කාන්තාවකගේ හිස් කබලෙහි අසාමාන්‍ය අස්ථි වර්ධනයකින් මොළයේ පටලයකින් හටගත් ගෙඩියක් සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු සමත් විය. මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී. ලෙස්ලි සිරිවර්ධන මහතා මේ සැත්කම රෝහලේදී කෙළේය. පෞද්ගලික රෝහලක ඒ සැක්කමට අයකරන ගාස්තුව රුපියල් ලක්ෂ හත හමාරකි. හිස් කබලේ දකුණු පැත්තේ ඇති වූ වර්ධනයෙන් නළලේ කොටසක් ඉදිරියට නෙරා ඇවිත් තිබිණි. දකුණු ඇසට ද වේදනාවක් ඇති විය. දෙදරු මවක වන ඇය වසර හතරක්ම දුක් වින්දාය. පල්ලේ බැද්දේ කේ.ජී. චන්ද්‍රාවතී (52) මහත්මියගේ සැමියා ද අසනීපයෙන් සිටියි. පැය අටක සැත්කමකින් පසු දවසක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඇය දැන් වාට්ටුවකට යවා ඇත.
සැත්කමට මුදල් සොයා ගැනීමට ටිකට් මුද්‍රණය කරන්නට සැරැසී සිටියදී දොස්තර සිරිවර්ධනට මේ පුවත සැලවිය. හිස් කබලෙන් ඉවත් කළ ඇට කැබැල්ල වෙනුවට සෙ.මී. 5 X 5 ක ටයිටේනියම් කැබැල්ලක් යොදා සැත්කම කැරිණි. චන්ද්‍රවතී මහත්මියට පැවැසුයේ ඒ සඳහා අවශ්‍ය වූ ඇණ අටක් මිලට ගැනීමේ මුදල වූ රුපියල් 12000ක් පමණි ටයිටේනියම් යනු බර අඩු මළ නොබැඳෙන ඉතා සැහැල්ලු ලෝහයකි.
තම ගුරුවරයා වන විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර සුනිල් පෙරේරාගෙන් ලත් පුහුණුව දොස්තර සිරිවර්ධන සිහිපත් කරයි. අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සැත්කම සාර්ථකව නිම කළ බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වෛද්‍යවරුන් අතර වීරයෙක්. (නි)
මෙවැනි දේවල් මුලු ලෝකය පුරාම ප්‍රසිද්ධ වියයුතුයි. (නි)
උතුමාණෙනි, ඔබට පින්! (නි)
ඔබ වැන්නන් අගය කළ යුතුයි. (නි)
සුභ පැතුම් ඩොක්ටර්! (නි)
මුදිත ඔබ හරි. ලෙඩ්ඩු දාහක් හොඳ කලත් එක ලෙඩෙක් මළොත් ඔක්කොම ඉවරයි . මිනිස්සු තමන්ට ලැබෙන තොරතුරු අධයනය නොකර කෙලින්ම නිගමන වලට එළඹෙනවා. මාතර අත කපපු එකේදී එක හරිගියා. පොල්ගෙඩි 8 කතාවේදී එක හරිකියන්න බෑ . එම් ආර් අයි කතාවේ සත්‍ය තවම හරියට දන්නා කෙනෙක් නැහැ. නමුත් පාඨකයෝ ඒවාට බැනලා අපහාස කරලා ඉවරයි .(නදී)
ඔබට පින්. තව දෙයක් මේ පිටුපස මෙතුමා වගේම තව වෛදයවරු ඉන්නවා. ඒ අයවත් අමතක කරන්න එපා. සල්ලි හඹා යන ලොවක ඔබලා ගුනවත්.(නදී)
