(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාත ඉහළ නංවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාත වන නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 0.25 න් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය පියවර ගෙන ඇත.
උද්ධමනය පාලනය කිරිමේ පියවරක් ලෙස පොලී අනුපාත ඉහළ නැංවීම නිසා වාණිජ බැංකු තැන්පත් වලට ගෙවිය යුතු පොලී අනුපාතිකය හා ණය සඳහා අයකරන පොලි අනුපාතයද සාපේක්ෂ ලෙස ඉහළ යනු ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ වෙනස... මේ විදියට තව අවුරුද්දක් යනකොට ආර්ථිකයට මොනවා වෙයිද දන්නේ නෑ... මෙය ඉතාම නරක තත්වයක්... දැන්වත් මේ වෙනස වෙනස් කරන්න ඕන...
දියුණු වන රටක දකින්න ලැබෙන්නේ පොලී අනුපාතය අඩු වීමක්. යහපාලනය රටට කල හානිය පොලී අනුපාත වැඩි කිරීමෙන් පේනවා.
ණය සඳහා අය කරන පොලිය ණය වර්ගය අනුව තීරණය කරන ක්‍රමයක් හදන්න බැරිද? ඒ කියන්නේ, නිවාස ණය පොලිය ඉහල නොදමා, පාරිභෝගික ණය, කාර් ලීසිං වගේ ඒවාට විතරක් පොලිය ඉහල දැමීම කරන්න බැරිද? 16% - 17% ට ණය අරන් අපි කොහොමද ගෙවල් හදන්නෙ? බොහොමයක් රටවල නිවාස ණය 5% ට අඩුවෙන් දෙනවා.
මෙතන කියවන ඊනියා ආර්ථික ඔස්තාර්ලා නිත්‍ය තැන්පතු පොළී අනුපාතය 2006 ඉඳන් 2009 එනකන් 10%-10.25 අතර. 10.5%ටත් ගිය බවත් ඒ කාලේදි නිත්‍ය ණය පහසුකම් අනුපාතය 11.5% -11.75% අතර, 12% ටත් ගිය බවත් දන්නෙ නැත්තෙ එතකොට ආර්ථිකය දැකලා තිබ්බෙ නැද්ද?
16% - 17% ට ණය අරන් අපි කොහොමද ගෙවල් හදන්නෙ? බොහොමයක් රටවල නිවාස ණය 5% ට අඩුවෙන් දෙනවා.
මහා බැංකුව හොරු කාල සල්ලි නැහැ වගේ! දැන් එකත් අපේ කරපිටමද පටවන්නේ???
ප්‍රතිපත්ති පොලි අනුපාත සම්බන්ද කරුණු පිලිබඳ සාමාන්‍ය මහජනයා දැනුවත් කලයුතු බව ඉහත අදහස් දැක්වීම්වලින් පෙනී යයි.
පොලි අනුපාත වැඩි වෙන්න වැඩි වෙන්න ජනතාව අලුතින් ව්‍යාපාර , නිවාස තැනීම වැනි ක්‍රියා වලින් ඉවත් වෙනවා එතකොට අලුතෙන් රැකියා නිර්මාණය නොවන අතර මිනිසුන් අතර මුදල් සංසරණය වීම අවම වෙනවා එවිට රජයට භාණ්ඩ සහ සේවා වලින් ලැබෙන බදු අදායම් අඩු වෙනවා , අද ලෝකයේ හොඳම ආර්ථික 5 අතර සිටින ජර්මනියේ නිවාස ණය සඳහා පොලි අනුපාතය 0.75 %- 2% අතර අගයක් දරනවා , මිනිස්සු ණය අරන් අලුතින් ගෙවල් හදන්න සහ නව ව්‍යාපාර වැනි දේ කරන්න පටන්ගැනීම නිසා රජයේ බදු ආදායම් වැඩි වී ඇති අතර විරැකියාවද අඩුව ඇත , පොලි අනුපාත වැඩි කිරීමෙන් ආර්ථික වර්ධන වේගය අඩාල වන බව ලංකාවේ නුගත් දේශපාලකයන්ට වැටහීමක් නැති එක ජාතියේ අවාසනාවකි
පොලි අනුපාතය වැඩි වෙන කොට ආර්ථික වර්ධන වේගය අඩු වන බව , මහා බැංකුව පාලනය කරන ලොක්කෝ දන්නේ නැද්ද ? එවිට කඩා වැටි තිබෙන ආර්ථිකය කබලෙන් ලිපට වැටෙන බව දන්නේ නැද්ද ?