IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහේල ජයවර්ධන ආබාධයට ලක්වෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන ආබාධයකට ලක්වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. පිලට එරෙහිව එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (17 වැනිදා) අවසන් වූ තරගයේ ස්ලිප්හි පන්දුරකිමින් සිටි මහේල උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී වම් අතේ මැදැගිල්ල ආබාධයකට ලක්ව තිබේ.

මහේලගේ මැදැගිල්ල ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කර එය මේ වන විට  ඕස්ටේ‍්‍රලියාවට යොමු කර ඇති බවත් එහිදී ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව මහේල කොපමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතුද යන්න තීරණය කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරිකු පැවසීය.

මහේලගේ ආබාධය එතරම් බරපතල නොවූව ද අවම වශයෙන් සති තුනක් ක‍්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවිය හැකි බව වාර්තා වේ.



අදහස් (0)

මහේල ජයවර්ධන ආබාධයට ලක්වෙයි

ඉසුරු Tuesday, 19 February 2013 12:04 PM

අපිට ඉන්න දක්ෂම ක්‍රීඩකයා (දී)

:       0       0

අංජන Wednesday, 20 February 2013 08:33 AM

මහේලගේ වචන අතර පරාජය කියන වචනය තිබුණේ නැහැ. (නි)

:       0       0

නාමල් Tuesday, 19 February 2013 01:38 PM

හැමදේම ඇදේට දකින්න එපා යොහාන්. (නි)

:       0       0

තත්සරණි Saturday, 23 February 2013 05:03 PM

මයියයි, සංගයි නැත්නම් අපිට ක්‍රිකට් වලින් වැඩකුත් නැහැ. (නි)

:       0       0

මනෝජ් Tuesday, 19 February 2013 09:01 PM

ඉක්මන් සුවය ලැබේවා!(නදී)

:       0       0

පාලිත Tuesday, 19 February 2013 02:07 PM

ඇතත්ටම ඔහුට දැන් අවශ්‍ය විවේකයයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 February 2013 02:10 PM

මේ මොන බොරුද? හරියට සති තුනක් නිමාඩුයි. එතකොට බංග්ලාදේශයේ අය යන්න ලගයි. ඔන්න කැපිල්ලේ මුල.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 19 February 2013 02:28 PM

අලුත් කට්ටිය දාලා ගහමු බන්ගලිදේශයට. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 19 February 2013 11:45 PM

මෙවන් ක්‍රීඩකයින් කණ්ඩායමේ නැත්නම් ලංකාවේ ක්‍රිකටුත් නැහැ. (නි)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 09:54 AM

මොකක්ද ආබාදය, කැපිල්ලක්ද?(නදී)

:       0       0

ලාල් Tuesday, 19 February 2013 10:11 AM

ඉඩෝරයට පොද වැස්සක් වගෙයි. (නි)

:       0       0

තිලකා Wednesday, 20 February 2013 02:50 PM

ක්‍රීඩාවෙදි ආබාද ඇතිවෙනවා. වැරදියට හිතන්න හොද නැහැ.(නදී)

:       0       0

සිසිර Wednesday, 20 February 2013 06:45 AM

අයි.පි.එල්. වෙද්දී හොද වේවිද? (නි)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 11:38 AM

අයියෝ ක්‍රිකට් (දී)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 11:43 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සමන් Tuesday, 19 February 2013 11:53 AM

ජයසූරිය ආපු ගමන් මොකද මේ වුණේ? (නි)

:       0       0

සිල්වා Tuesday, 19 February 2013 11:56 AM

සුද්දන්ට බැන්නට අපිට සුද්දෝ ඕනෑ‍ වෙන වෙලාවලුත් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site