ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා රටට හා විදුහලට සේවයක් කළ ආදි සිසුනට උපහාර දැක්වීමට මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව වාර්ෂිකව සංවිධානය කරන උත්සවය කොළඹ 07 කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී ලබන ඉරිදා (3) පැවැත්විමට නියමිතය.
මෙවර උපහාර දැක්වීම උදෙසා කිර්තිමත් මහින්ද ආදී සිසුහු හය දෙනෙක් තෝරාගනු ලැබ සිටිති. ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන , ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ,සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, යුද හමුදාවේ මේජර් ජනරාල් ලසන්ත වික්‍රමසුරිය, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් කාරියවසම් මහත්වරු ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්.(නදී)
මේ අය සියළු දෙනාම හොඳ තනතුරුවල ඉන්න අය. නරකද ඔක්කොම එකතු වෙලා මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත දුප්පත් කෙනෙකුට උදව් කලානම් (ස)
හැදිච්ච අය ගානට වඩා හැදෙන්න ඉන්න අය ගැනත් බලන්න ආදි ශිෂ්‍යයිනේ. (නි)
අනේ ඉතින් අපි මොනවැයි කියලා ලියන්නද? (නි)
අපෙනුත් සුභපැතුම් (දී)
අපි ඔක්කොම එකතු වෙලා මහින්දෙ ජනප්‍රියම ඉස්කෝලෙ කරන්න ඕනෑ. (නි)
ඔය ලැයිස්තුව තෝරා ගත්තේ කොහොමද? (නි)
මෙවන් කීර්තිමත් ආදි සිසුන් අපි භක්ති පුෂ්ප වලින් පිදිය යුතුයි. (නි)