වසර තුනක් තිස්සේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් වංචා කරමින් සුපිරි හෝටලවල කල් ගත කළ දැව ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයෙක් මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ගලගම ඒ සමරසේකර මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ක් කරනු ලැබීය.
කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන එසේ ඉදිරිපත් කැරුණේ මහනුවර වතුලියද්ද උඩුවෙල ඩබ්ලිව් බී නිමල් වික්‍රරත්න (46) නම් පුද්ගලයාය.
ඔහු මාවනැල්ලේ ව්‍යාපාරියකයකුට පමණක් රුපියල් දෙකෝටි විසි නම ලක්ෂයක් වංචා කර ඇතැයි කෑගල්ල පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහුට විරුද්ධව පැමිණිලි 61ක් ඇතැයි ද, කුරුණෑගල, මාතලේ, මහනුවර, කෑගල්ල ප්‍රදේශවලින් තවත් වංචා සිදු කර ඇති බව පෙනේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
දැව සංස්ථාවට ද රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වංචාවක් කර ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන පරීක්ෂණ පවත්වයි.
සුපිරි පන්තියේ අති සුඛෝපබෝගී වාහනයක ගමන් කරන ඔහු කුරුණෑගල සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ බිරිය ළඟ රුපියල් තිස් ලක්ෂයකට අධික මුදලක් තිබෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අන්අයගේ චෙක්පත් ව්‍යාපාරිකයනට දී මාරු කැර ගැනීමෙන් ඔහු මේ වංචාව කර ඇතැයි පොලීසිය කියයි.
කෑගල්ල පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඩබ්ලිව් එම් ඒ ගෆාර් පොලිස් සැරයන්වරුන් වරුන් වන 17224 ආරියරත්න, 53674 කුමාරතුංග , 24571 ජයතිස්ස, කාන්තා පොලිස් සැරයන් 711 සුදර්මා ජයලත් සහ පොලිස් කොස්තාපල් වන 11030 අශෝක මහත්වරු පරීක්ෂණ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉන්නවාද මෙහෙම අය (දී)
පාඩම් ඉගෙනගන්නෙ නැති අපේ ජනතාවට හොද වැඩේ. (නි)
දැන් කන්න වෙන්නේ කල්දේරම් බත් තමයි (ස)
බුදු අම්මෝ! මෙච්චර ගාණක්? කජු ඇටද? කොස් ඇටද? (නි)
මේ ව්‍යාපාරිකයා පොඩි ගණන් වලින් ගණුදෙනු කරන්න අකමැති ඇති. (නි)
කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත් මොකටද, අසාධාරණ අයුක්ති සහගත විදිහට හම්බ කරලා. ඒත් ඒ වගේ සාධාරණ මිනිසුන්ට කොහෙද ආත්මයක්. රටට ලෝකෙට පෙනෙන්න ඉන්ටකූලර්වල ගමන් බිමන් ගියාට, තරු හෝටල් වලින් හැම් බේකන් කෑවාට, විස්කි බ්‍රැන්ඩි බිවුවාට, පහළ පෙළේ ගැහැනු ආශ්‍රය කළාට, අහස උසට තාප්ප වලින් වට වුනුණ මහ මැදුරුවල හිටියාට පමණක් මිනිහෙක් හොඳ මිනිහෙක් වෙන්නේ නැහැ. හිඟන්නෙකු වුනත් ගුණයහපත් නම් එයාට ගරු කරන්න ඕනෑ. (නි)
මෙයට වඩා වැඩි දෙයක් වුණත් කළ හැකි පරිදි තමයි අපේ මූල්‍ය පසුබිම හදාගෙන තියෙන්නෙ. කොහොම වුණත් මිනිහා දක්ෂයෙක්. නඩු නැතුව එළියට දාන්න ඕනෑ. (නි)
මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේ වැඩ (දී)
තේක්ක වගාවකට ආයෝජනය කරලා මගේ ලොකු මුදලක් නැති වුණා (ස)
ෂුවර් එකටම 2012 ලෝක විනාශය එන බව විශ්වාස කරපු අයෙක්. (නි)
ඔය වගේ අයව රිසානා වගේ අය බේරගන්න බිලි දෙන්න හොදයි, මට නම්. (නි)
මට අපේ මිනිස්සු ගැන කියන්න අදහස් එන්නෙ නැහැ. (නි)
තවත් ඉන්නවානම් අල්ලලා දාන්න හිරේ (දී)
නියම මනුස්සයෙක්නේ. ඔබට ජය! (නි)
දැඩි දඩුවම් දිය යුතුයි (දී)
තවත් ඉන්නවද මේ වගේ පිරිස් (දී)
හිරේම දාන්න (දී)
මේවා අද කාලේ හැටියට ටිප් ටොප් වැඩ වුණාට වෙන මොනවා කියලා කරන්නද ඉතින්? (නි)
මුදල් ඇමතිකමක් දුන්නා නම් නියමයි. (නි)
බය නැතිව කරන හැටි විතරක් (දී)
අන්න හරි, ජනතාවට අසාධාරණයක් වෙන්න දෙන්න එපා (දී)
මේ වගේ අය ලංකාවෙන් අයින් තුරන් කල යුතුයි (දී)
අනේ මන්දා මට නම් මේ මොකුත්ම තේරෙන්නෙ නැහැ. (නි)
ඔය වැඩ වලින් තමාට වෙලා තියන පාඩුව තේරෙන්නෙ ඔය විලෝපික සිරුරෙන් ඉවත් වෙන දවසට. සැපවින්ද කාලෙ වගේ නෙමෙයි දුක විදින්න වෙන්නෙ. ගැළවීමක් නැහැ. (නි)
ඔය වගේ ගොඩක් දේවල් අහන්න ලැබේවි (ස)
මෝඩ මිනිසුන් ඉන්න රටකට මේවා සාමාන්‍ය දේවල්. (නි)
උපරිම දඩුවම් දෙන්න (දී)