ලක්ෂ තුනහමාරක් පමණ වන දරුවෝ අද පාසල් අධ්‍යාපනයේ මුල් පියවර අරඹමින් පළමු ශ්‍රේණියට ඇතුලත් කරනු ලැබූහ. පළමු ශ්‍රේණියට ළමුයින් ඇතුලත් කැර ගැනීමේදී බොහෝ පාසල්වල සාධාරණව නීතිය ක්‍රියාත්මක වූ අතර ඇතැම් තැන්වල අසාධාරණ වූ බව මව්පියෝ කියති.
ඡායාරූප - ගාල්ල මහින්ද විද්‍යාලයේ පළමු වසර සඳහා ළමයින් ඇතුලත් කැර ගැනීමේ අවස්ථාව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මහින්ද ශාස්ත්‍රශාලය කීර්තියෙන් වැජඹේවා! (නි)
සුළගේ ලෙලෙනා මල සේ දඟපා අප පාසල් ගිය කාලයේ ...යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ (ස)
රට භාර ගන්න ඉන්න රත්තරන් පුතාලට සුබ අනාගතයක් (ස)
පුංචි පැංචන්ට , පැංචියන්ට සුබ පැතුම් .....!(ස)
මොනවා දැන ගෙනද (දී)
මේ මගේද පාසලයි. (නි)
අම්මිටයි , තාත්තිටයි , රටටයි නොම බරක් වෙලා..... හොද ළමයින් වෙන්න පොඩි පුතේ.... (ස)
මේ අයට සුදුසු පාසල් සොයන්න දෙමවුපියන් කොපමණ නම් දුක් විදින්න ඇද්ද? (නි)
ජීවිතේ වටිනාම කාලය දරුවනේ ...අපේ ආශිර්වාදය ඔබ සැමට !!!!(ස)
පුංචි දුවේ පුතේ හොදින් ඉගෙන ගන්න (දී)
මුළු ලෝකෙම ජය ගන්න ඔබට හැකි වේවා (දී)
දූ පුතුනේ රට අපේය... (නි)
සාමලා අමරලා දැන් එහි නැත - වෙන අය එහි ඇත (ස)
බලන්න මොන තරම් ලස්සනද (දී)
"සමනල රෑනක් සේ ඉගිලී.... අකුරට ගිය පාසල් කලේ... ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ"....... (නි)
සිරි ලංකා මවගේ අනාගතේ රැදී තිබෙනුයේ ඔබේ අතේ .!! (ස)
ලුම්බිණි අර ඈතින් පේන්නේ ඓතිහාසික ඕල්කට් ශාලාව (ස)
මගේ සතුට කියා ගන්න බැහැ (දී)
මේ තමයි අපේ ඉස්කෝලේ. (නි)
මෙතනින් කවුරු කොහොම කෙනෙක් වෙයිද (දී)
අපේ රටේ අනාගතය බාර නුඔටයි පුතේ දුවේ. පුංචි දරුවන්ට සුබ අනාගතයක් වේවා ! (ස)
පුංචි පන්ති වල - හැබෑම සුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ.....(ස)
මේ හැමගේ අනාගතය සරු වේවා කියල පතනවා. ඒත් හමුදාවේ වගේ පිරිසක් ඈත පේන්නේ මේ අයටත් පොඩි හරි හමුදා පුහුණුවක් වත් තියෙනවද? (ස)
ඉගෙන ගනීවිද ? ගෝරි දා ගනීවිද ? (ස)
පුංචි සුරතලුන්ට සුබ අනාගතයක් වේවා !! (ස)
ලුම්බිණි, ඒ ඉන්නේ පාසලේ තූර්‍යවාදක කණ්ඩායම (ස)
රටේ අනාගතය ඔබයි...දුවේ පුතේ. වාසනවාන් (ස)
ලුම්බිණි ඔයා ඔච්චර මොඩද , පාසල් ගිහින් නැද්ද? හැමදේම නුහුරට හිතන්න එපා. ඒ පාසලේ කැඩෙට් කණ්ඩායම විය යුතුයි (ස)
අනේ මේ මගේ පාසල... මමත් අවුරුදු 29 කට කලින් මෙහෙම ගියානේ .........(ස)
දැන්නම් අහිංසකයෝ වගෙයි, ලොකු උනාම නරක වැඩ නොකර අවංකව රටේ හොඳ පුරවැසියෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා (ස)
මේ මගේ අකුරු කළ පාසැලයි කිරි සිහින සැබෑ කළ පාසැලයි ! (ස)
අනේ වාසනාවන් (ස)
පුංචි පැටවුනේ ඔයාලගේ අධ්‍යාපන කටයුතු , ඉදිරි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා (ස)
රත්තරන් දුවේ පුතේ ඔබට මගේ උණුසුම් සුබපැතුම් (දී)
අපේ රටේ අනාගතේ භාර නුඹටයි පුතේ (ස)