මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකිකයනට තම පක්ෂයේ රජයක් යටතේ රැකවරණ නොදෙන බවත්, ඔවුන් නැවත හරවා එවන බවත් ඕස්ට්‍රේලියා විපක්ෂ නායිකා ජුලී බිනෙත් ත්‍රිකුණාමලයේ පුවත්පත් සාකච්ඡාවකදී කීවාය.
ඕස්ට්‍රේලියා රජය දැන් ක්‍රියාත්මක කරන්නේ ද මේ පිළිවෙතයි.
නැගෙනහිර පළාතේ සංවර්ධන වැඩ ගැන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ විපක්ෂ නායකවරිය එලෙස පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස් මහත්තයා මං එංගලන්තයට ආවෙ නිකං නෙවෙයි මගේ ගේ 83 දී පුච්චලා මඟේ තාත්තට කොල්ලුපිටියෙදී පණ පිටිං ගිනි තිබ්බ නිසා.. ඒකෙ අමාරුව තියෙන්නේ මට ඔබතුමාට නෙමෙයිනේ..!(නු)
83 බාල වැඩ කලේ අවස්ථාවාදීන් පිරිසක්.. මේකෙක් වැඩිපුරම හානි උනේ සිංහලයන්ට.. (නු)
මමත් එහෙම කෙනෙක් ගැනනම් අහලා නැහැ.. ඒ උනත් ජූලි බිෂොප් කියලා කෙනෙක් නම් ඉන්නවා.. එයා තමයි ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය විපක්ෂ නායකියාව.. ඒ කියන්නෙ ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව..!(නු)
ඔය රට ලොකුයි නේ . යන්න ගිහින් එහෙනුත් පුලුවන්නම් කෑල්ලක් කඩා ගන්න බලන්න . (ස)
ඒක හොඳයි (නි)
ජූලී බිෂොප් , නියොජ්‍ය විපක්‍ෂ නායිකා (ස)
මොන තරම් සැප පහසුකම් තිබුණත් මොනවා හම්බ උනත් නීති විරෝදී දේ ඕනෙම නැහැ.. නීති කඩකරන අයට දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
ඉසුරන්දි මොකද දෙබිඩි පිළිවෙතක් ?? හරියට නරියා මිදි ඇඹුලයි කිව් කතාව වගේ (ස)
ලියෝන් මහත්තයා අවස්තාවාදීන් බාල වැඩ කරන කාලේ කවුරුවත් උද්ඝෝෂණයක්වත් කරලා විරෝධතාවයක් පැවැත්වුවෙ නැහැ..!(නු)
වෙන පාරක් හොයාගන්න වෙයි වගේ. (නි)
පර්ල් වරායට දාපු බෝම්බෙ ගැන හිරෝෂිමාවට බෝම්බ ගැන ලෝක යුද්දෙ ගැන ඇමරිකාව ජර්මනිය ජපානෙ සෑම වසරක් පාසා ඒ ඒ ආණ්ඩු සමාව අයදිනවා.. 83 ගැන කවුරුවත් කණගාටු උනේ නැහැ..!(නු)
දාස මහත්තයෝ .. සිංහල අයත් දැන් දැන් දෙමළ නම් වලින් මෙහේ සරණාගත ආදාර පතනවා (ස)
සිංහල අයත් දෙමළ නම් වලින් පෙනී සිටිමින් සරණාගතයන් ලෙස රැකවරණ ඉල්ලනවා. බලන්නකෝ ඒකෙත් හැටි (ස)
ලෝකයේ හුගක් රටවල් අතීතයේ වුණ සිදුවීම් වලින් පාඩම් ඉගෙනගත්තත් ලංකාවේ නම් එහෙම කරන බවක් පෙනෙන්න නැහැ. (නි)
දන දැනත් අමාරුවේ වැටෙන්නේ ඇයි (දී)
පද්මා, ජාති බේදයක් අද අපේ රටේ නැහැ. ඒවා ඇති කළේ අන්තවාදි කොටස්. ඒ අය එංගලන්තයෙත් ඉන්නවා,ලංකාවෙත් ඉන්නවා,ලෝකයෙ අනෙක් රටවලත් ඉන්නවා. ඒ අයගෙන් දමිළ ජනතාව බේරාගෙන නියම මාර්ගයේ ගෙනයාම ඔයාගෙත් වගකීම පද්මා. ඔයාගෙත් මගෙත් මේ පුංචි රට රැකගැනිම අපි දෙන්නාගෙම යුතුකමක්. ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න. අපි එකම ජාතියයි. ඒ ශ්‍රී ලාංකිකයොයි. (නි)
ඉදිරියේදීත් මෙලෙසම නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
එහෙනම් අපි ගුවනින් එන්නන්කෝ. (නි)
ස්තූතියි. (නි)