ඔබනම් දෙවියෙක්.(නදී)
ඔබ තුමාට ගොඩක් පින්. වැරදි වීම ස්වභාවිකයි. යම් අත්වැරැද්දක් සිදුවූ විට එයටත් සාධාරණ විනිස්චයක් දීමට අප නම්‍යශීලී විය යුතුයි.(නදී)
මෙතරම් දක්ෂ දොස්තරවරු සිටියදී අතක් කැපීම පුදුමයක් නේද? ඔබ තුමාට දිර්ගායු පතනවා.(නදී)
ඔබතුමාට හද පිරි ස්තුතිය.(නදී)
ඉතා උසස් ක්‍රියාවක්. ඔබට ත්‍රිවිද රත්නයේ සරණයි.(නදී)
මෙතුමාට මගේ හද පිරි උත්තමාචාරය. අති විශිෂ්ට කාර්යයක්.(නදී)
වෛද්‍යතුමනි නියමයි!(නදී)
ජීවකයනි, මාගේ හද පිරි උත්තමාචාරය! (නි)
ඔබ වැනි උත්තම මිනිසත් දෙවිවරුන් දුප්පත් මිනිසුන් වෙනුවෙන් යළි යළිත් ඉපදේවා! (නි)
වැරදි දේවල් කලාම ගල් වගේම හොද දේවල් කලාම මල් පුදන්නටත් ලංකාවේ මිනිස්සු ගුණයහපත්. ඔබ තුමා මෙළොවට බිහිකළ දෙමිවිපියන් ඇතුලු පවුලේ සැමටම තෙරුවන් සරණයි.(නදී)
ඔබ කළ විශිෂ්ට කාර්යයට ජය වේවා!(නදී)
ඔබට ශක්තිය ධෙර්යය සහ දීර්ඝායුෂ ලැබේවා.(නදී)
වැඩේ හරි ගිය නිසා හොදයි. (නි)
මෙන්න මිහිපිට ජීවත්වන දෙවිවරු. වෛද්‍යතුමනි ඔබ නම් දෙවි කෙනෙක්.(නදී)
ඔබට සුභ පතනවා..! (නු)
ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය මේ දවස් වල හොද නරක අතරේ දෝලනය වෙනවා (දී)
ශල්‍ය වෛද්‍යවරයානෙනි, අවශ්‍ය නිසි පහසුකම් නොමැතිව පවා මෙවැනි සැත්කමක් සාර්ථකව කිරීමට ඔබ දැරූ උත්සාහය සහ ඔබේ ධෛර්ය්‍ය ඉතාමත් අගය කරමි. මගේ ප්‍රණාමය සහ සුබ පැතුම්.(නදී)
ඔවුන් දෙවි වරු (දී)
වෛද්‍යාවරයා විශිෂ්ටයි, ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ හතක මුදලකට පෞද්ගලික රෝහලක කරන සැත්කමක් රජයේ රෝහලක එයින් අඩකින්වත් කරන්න හැකියාවක් නැද්ද? නැතිනම් පහසුකම් නැද්ද? කොහොම වුනත් මේ රටවල් එක්ක ගනිද්දි අපේ රජයේ වෛද්‍යසේවය විශිෂ්ටයි.(නදී)
බොහෝ රෝහල්වල වෛද්‍යවරු තියෙන පහසුකමි යටතේ හොද සැත්කම් කරනවා. ඒවා අඩුම ගානේ සතියකට වරක් වත් මාධ්‍යෙය් පලවෙන්නේ නැහැ.(නදී)
වැඩේ දැනට හරි නිසා ජනමාධ්‍ය මෙම විශ්වකර්ම වැඩ වර්ණනා කරයි. වැඩේ වැරදී ලෙඩා මළා නම්? එවිට පත්තරේ මුල් පිටුවේ මෙවැනි හෙඩිමක් ලොකු අකුරෙන් පළ වනු ඇත. "නිසි පහසුකම් නොමැති ශල්‍යාගාරයක කරන්නට ගිය සැත්කම නිසා දොස්තර තවත් ජීවිතයක් බිලිගනී" අනුකම්පාව භූමි කම්පාව වන්නේ එවිටය..
