අන්තර් පළාත් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවැති තරගවලදී උතුරු මැද පළාත් පිලේ මල්ෂාන් පෙරේරා (112) සහ බස්නාහිර පළාත් උතුර පිලේ ප‍්‍රියමාල් පෙරේරා (103) ශතක ලබාගැනීමට සමත් වූහ.
මධ්‍යම පළාත් පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ දෙනෙත් ලංකා ලකුණු 99 ක් රැුස්කළ අතර පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 16 කට කඩුලූ 3 ක් ද දවාගත්තේය.
මධ්‍යම පළාත් පිල විසින් ලකුණු 83 කින් බස්නාහිර පළාත් දකුණ (පිටත) පිලද, බස්නාහිර පළාත් (දකුණ) පිල විසින් ලකුණු 150 කින් දකුණු පළාත් පිල ද, බස්නාහිර පළාත් (උතුර* පිල විසින් ලකුණු 196 කින් නැගෙනහිර පළාත් පිල ද, උතුරු මැද පළාත් පිල විසින් ලකුණු 178 කින් උතුරු පළාත් පිලද පරාජය කරන ලදි.
මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී
මධ්‍යම පළාත් පිල  ඕවර 43 කදී කඩුලූ 6 ට 226 (කවීන් හිනිඳුම 44, කාවින්ද පුලූක්කුට්ටිආරච්චි 18, දෙනෙත් ලංකා 99, නිමේෂ් ගුණසිංහ 25, හර්ෂ සල්ගාදු 63/3, සුරාජ් කෞෂල්‍ය 21/2)
බස්නාහිර පළාත් දකුණ (පිට කොටස) පිල  ඕවර 37.5 කදී 143 (චාමික සංසක 25, යසිත් චමෝද් 17, මාධව නිමේෂ් 21, හර්ෂ සල්ගාදු 31, කාවින්ද මධුරංග 20/2, දෙනෙත් ලංකා 16/3)
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී
බස්නාහිර පළාත් දකුණ පිල  ඕවර 37 කදී කඩුලූ 8 ට 232 (බිනුර ප‍්‍රනාන්දු 60, ශානුක දුලාජ් 53, එස්. මුතාලිප් 40, කුසල් මෙන්ඩිස් 25, හර්ෂ රාජපක්‍ෂ 20/3, දිල්හාන් කාංචන 65/3)
දකුණු පළාත් පිල  ඕවර 25.3 කදී 82 (සිතාර ගිම්හාන 14, දුලීක බ‍්‍රාහ්මනගේ 14/2, ඩෙවින් පත්මනානදන් 9/2, ශානුක දුලාජ් 7/2)
ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
බස්නාහිර පළාත් උතුර පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 287 (ප‍්‍රියමාල් පෙරේරා 103, ශදීර සමරවික‍්‍රම 49, කනිෂ්ක පෙරේරා 33, ඔෂාන්ත සිල්වා 31, මොහොමඞ් අලාන් 22, කේ. සජිත් 49/4, සදීප් පියුමාල් 62/2)
නැගෙනහිර පළාත් පිල  ඕවර 33.2 කදී 91 (යූ. අයි. ඉහාම් 20, එන්. අස්ලාම් 17, ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත 7/2, ඉසුරු ගුණසේන 12/2)
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
උතුරු මැද පළාත් පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 291 (මල්ෂාන් පෙරේරා 112, ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 50, කේෂාන් විජේරත්න 42, චමින්ද බණ්ඩාර නොදැවී 24, ජේ. ජනන්තන් 43/4, එස්. ස්වාමිදරන් 43/3)
උතුරු පළාත් පිල  ඕවර 40.2 කදී සියලූ දෙනා දැවී 113 (එම්. කපිලන් 39, චමින්ද බණ්ඩාර 12/4, ශරින්ද දසනායක 36/3)