රුපියල් ලක්ෂ හතලිස් පහක් පමණ වටිනා රන් බිස්කර් නවයක් (ග්‍රෑම් 750) සපත්තු මේස් අස්සෙන් ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යන්නට ආ කොළඹ වෙළෙඳුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්රණයෙන් රේගු අධිකාරී සුදන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, ටී ශිවපාලං, අරුණ ශාන්ත , සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් බේනායක, චන්දිම කරුණාරත්න, රෝහන කුමාර සහ නිරෝෂා විජේතුංග මහත්වරුන් විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා මේස් කුට්ටමක් (දී)
පුදුම මිනිස්සුනේ රටේ ඉන්නේ (දී)
හංගන්න තැනක් නැතිවද දන්නේ නැහැ මේස් එකේ හැන්ගුවේ (දී)
කොහොමද වැඩේ (දී)
වෙන අය ගේන්නේ ගුද මාර්ගයේ නේද? (ත)
මේ අල්ලන රත්තරන්වල හැටියට රට සුකිත මුදිත කරන්න ඕනනේ. (ත)
හොඳ ඉල්ලමක් වගෙයි. (ත)
එයාපොර්ට් එකෙන් අල්ලන බඩුවලින් ගොටක් රටට දායක වෙනවා නේද? (ත)
යන්තම් ඇති රත්තරන් ගෙනියන ක්‍රමය වෙනස් වුණා (ස)
මේ අල්ලගන්නා රන් කන්දරාවට මොකද අප්පා වෙන්නේ? (නි)