ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණු ලෙස හිටපු ටෙස්ට් නායක මාවන් අතපත්තු මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. අතපත්තු මහතා වසරකට අධික කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසක ලෙස වසර කීපයක් කටයුතු කළ මාරියෝ විල්ලවරායන් මහතා ද එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ඉහළ නිලධාරියකුගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මාවන් අතපත්තු සහය පුහුණුකරු ලෙස පත්කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද පිටින් ගෙන්නේ අපේ අයට අපි තැන දියයුතුය...හොද වැඩක්(නු)
එතකොට මුරලි (දී)
පිටරට වලින් පුහුනු කරැවන් ආනයනය කරන්න ඵපා අපෙ දක්ෂ පුහුණු කරැවන්ගෙන් වැඩ ගන්න (දී)
අපි දැක්කා පිති කරුවෝ පුහුණු කරපු හැටි. අනේ අපොයි.(නදී)
අපේ රටේ වටින සම්පත් තිබුනට ඒවාගෙන් ප්‍රයෝජන ගන්න විදිහ ලොකු උදවිය දන්නේ නැහැ.(නදී)
මාවන් දක්ෂ ක්‍රීඩකයෙක් (දී)
එස්.එස්.සී. කණ්ඩායම, ඌව ඇතුලු කණ්ඩායම් ගණනවක් පුහුණු කළ නවීඩ් නවාස් පිතිකරු පුහුණුවට ගනිමු. අති දක්ෂ පුහුණුකරුවෙක්. (නි)
අපේ සම්පත්වලින් අපි ප්‍ර යෝජන ගත යුතුයි... හැමදේම පිටරටට දත නියවන්නෙ නැතිව මාවන්ට වාස්ට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් අද ක්‍රිකට් ක්ෂේස්ත්‍රෙය් ඉන්න ගොඩක් පුහුණුකරුවන්ට නැත.!(නු)