ලක් මෑනියන්ට මිණි පහනක් වේවා! ඔබගේ දක්ෂකම් මොහොතින් මොහොත වැඩි දියුනු වේව!(නදී)
රාජ්‍ය වෛද්‍ය සේවය සැමදා දිනේවා ! (නි)
ගරු දොස්තර මහතා වෙත ඔඹ තුමාට සහ ඔඹේ සහකාර මණ්ඩලයට දෙවි පිහිට ලෙබෙවා යි ප්‍රර්ථනා කරමි (දී)
විශ්මිතයි (දී)
හොද වැඩක්. සියළු දෙනාට ප්‍රනාමය.(නදී)
සුදල් පසුපස හඹා යන නාගරික වෛද්‍යවරුන්ට මෙය හොද ආදර්ශයක්. අපේ ගෞරවය ඔබට පිරි නමමි.(නදී)
මේ වෛද්‍යතුමාට මගේ උපහාරය! හැබැයි, එතුමා පැවසු පරිදි "අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සැත්කම කිරීමට" සිදුවීම ගැන කණගාටුවෙමි. මන්ද, මෙවැනි අවස්ථාවලදී කෙරෙන සෑම සැත්කමක්ම සාර්ථක නොවන හෙයින්. බලධාරීන් මේ පිළිබඳව කටයුතු කරත්වා!(නදී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)
නියමයිනේ. (නි)
වෛද්‍යතුමනි, ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා! (නි)
ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
විශ්වකර්ම වෙදැදුරන් සිටියත් ලක් දෙරණේ දහසින් බැදි පියලි නැතුවා සිත් සතොසේ දනු දිනු විකුම් ගැයෙනා හඩ සිත් අඩියේ දිනු ලක්මවුන් පුතුන් අගයමි නිබදවනේ... (නි)
මෙවැනි සිදුවීම් ගැන අහද්දී හිතෙනවා මනුෂ්‍යත්වයේ ජීවකයින් තවමත් අප අතර ඉන්නවා කියලා. (නි)
මෙන්න වෙදැදුරුතුමාට මල් මිටක්. (නි)
ඔබ කළ විශිෂ්ට කාර්යයට ස්තූතියි! (නි)
මේ දොස්තර මහතාට අපේ කට්ටිය ලෙඩක් නොදැම්මොත් බොහොම පින්. (නි)
සාර්ථකව සැත්කම නිමකළ ඔබට අපේ ගෞරවය ! (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
ඔබට දෙවි පිහිටයි වෛද්‍යතුමනි. (නි)
මෙතුමාගේ අනාගත වෛද්‍ය දිවියට සුභ පැතුම්! (නි)
ඔබටත්, රෝගියාටත් තෙරුවන් සරණයි! (නි)
ඔබවැන්නන් මතු බුදුවීමට පෙරුම් පුරන්නන් වියයුතුයි. (නි)
දොස්තර මහත්තයාට මල් තියලා වදින්න ඕනෑ. (නි)
පහුගිය දවස්වල, මාතර රෝහලේ වාර්ථාව තරම් ප්‍රසිද්ධ නැහැනේද? (නි)
මෙන්න මේ අය තමයි ජීවකවරු කියන්නේ. (නි)
සිරිවර්ධන දොස්තර මහත්තයා, අපට ආඩම්බරයි. ඔබට ජය!(නදී)
හැදූ වැඩූ සැමටත්, ඔබටත් නිවන්දැකීමට මේ පින් හේතුවේවා!.(නදී)
දෙවියන් වැනි මෙවන් වෛද්‍යවරුන් තව තවත් බිහිවේවා! (නි)
ඔබට බුදු බව ලැබේවා! (නි)
දොස්තර මහතා බුදුවේවා! (නි)
ඔබතුමාට මෙවැනි සැත්කම් තවත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මෙන්න දෙවිවරු. (නි)
මෙවන් වෛද්‍යවරුන්ට මල් තියලා වදින්න ඕනෑ. (නි)
ඔබ නම් දෙවියෙක්. (නි)
මෙවන් මහත්වරුන් තව බොහෝ ගණනක් අපේ රට තුළ ඉපදේවා! (නි)
ඔබ මතු බුදුවේවා! (නි)
දෙවියන් සරන්නෙත් අප අතරමය. වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන එවන් අයෙකි. (නි)
ඔබතුමාට සහ උදවු කළ සියල්ලන්ටම ත්‍රිවිධ රත්නයේ සරණයි! (නි)
මිනිසුන් අතර ඔබ දෙවියෙකි. ඔබතුමාට දීර්ඝායු! (නි)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සාර්ථකව නිම කළ සැත්කම හදිසියේවත් වැරදුණා නම්? (නි)