IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මලල කී‍්‍රඩා සංගම් විධායක කමිටුවේ 6 දෙනෙක් රැස්වීම වර්ජනය කරති

තමන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීමේ ප‍්‍රතිපත්තියක් මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධානීන් විසින් අනුගමනය කරනු ලබන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිවරු හය දෙනාගෙන් පස් දෙනෙකුම පෙරේදා (8) එම සංගමයේ පැවැති විධායක සභා රැුස්වීම වර්ජනය කළ බව වාර්තාවේ. මලල කී‍්‍රඩා සංගමයේ  විධායක සභාවේ නිලධාරින් 12 දෙනාගෙන් හය දෙනෙකුම පෙරේදා  රැුස්වීම වර්ජනය කර සිටි බව මලල කී‍්‍රඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
 ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර, උප සභාපතිවරුන් වන සුසන්තිකා ජයසිංහ, එම්. ඩබ්. නිමල්සිරි, ගුවන් කොමදෝරු අජිත් අබේසේකර හා බී.එම්. දේවින්ද්‍රන් යන මහත්වරු  මෙසේ පෙරේදා පැවැති විධායක සභා රැුස්විම වර්ජනය කළහ.
මලල කී‍්‍රඩා සංගමයේ උප ලේකම් බර්නාඞ් පෙරේරා මහතාද එදින විධායක හමුවට පැමිණ නැත. කෙසේ වුවත් සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු මලල කී‍්‍රඩා සංගම් විධායක හමුවට ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු, උප සභාපති අජිත් නාරගල, උප ලේකම් ඔලිවර් ප‍්‍රනාන්දු, භාණ්ඩාගාරික චන්දන ඒකනායක හා  හා මලල කී‍්‍රඩා දත්ත සටහන්කරු ජී. යු. ජී. සමන් කුමාර යන මහත්වරුන් සහභාගි වී තිබේ.
මීට පෙර මලල කී‍්‍රඩා සංගමයේ සියළුම විධායක සභා රැුස්වීම්වලට සහභාගිවූ එහි නිලධාරීන් කීපදෙනකු පෙරේදා විධායක හමුවට සහභාගිනොවීම දැඩි කතා බහට ලක්ව තිබේ. මලල කී‍්‍රඩා සංගමයේ නිලධාරි මණ්ඩලයේ නිලධාරීන් අතර පවතිනන බව කියන විරසකය ඉකුත් ජනවාරි 1 වැනිදා අළුත් අවුරුදු දිනයේදීද ප‍්‍රදර්ශනය වූ බව කියති.
ටොරින්ටන් පෙදෙසේ මලල කී‍්‍රඩා සංගම් මුලස්ථානයේ අවුරුදු කිරිබත සඳහා  එහි නිලධාරි මණ්ඩලයට සභාපතිවරයා හා ලේකම්වරයා එක්ව කළ ආරාධනා කළ නමුත් එහි පැමිණියේ උප සභාපතිවරුන් වන සුසන්තිකා ජයසිංහ මහත්මිය හා  එම්. ඩබ්. නිමල්සිරි මහතා පමණක් බවද දැනගන්නට  ඇත.
 විධායක හමුව වර්ජනය කළ බව කියන නිලධාරීන් සංගමයේ ප‍්‍රධානීන්ට චෝදනා කීපයක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ. සිය  අදහස් හා යෝජනාවලට සැලකීමක් නොදැක්වීම ප‍්‍රධානීන්ගේ මතයට පමණක් තීරණ ගැනිම, විධායක සභාවේදි අනුමැතිය නොලද තීරණ කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දැරීම ඔවුන්ට එල්ලවි තිබෙන චෝදනා අතර වන බවත් දැනගන්නට ඇත.
මේ අතර මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධානින්ට එල්ලවී තිබෙන තවත් චෝදනාවක් වන්නේ ඔවුන් මුණ ගැසීමට මලල කී‍්‍රඩා සංමයේ නිලධාරි මණ්ඩලයේ නිලධාරින්ටත් දුෂ්කර කටයුත්තක්වී තිබෙන බවයි.
මෑතකදි වූ  සිදුවිමකදී සංමයේ එක් උප සභාපතිවරයකුට එහි ප‍්‍රධානියකු මුණ ගැසීමට දින 10ක් බලා සිටීමට සිදුවූ බව කියැවේ. මේ අතර හදිසි අවස්ථාවකදී අන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුවවත් දුරකථනයෙන් හෝ ඔවුන් සම්බන්ධකර ගැනිමට නොහැකි වීම  ගැන මලල කී‍්‍රඩා සංමයේ ඇතැම් නිලධාරින් ඔවුන්ට චෝදනා කර ඇතැයිද කියති.
උප සභාපතිවරයෙකු වන අජිත් නාරගල මහතා මීට පෙර අවස්ථාවකදී විධායක සභාවට ගෙන ආ යෝජනාවක් කි‍්‍රයාත්මක කිරීමට මලල කී‍්‍රඩා සංගමය පියවර ගෙන නැතැයි කියන තීරණයක් ගැනද මේ වනවිට කතා බහට ලක්ව තිබේ.
 දිස්ති‍්‍රක් සංගම් ප‍්‍රධානින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට යෝජනාවක් කෙරුණු අතර කෙසේ වුවත් ඊට ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා ඇතුළු බහුතර නිලධාරීන් පිරිසකගේ විරෝධය පළවූ බවද වාර්තා විය.
මලල කී‍්‍රඩා සංගමයේ ව්‍යවස්ථාවට සංශෝධනය කිරීමට ගෙන තිබෙන තීරණයක් සම්බන්ධයෙන්ද මේ වනවිට එහි විධායක සභාවේ නිලධාරීන් අතර මත ගැටුම් තිබෙන බවත් මලල කී‍්‍රඩා සංගම් ආරංචි මාර්ග හෙළි කරයි.



අදහස් (0)

මලල කී‍්‍රඩා සංගම් විධායක කමිටුවේ 6 දෙනෙක් රැස්වීම වර්ජනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site