බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනින් පූජනීය වූ මහියංගන චෛත්‍ය රාජයා බෞද්ධ කොඩියේ වර්ණයෙන් ආලෝකවත් විය.
බුදුන්වහන්සේගේ කේෂ ධාතු හා ග්‍රීවා ධාතුව නිධන් කර ඇති මෙම සෑය ඉදිරිපිට දී මාතර බෝසත් පාරමී සංවිධානය පිංකම් රැසක්ම දහස් ගණනක් වූ බැතිමතුන්ගේ සභාගිත්වයෙන් පැවැත්වීය.
උරුලෑවත්තේ ධම්මරක්ඛිත මහියංගන රජමහා විහාරාධිපති නාහිමියන්ගේ සහභාගීත්වයෙන් කහගොල්ලේ සෝමවංස සහ වෙහෙරගල සද්ධාලෝක නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් බෝසත් පාරමී සංවිධානය පෙහෙවස් සමාදන් වීම්, අබතෙල් ආලෝක පූජාව, තෙසැත්තෑ ඥාන පූජාව, ලේ දන්දීම, තිස්සපුර ද්විතියීක විද්‍යාලයට පාසල් උපකරණ හා පොත් ප්‍රධානය, පවුල් 200කට වියළි සලාක පරිත්‍යාග කිරීම හා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම ඇතුළු පින්කම් රැසක් සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම කියනවනම් ලාංකික බෞද්ධ ජනයා හොඳ ගුණ යහපත් ආගම දහමට ලැදී අය. නමුත් අවාසනාවට බහුතරයක් අද මත්පැන්වලට ලොල්වී විනාශවෙලා. ශ්‍රී ලාංකික සැමට වාසනාවන්ත හෙට දිනක් පතමි. (නු)
මට හරිම සතුටුයි. (නි)
සාධු...සාධු...සාධු... (දී)
යළිත් බුදුන් වැඩීමක් කවදා සිදුවේවිද? (නි)
මෙවන් අභාග්‍යමත් කාලයක මෙවන් දෙයක්වත් බලා සියල්ලෝ සිත් පහන් කරගනිත්වා! (නි)
අර ඉෂාන්ගේ අදහසට මමත් එකගයි. බුදුන් ඉපදුනේ, වැඩසිටියේ, ධර්ම දේශනා කළේ ලංකාවේ මිසක් ඉන්දියාවේ නොවෙයි. සාදු.. සාදු... සාදු..(නදී)
ගොඩක් පින් ඔයාලා සැමටම. (නි)
නවතින්න මොහොතක් හිතන්න අප මේ ජීවත් වෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින පින් බිමකයි. පින් රැස්කරගන්න. (ස)
බුදු හිමියන් වැඩසිටියේ ලංකාවේ මිස භාරතයේ නෙමෙයි කියලයි මම නම් කියන්නේ. (නි)
සාදු!, සාදු! සාදූ!.(නදී)
සම්මා සම්බුදු සරණයි සාදු.. සාදු.. සාදු..!(නු)
සාදු සාදු සාදු මම පිංකමට සහභාගී උනා.. සැටම පිං සිදු වේවා.!(නු)
මාතර පිංවතුන් කරන ලද මේ වටිනා පිංකමට ගොඩක් පිං අත්වෙනවා..!(නු)
සාදු.. සාදු.. බුදුගුණ දස අත පැතිරේවා..!(නු)
සාදු.., සාදු..,සාදු.(නදී)
සාදු! සාදු! සාදු!(නදී)
යළි වැඩියා නොවෙයි.. උන්වහන්සේ හැමදාම හැම තත්පරයෙක්ම අපතුලට වැඩියා කියාලා අප කවුරුත් එක වගේ හිතනවානම් මෙ ධර්මද්වීපය කිසිදු අපරාධ රැල්ලක් සිදු නොවනු ඇත. සාදු.. සාදු.. සාදු,.!(නු)
මේවා දකිනකොට හිතේ සතුටට නෙතට කදුලු එනවා.(නදී)