පසුගියදා පැරීසියේ දී අපවත්වී වදාළ මහාචාර්ය කොස්ගොඩ සෝභිත හිමියන්ගේ තෙමස් පූර්ණ පින් අනුමෝදනාව තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විල්නෙව් සෙන්ට් ජෝර්ජ් විහාරස්ථානයේදී විශාල දායක පිරිසකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 17 වැනි ඉරුදින පැවැත්විණි. අපවත්වී වදාළ කොස්ගොඩ සෝභිත හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම හා සමරු ඵලකය නිරාවරණය පෙරදින සිදුවිය. ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් බෞද්ධ විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර බෞද්ධ විහාරාධිපති හල්යාලේ විමලරතන හිමි, ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර බෞද්ධ විහාරවාසී කරුවලගස්වැව අනුරුද්ධ හිමි හා කාම්බෝජ්, බුරුම භික්ෂූහු පින්කමට වැඩ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපවත් වී වදාල කොස්ගොඩ සෝහිත හිමියන්ට නිවන් සුව අත්වේවා!(නදී)
ලංකාදීප කියන නම පින්තූරේ මැද්දට නොදා අයිනෙන් දැම්මා නම් පින්තූරේ ඉතා පැහැදිලියි. (නි)