2013 රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉයුමනයිඩ්ස් නාට්‍යය සුදුසුකම් ලබා ඇත. ශ්රී ලංකා නාට්‍ය ඉතිහාසයේ පාසල් නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උළෙලක අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පාසල් නාට්‍ය උළෙලේ ග්‍රීක හා සේක්ෂ්පියර් සිංහල නාට්‍ය අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ ද මහින්ද විද්‍යාලයයි. ග්‍රීක නාට්‍යකරුවකු වූ ඊස්කිලස් විසින් ලියන ලද මෙය ආරියවංශ රණවීරගේ පරිවර්ථනයකි.
නාට්‍යයේ නිෂ්පාදන කළමණාකාරීත්වය සහ සහය අධ්‍යක්ෂණය මහින්ද විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වූ රේණුකා වන්නිආරච්චි විසින් සිදුකරන අතර සවුත්ලන්ඩ්ස් බාළිකා විද්‍යාලයේ රණසිංහ අධිකාරී අධ්‍යක්ෂවරයාය. ජගත් පද්මසිරි අංග රචනය සහ ඇඳුම් නිර්මාණය කරයි. පසුතල නිර්මාණය චිත්‍රකලා ගුරුවරයා වන සරත් වීරසිංහගෙනි. සංජීවන් ගුණතිලක සංගීත නිර්මාණය කරයි. ආලෝකය වසන්ත කුමාරගෙනි.
නාට්‍ය නිර්මාණ අතර රඟ දැක්වීමට ඉතා අසීරු නාට්‍යයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ඉයුමනයිඩ්ස් නාට්‍යය නිර්මාණය කැර ඇත්තේ ඉතා සුළු වශයෙනි. නළු කැල පනහකට අධිකය. නිළියන් ගාල්ල සංඝමිත්තා හා සවුත්ලන්ඩ්ස් දෙවිදුහලෙනි.
පෙබරවාරි මස 16 වැනි දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් තරඟ වටය වෙනුවෙන් වේදිකාගත වන මෙම නාට්‍යය පෙබරවාරි 11 දා සවස 2.30 ට සහ 6.30 ට පාසල් සිසුන් සහ ගාල්ලේ වැසියන් ඉදිරියේ රඟ දැක්වීමට ද නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දේ තමයි ඉස්කෝලේ ...සුබ පැතුම් (ස)
සුබ පතනවා! අවසන් තරඟය ජය ගැනීමට හැකිවේවා! (ස)
ලොව විහිදී සිටින මහින්දයේ ආදි සිසුන් වන අප ලංකාදීපයේ මේ පුවත දැකීමෙන් සතුටින් ඉපිළගොස් ඇත. (ස)
මහින්දය කොහොමත් ඔහොමමයි ..(ස)
මගේ පාසලේ සහෝදරියනුත් මෙයට සහභාගීවීම ගැන ගොඩක් සතුටුයි. සැමටම සුබ පැතුම් (ස)
ඔබේ නිර්මාණයට අපේ සුබපැතුම් මහින්දීයයකු වීම ආඩම්බරයකි. (ස)
ආදී මහින්දීයකු වන මාගේත් ඔස්ට්‍රලියාවේ මහින්ද රිච්මන්ඩ් ආදී සිසු සංගමයේත් උණුසුම් සුබ පැතුම් (ස)
සවුත්ලන්ඩ්ස් ආදි ශිෂ්‍යාවක් විදියට ඉතා සතුටුයි.ඉදිරියටම යන්න සුබ පතනවා. (ස)
ජය ම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මහින්දියෙක් වීම ආඩම්බරයි. (ස)
මම රිච්මන්ඩ් . ඒත් අපේ සහෝදර පාසලක් හිමිකර ගත් මේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙනවා (ස)
