ලුණුගම් වෙහෙර රණවරණාගොඩදී වෑන් රියක් හා ත්‍රීරෝද රියක් හැපී ත්‍රීරෝද රියේත් ගමන් කළ ගමන් කළ මවත් පියත් මරුමුවට පත්වීයැයි පොලීසිය කියයි.
වයස අවුරුදු හතක් හා හතරක් වූ දරුවන් දෙදෙනකු බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය සඳහන් කරයි.
ලුණුගම් වෙහෙර රණවරණාගොඩදී වෑන් රියක් හා ත්‍රීරෝද රියක් හැපී ත්‍රීරෝද රියේත් ගමන් කළ ගමන් කළ මවත් පියත් මරුමුවට පත්වීයැයි පොලීසිය කියයි.
වයස අවුරුදු හතක් හා හතරක් වූ දරුවන් දෙදෙනකු බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නීති ගරුක නොවන රියදුරන්ට එරෙහිව ක්‍රියාකිරීම තවම ප්‍රමාණවත් නෑ (ස)
ළමයි අසරණ උනා . ඔහොම තමයි ජිවිතේ, ඔබලාට නිවන් සුව (දී)
ත්‍රීවිලරය දුප්පතාගේ වාහනේ තමයි. නමුත් ත්‍රීවිලරය පාරකට සුදුසු වාහනයක් නොවෙයි (ස)
දෙමවුපියෝ නැති ජීවිත මොකටද දෙවියනේ? (නි)
මේ දරුවන්ට මේ කපේදී දුක දරාගන්න බැරිවේවි. (නි)
මෙවන් අකල් මරණ ගැන නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙද්දී හරිම ශෝචනීයයි. (නි)
පොලිසි වලින් කොච්චර එපා කිව්වත් මිනිස්සු ත්‍රී වීලර් වල යන්නේම වැරදි විදිහට බව අපි හොඳටම ඇහින් දැකලා තියෙනවා. මේ රටේ මිනිස්සු නීති රීති පිළිපඳිනවා නම් මාර්ග අනතුරු බොහෝමයක්ම අවම කර ගන්න පුලුවන්. අන්තිමේදී මේ වගේ අනතුරු සිදුවුණාම තමයි කාගේ කාගෙත් ඇස් ඇරෙන්නේ. කටවල් ඇරෙන්නේ. කරන්න තියෙන්නේ කවුරු කවුරුත් තම තමන්ගේ යුතුකම වගකීම මහපාරවලදී වාහනවල යද්දී ඉටු කරන්න දැන ගන්න ඕනෑ. මේකට වැරදි කාරයෝ වෙන්නේ බොහෝවිට මේ අනතුරට ලක්වූ අයම වෙන්න බොහෝවිට ඉඩ තිබෙනවා. අපි මේ අනතුරට ලක් වූ පිරිස ගැන කණගාටුවට පත් වෙනවා. ඒ අය ගැන බොහෝම දුකයි. නමුත් සත්‍යය පහදලා දෙන්න වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. (නි)
අහිංසක දරු දෙදෙනාට සමන් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය පතනවා. (නි)
හැමෝම කිවුවත් ත්‍රී රෝද රථ නොගැළපෙනවා කියලා ලංකාවේ තියෙන පහසුම රැකියාව මේකයි. (නි)
දරුවන්ට ඉක්මනින් නිරෝගි සූවය ලැබේවා! (නි)
මේවා දකින්කොට හරිම දුකක් කණගාටුවක් ඇතිවන්නේ. වගකීමකින් සිහිකල්පනාවෙන් වාහන පදවන්න ඕනෑ. රියදුරන්ගේ වරදින් දරුවන් දෙදෙනාටම තම දෙමාපියන් නැතිවුණා. (නි)
අනේ අපොයි! මවුපියන් නැති දරුවන්ගේ අනාගත ආරක්ෂාව සළසා දියයුතුයි නේද? (නි)
අනේ පව් අසරණ දරු දෙන්නා! (නි)
ත්‍රීරෝද රථ භාවිතයෙන් ඉවත් කළ යුතුයි. (නි)
ඇත්තටම දුකයි (දී)
ලංකාවේ නීතියක් නැතිකමයි මේකට එකම හේතුව. (නි)
සංසාරයේ පතාගෙන එන හැටි තමයි . දරු දෙදෙනාට ඉක්මන් සුවය. දෙමාපියන්ට නිවන්සුව පතමු (ස)
මම මේ ලග ළග දී අධිවේගී එකේ ගියා. වැඩි වේගෙකින් ගගියේ නැහැ. එත් ඉක්මන ට ගමන ගියා. ප්‍රධාන හේතුව තමයි ත්‍රීවිලර් සහ යතුරුපැදි නැති එක. බයක් නැතුව හොඳට වාහනේ පදවන්න පුළුවන්. (ස)
ජීවිතය කියන්නේ පුදුම දෙයක් (දී)
ලංකාවේ මාර්ග වලින් ත්‍රී විල් සම්පූර්ණයෙන්ම බැහැර කරන්න වෙයි. (නි)
මෙතරම් අනතුරු සිදුවන්නේ, මේ පැත්තෙත් අධිවේගී මාර්ගයක්වත් හදලාද? (නි)
ත්‍රී වීල් රියදුරන් කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට ලැබුන ලොකුම දායාදය වන බුද්ධාගම ලැබුනට පස්සෙ ලැබිච්ච ලොකුම සම්පත වන්නෙ බජජ් ත්‍රී වීල් එක කියලයි.ඒකෙ ඇත්තකුත් තියෙන්න පුලුවන් නමුත් ඹවුන් දැන ගන්න ඕනෙ ත්‍රී වීල් ලංකාවට හදුන්වල දෙනකොට මොරිස් මයිනර් ටැක්සි රියදුරෝ මුලු කොළඹම පෝස්ටර ගැහුවා රෝද තුනේ මාරයා එනවා ප්‍රෙවේසම් වෙන්න කියල.ඒ අනාවැකිය අද ඇත්ත වෙලා තියෙනවා.ඒ නිසා මේ වාහනය ලැම්බොගිනියක් නොවන බව සිතා පාවිච්චි කල යුතුයි.මේ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් සියලු දෙනා ගැනම සහෝදර පුරවැසියෙක් වශයෙන් මම ඉතාමත් කණගාටු වෙනවා.(දී)
මේ වගේ දේවල් අහන්න දකින්න නොලැබේවා. (ස)