බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනින් පූජනීය වූ මහියංගන චෛත්‍ය රාජයා බෞද්ධ කොඩියේ වර්ණයෙන් ආලෝකවත් විය.
බුදුන්වහන්සේගේ කේෂ ධාතු හා ග්‍රීවා ධාතුව නිධන් කර ඇති මෙම සෑය ඉදිරිපිට දී මාතර බෝසත් පාරමී සංවිධානය පිංකම් රැසක්ම දහස් ගණනක් වූ බැතිමතුන්ගේ සභාගිත්වයෙන් පැවැත්වීය.
උරුලෑවත්තේ ධම්මරක්ඛිත මහියංගන රජමහා විහාරාධිපති නාහිමියන්ගේ සහභාගීත්වයෙන් කහගොල්ලේ සෝමවංස සහ වෙහෙරගල සද්ධාලෝක නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් බෝසත් පාරමී සංවිධානය පෙහෙවස් සමාදන් වීම්, අබතෙල් ආලෝක පූජාව, තෙසැත්තෑ ඥාන පූජාව, ලේ දන්දීම, තිස්සපුර ද්විතියීක විද්‍යාලයට පාසල් උපකරණ හා පොත් ප්‍රධානය, පවුල් 200කට වියළි සලාක පරිත්‍යාග කිරීම හා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම ඇතුළු පින්කම් රැසක් සංවිධානය කළේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහියංගනයට යළි බුදුන් වැඩියා වගෙයි
ෂෙරිෆ් Monday, 25 February 2013 01:15 AM
ඇත්තෙන්ම කියනවනම් ලාංකික බෞද්ධ ජනයා හොඳ ගුණ යහපත් ආගම දහමට ලැදී අය. නමුත් අවාසනාවට බහුතරයක් අද මත්පැන්වලට ලොල්වී විනාශවෙලා. ශ්‍රී ලාංකික සැමට වාසනාවන්ත හෙට දිනක් පතමි. (නු)
සුමේධ Monday, 04 March 2013 10:48 PM
මට හරිම සතුටුයි. (නි)
ඉෂාන් Monday, 25 February 2013 02:23 AM
බුදු හිමියන් වැඩසිටියේ ලංකාවේ මිස භාරතයේ නෙමෙයි කියලයි මම නම් කියන්නේ. (නි)
සරත් Monday, 25 February 2013 03:49 AM
නවතින්න මොහොතක් හිතන්න අප මේ ජීවත් වෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින පින් බිමකයි. පින් රැස්කරගන්න. (ස)
ලලිත් Monday, 25 February 2013 12:53 PM
යළිත් බුදුන් වැඩීමක් කවදා සිදුවේවිද? (නි)
ප්‍රභාත් Monday, 25 February 2013 07:13 AM
ගොඩක් පින් ඔයාලා සැමටම. (නි)
අනුරුද්ද Sunday, 24 February 2013 05:31 PM
සාදු!, සාදු! සාදූ!.(නදී)
රුහුණු Sunday, 24 February 2013 05:49 PM
මේවා දකිනකොට හිතේ සතුටට නෙතට කදුලු එනවා.(නදී)
යොහාන් Sunday, 24 February 2013 06:04 PM
යළි වැඩියා නොවෙයි.. උන්වහන්සේ හැමදාම හැම තත්පරයෙක්ම අපතුලට වැඩියා කියාලා අප කවුරුත් එක වගේ හිතනවානම් මෙ ධර්මද්වීපය කිසිදු අපරාධ රැල්ලක් සිදු නොවනු ඇත. සාදු.. සාදු.. සාදු,.!(නු)
ජයතිස්ස Sunday, 24 February 2013 07:37 PM
සාදු! සාදු! සාදු!(නදී)
තෙන්නකෝන් Sunday, 24 February 2013 08:31 PM
සාදු.., සාදු..,සාදු.(නදී)
රත්නායක Monday, 25 February 2013 11:08 AM
අර ඉෂාන්ගේ අදහසට මමත් එකගයි. බුදුන් ඉපදුනේ, වැඩසිටියේ, ධර්ම දේශනා කළේ ලංකාවේ මිසක් ඉන්දියාවේ නොවෙයි. සාදු.. සාදු... සාදු..(නදී)
අමිල Sunday, 24 February 2013 08:53 PM
සාදු.. සාදු.. බුදුගුණ දස අත පැතිරේවා..!(නු)
ගාමිණී Sunday, 24 February 2013 09:11 PM
මාතර පිංවතුන් කරන ලද මේ වටිනා පිංකමට ගොඩක් පිං අත්වෙනවා..!(නු)
ඒ.එම්.ටී. දමයන්ති Sunday, 24 February 2013 09:27 PM
සාදු සාදු සාදු මම පිංකමට සහභාගී උනා.. සැටම පිං සිදු වේවා.!(නු)
සම්පත් Monday, 25 February 2013 03:24 PM
සාධු...සාධු...සාධු... (දී)
කේ.ඒ.සංජීව Sunday, 24 February 2013 10:02 PM
සම්මා සම්බුදු සරණයි සාදු.. සාදු.. සාදු..!(නු)
පිටිගල Monday, 25 February 2013 12:01 PM
මෙවන් අභාග්‍යමත් කාලයක මෙවන් දෙයක්වත් බලා සියල්ලෝ සිත් පහන් කරගනිත්වා! (නි)