රිච්මන්ඩ් ආදිසිසුවකු වශයෙන් මහින්දයේ ජයග්‍රහනයට හද පිරි සුබ පැතුම්. ආඩම්බරයි අපටත්. (ස)
මම ශාන්ත අලුවීෂියස් විද්‍යාලයේ. අපි මහින්දීයන්ගේ දක්ෂතාවය ඉතා ඉහළින් අගය කරනවා. ඉදරියටම යන්න. (නි)
මහින්දේ තමයි ඉස්කෝලේ (ස)
මහින්දේ කොල්ලන්ට මගෙන් උණුසුම් සුබ පැතුම් (ස)
අවසන් වටය ජය ගන්නට මගෙනුත් සුබ පැතුම්. ගාල්ලේ අපිට අපේ නංගිලා ගැන ගොඩක් ආඩම්බරයි. තව තව ජයග්‍රහණ ලබා ගන්නට ඔයාලට මගෙන් සුබ පැතුම්. (ස)
උණුසුම් සුබ පැතුම් මලියදේව පිරිමි විදුහල (ස)
දකුනේ විතරද කොල්ලෝ ඉන්නේ.(නදී)
නුවර ධර්මරාජයේ අපෙන් මහින්දයට හද පිරි සුභ පැතුම්! (නි)
සුභ පැතුම් අපෙන්! (නි)
විදුහලේ විදුහල්පතිතුමාට නාට්‍ය භාර ගුරුතුමියට අපගේ ප්‍රණාමය! විදුහලක අධ්‍යාපන පමණක් දියුණු වුණාට වැඩක් නැත. කලාව ක්‍රීඩාව දියුණු කළ යුතුය. (නි)
මේ නාට්‍යය හරිම ලස්සනයි. මම මහින්දීයයකු වීම ආඩම්බරයකි. (ස)
ගාල්ලේ ළමුන්ගෙන් තවත් හොඳ වැඩක්. අපේ සුබ පැතුම් .... !(ස)
සුබ පැතුම් ! (ස)
අපි සුබ පතනවා අවසන් තරඟය ජය ගැනීමට හැකිවේවා කියා. ඔබ දකුණට ආඩම්බරයක් (ස)
ඡායාරූප වලින්ම කියන්න පුලුවන් නාට්‍යය ලස්සන බව. (නි)
ශ්රී ලංකා නාට්‍ය ඉතිහාසයේ තවත් පියවරක් ඉදිරියට තැබූ ඔබ සැම දකුණේ අපට ආඩම්බරයක්. අවසාන වටයේ ජයග්‍රහණ කරා යන්නට ඔබ සැමගේ දස්කම් මුළු මහත් ශ්‍රී ලංකාවටම රඟ දක්වන්නට ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබේවා! (නි)
ගාල්ලේ කොල්ලනේ, උඹලාට ජයම හිමි වේවා! (නි)
කවදත් අපි ඉදිරියෙන්,,,මහින්ද පුරානය , සුබ පැතුම්(ස)
මට නම් මේ මාතෘකාව තේරෙන්නෙ නැහැ. (නි)
සුබ පැතුම්!(නදී)
වැඩේ හොදයි! මේ ගැන තව ටිකක් හිතලා බැළුවනන් හොදයි නේද?(නදී)
දකුනේ මිනිස්සු කොහොමත් දක්ෂයිනේ. මම දකුනේ කෙනෙක් හැටියට ආඩම්බර වෙනවා. දරුවනේ ඉදිරියටම යමු.(නදී)
මම මහින්දීයකු වීම ආඩම්බරයකි! (නි)
ආදි මහින්දයෙකු ලෙස ආඩමිබර වන අතර මේ අභියෝගයට මුහුණදීමට අපේ පුතුන් සමග අත්වැල් බැදගත් සවුත්ලන්ඩි සහ සංඝමිත්තා දියණියන්ට සහ ගුරුවරුන්ට ස්තුතිය පුද කරමි.(නදී)
කොහොම වුනත් දැන් රටට අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණ. මොකද මිනිසුන්ගේ හිත් ගොඩක් දූෂණය වෙලා. මතකනේ නිදහසින් පස්සේ 60-70 දශකවල බිහි වුණු කලා කරුවන් රටට ලොකු සේවයක් කළා. තාමත් අපි ඒවා රසවිදිනවා. ඒ අයගේ ආභාෂයත් අරන් ඉදිරියට යමු. සුබ ගමනක් ඔබ සැමට. (ස)
මට ගොඩක් සතුටුයි මහින්දය ගැන. ඉදිරියටම යන්න. සුබ පැතුම් (ස)
මම මහින්දීයයකු වීම ආඩම්බරයකි. (ස)
සුබ පැතුම්.. (ස)