මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ උප නායකයා ලෙස නායක්තවය පිළිබඳව ප‍්‍රගුණ කිරීමට අවස්ථාව ලැබීම නිසා තමන් මේ වන විට නායක්තවයේ වගකීම දැරීමට අත්දැකීම් ලබාගෙන සිටින බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නව නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භ වන සති පහකට ආසන්න තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (26 වැනිදා) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල උප නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘මහේල ජයවර්ධන යටතේ උප නායකයා ලෙස කටයුතු කරමින් නායකත්වය ඉගෙනගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම තරග කීපයකදී නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. මහේල සහ මාලිංග විස්සයි20 තරගයේදී විවේක ගත්ත ද තරගයක් ජය ගැනීමට හැකි කණ්ඩායමක් ලැබී තිබෙනවා’’
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව විතරයි..!(නු)
මහේල වගේ මෙයත් අයි.පී.එල්.. එකට කඩේ යයිද දන්නෙ නැහැ...!(නු)
සන්තෝෂයි කවුරු කවුරුත් ඉස්සරහට යන ගමන..! නමුත් අවශ්‍ය වෙලාවට හරිදේ ඉවසීමෙන් කරන්න..! නැත්නම් අපිට හැමදාම වෙන්නේ ඔයාලගේ දිහා බලන් ඉදලා දුක් වෙන එක විතරයි.. අපිට ක්‍රිකට් විතරයි තියෙන්නේ සංතෝෂ වෙන්න.. ඔයාලා ඒ ගැන සිතා හරියට ක්‍රීඩා කරන්න.. ඔයාලා පිටියේ සෙල්ලම් කරද්දි වෙලාවකට චූටි මල්ලි වගෙයි.. එහෙම වෙන්න දෙන්න එපා.. මෙතන ඉදලා.. අපිට බෑ ක්‍රිකට් ගහන්න...එත් වෙලාවකට අපිට හිතෙනවා ඔයාලා සල්ලම් කරන හැටි දැකලා අපි කළානම් මීට වැඩිය යමක් කරනවා කියලා.. දුක නිසා ගොඩක් ලියවුනා... සුභ පැතුම්..!(නු)
අපේ සුභ පැතුම් පුතා! (නි)
සංගා,මහේල, ඇරුනම නායකත්වයට සුදුසුම ක්‍රීඩකයට අවස්ථාව ලැබීම ගැන සතුටුයි....සුබ පැතුම්. (ස)
මම හිතන්නේ එය ඉතාම හොදයි. (නි)
සුබ පැතුම් කොල්ලෝ .....මහේල යටතේ හිටියට ඒ වගේනම් වෙන්න එපා (ස)
පුතා ඔයා දිනයිද දන්නෙ නැහැ. නමුත් ඔබට අපේ සුභ පැතුම්!
දැන්නම් කරග එපා වෙලා තියෙන්නේ. ඒත් කමක් නැහැ, සුභ පතනවා.ජයවේවා! (නි)
කවුරු මොනවා කිව්වත් අපිට අපේ වීරයාව වටිනවා .අද සංගගේ උපන්දිනේ...සුබම සුබ උපන්දිනක් කුමා අයියේ. (ස)
ඕව අපට කියන වැඩක් නෑ මැතිව්ස් ඔව කොන්ඩේ බැදපු චින්නුන්ට කියන්න (අ)
රට වෙනුවෙන් කැපවීමෙන් තරගකර ජයගන්න. (නි)
කෝ ඔයාගේ අර ලොකු හයේ පහරවල්? (නි)
හරියට කළොත් එච්චරයි. (නි)