ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා රටට හා විදුහලට සේවයක් කළ ආදි සිසුනට උපහාර දැක්වීමට මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව වාර්ෂිකව සංවිධානය කරන උත්සවය කොළඹ 07 කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී ලබන ඉරිදා (3) පැවැත්විමට නියමිතය.
මෙවර උපහාර දැක්වීම උදෙසා කිර්තිමත් මහින්ද ආදී සිසුහු හය දෙනෙක් තෝරාගනු ලැබ සිටිති. ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන , ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ,සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, යුද හමුදාවේ මේජර් ජනරාල් ලසන්ත වික්‍රමසුරිය, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් කාරියවසම් මහත්වරු ඔවුහුය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහින්දේ හයකට උපහාර
අසරසේන Friday, 01 March 2013 09:27 AM
සුභ පැතුම්.(නදී)
තුෂාර Thursday, 28 February 2013 03:00 PM
මේ අය සියළු දෙනාම හොඳ තනතුරුවල ඉන්න අය. නරකද ඔක්කොම එකතු වෙලා මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත දුප්පත් කෙනෙකුට උදව් කලානම් (ස)
රුවන් Thursday, 28 February 2013 09:43 PM
හැදිච්ච අය ගානට වඩා හැදෙන්න ඉන්න අය ගැනත් බලන්න ආදි ශිෂ්‍යයිනේ. (නි)
රණා Thursday, 28 February 2013 03:53 PM
අනේ ඉතින් අපි මොනවැයි කියලා ලියන්නද? (නි)
ගම්පහ කොල්ලා Thursday, 28 February 2013 04:00 PM
අපෙනුත් සුභපැතුම් (දී)
අනූෂ් Thursday, 28 February 2013 04:10 PM
අපි ඔක්කොම එකතු වෙලා මහින්දෙ ජනප්‍රියම ඉස්කෝලෙ කරන්න ඕනෑ. (නි)
කුමාර Friday, 01 March 2013 07:23 PM
ඔය ලැයිස්තුව තෝරා ගත්තේ කොහොමද? (නි)
ශාන්ත Thursday, 28 February 2013 07:04 PM
මෙවන් කීර්තිමත් ආදි සිසුන් අපි භක්ති පුෂ්ප වලින් පිදිය යුතුයි. (නි)