියට ඒ වගේනම් වෙන්න එපා (ස)

:       0       0

සිසිර Friday, 26 October 2012 09:45 PM

කතාව විතරයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 02:03 PM

පුතා ඔයා දිනයිද දන්නෙ නැහැ. නමුත් ඔබට අපේ සුභ පැතුම්!

:       0       0

කැල්වින් Saturday, 27 October 2012 02:11 AM

මහේල වගේ මෙයත් අයි.පී.එල්.. එකට කඩේ යයිද දන්නෙ නැහැ...!(නු)

:       0       0

ජී.අයි.පී Saturday, 27 October 2012 03:51 AM

සන්තෝෂයි කවුරු කවුරුත් ඉස්සරහට යන ගමන..! නමුත් අවශ්‍ය වෙලාවට හරිදේ ඉවසීමෙන් කරන්න..! නැත්නම් අපිට හැමදාම වෙන්නේ ඔයාලගේ දිහා බලන් ඉදලා දුක් වෙන එක විතරයි.. අපිට ක්‍රිකට් විතරයි තියෙන්නේ සංතෝෂ වෙන්න.. ඔයාලා ඒ ගැන සිතා හරියට ක්‍රීඩා කරන්න.. ඔයාලා පිටියේ සෙල්ලම් කරද්දි වෙලාවකට චූටි මල්ලි වගෙයි.. එහෙම වෙන්න දෙන්න එපා.. මෙතන ඉදලා.. අපිට බෑ ක්‍රිකට් ගහන්න...එත් වෙලාවකට අපිට හිතෙනවා ඔයාලා සල්ලම් කරන හැටි දැකලා අපි කළානම් මීට වැඩිය යමක් කරනවා කියලා.. දුක නිසා ගොඩක් ලියවුනා... සුභ පැතුම්..!(නු)

:       0       0

ලහිරු Sunday, 28 October 2012 08:17 AM

රට වෙනුවෙන් කැපවීමෙන් තරගකර ජයගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site