අයියෝ අපි හිතුවා චාන්ස් එකක් ලැබෙයි කියලා (ස)
මමනම් හොරෙන් තියා නියම විදියටවත් මුහුදෙන් කොහෙටවත් යන්නේ නෑ. නිකන් මොකටද ඉල්ලන් කන්නේ (ස)
මේ නීති හැමදම පවතින්න ඕනේ (දී)
එක හැමෝගෙම ආරක්ෂාවට හොදයි (දී)
අතුල මහත්තයෝ, විජය රජතුමත් මුහුදෙන් ඇවිත් තමයි ලංකාවම අල්ල ගත්තේ (ස)
කොහොමත් බුරුලක් දෙන්නත් එපා, අල්ලලා මෙහෙට එවන්නත් එපා. මේ රටට ලොකුම පිලිල තමයි ඔය බෝට්ටු වලින් එන්නේ ඔහෙට. ඔහෙත් විනශ කරලා කාලා දායි මෙයාලා. ඒක නිසා අල්ලන්න එපා පුලුවන්නම් ගිල්ලලා දාන්න...එතකොට ඔය පිලිල මේ ලස්සන රටට නැතිවෙයි (ස)
අපිටත් කවදාහරි අපේ වැදි ජනතාව මෙහෙම කියයිද දන්නෙ නැහැ. (නි)
මෙයාලා දැන් මෙහෙම කියනවා . හොර සුද්දො ගිහින් රටවල් අල්ල ගත්ත එකට මොකද කියන්නේ (ස)
ඒ වුණාට මේ ගොල්ලොත් ඒ කාලේ යුරෝපයේ සිට ඔහේට ආවේ මුහුදෙන් නේද? (නි)
මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ රටින් පිටතදී වුණත් රට වෙනුවෙන් කතා කිරීම අනෙක් අයටත් හොද ආදර්ශයක්. (නි)
අනිවාර්යෙන්ම වියයුතු දෙයකි. කලින් විදේශ රටවල රැකවරණය පතාගියවුන් අප රටේ ජීවත් වෙන්න බැහැ කියලා බොරු දේශපාලන රැකවරණ ලබාගත් අයයි. නිවාස, නොමිලේ දීමනාවල්, දරුවන්ට අධ්‍යාපනය, දරුවන් ප්‍රමාණය අනුව දීමනාවල් වල වැඩිවීම ආදී නොයෙකුත් ප්‍රතිලාභ ලැබුවෝ වෙති. නමුත් පවතින රජයට අප ගරු කළයුත්තේ පොදු සතුරාවන ප්‍රභාකරන්ගෙන් රට බේරාගත් නිසාවෙනි. වෙනත් දේශපාලන පක්ෂ, රජයවල් වලටත් වුවමනා වුණත් විදේශ බලවේග හමුවේ දණ ගැසූහ. සාම ගිවිසුම් වලට අප රට බලෙන් ඇතුලු කළහ. ආයුධ නැවු ගණන් ලංකාවට ඒ කාලයේ ගොඩබෑවේය. නියම පරම සත්‍ය එයයි. ත්‍රස්තවාදයෙන් තොර රටක ජනතාවට දේශපාලන රැකවරණ පැතිය නොහැක. අපේ පුංචි මුතු ඇටය වෙනුවෙන් එදත් අදත් හෙටත් අපි කැපවී සිටිමු. අපේ දහදියෙන් එවන රන් කහවනු අපේ රටට හොද අනාගතයක් වේවායි අපගේ අහිංසක පැතුමයි. (නි)
කවුද මේ ජුලී බිනෙත්? අදමයි ඇහුවෙත්. ඕස්ට්‍රේලියා විපක්ෂ නායකයා නම් ටෝනි ඇබට්. (නි)
පාර්වතී ඔයා කියන්නේ සිංහල අයත් බෝට්ටු වලින් ආපු අය කියලද ?? මමනම් ඕවා දන්නේ නෑ සිංහලයෝ සිංහයෝ.... (ස)
ටික දවසකට කලින් ඕස්ට්‍රේලියා ආණ්ඩුවෙන් නියෝගයක් ගෙන ආවා. ඒකේ තියෙන දේමයි විපක්ෂයත් කියන්නේ....අපේ අය නම් එහෙම කරයිද ? (ස)
ඒ රාටේ ආණ්ඩුවෙන් කියන දේම තමයි විපක්ෂය කියන්නෙත්. කොහොමද සමගිය (ස)
මිනිසුනේ කොටි යුරෝපෙ රුකවරණ ලැබිච්ච එක ගැන අද අපි කතාකරන්නේ අපේ රටේ 83 සිදුවූ දේවල් නිසා එවන් දේ නැවත සිදුනොවීමට වග බලා ගමු..!(නු)
මේ දේශප්‍රේමීන් 83 දී දෙමල සංහාරයක නොකරානම් ඔය රටවල් අද මේ තරම් අපට කෙනෙහිලිකම් නොකරනු ඇත. අනාගතේ මෙවන් දේ නොවීමට වග බලා ගැනීම අපේ යුතුකමයි..!(නු)
දාස මහත්තයෝ ඔබ කියන දේ ඇත්ත. ඒත් 83 දි අපිත් කරේ සවුත්තු වැඩක් නේද ? (ස)
දමිලයන් ලංකාව හඅරදා යුරෝපයට පලාගෙස් බොරු කීම ගැන ඔයාලා අකමැති උනාත් 83 සංහාරයක් නොවුනනම් එයාලට යුරෝපෙ දොරවල් අදටත් වැහිලා..!(නු)