කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවෙක් මහර මහේස්ත්‍රාත් උසාවියේදී අද හඳුනා ගනු ලැබීය.
සමන් නිෂාමන් එම සැකකරුය. ඔහු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.
ඔහු ද, ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු ලේකම් බව කියන සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් ද වෙනුවෙන් නීතීඥවරු පෙනී සිටියහ. සැකකරුවන් ඇපමත මුදා හරින්නැයි ඔහු ඉල්ලා සිටියහ.
සෝමරත්න කුමාර පෙරේරා , ඔහුගේ පුත් රංගන කුමාර පෙරේරා හෙවත් රංග සහ චතුරංග වීරසේකර සෙසු සැකකරුවෝය.
මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඝාතනයට යොදාගත් බව කියන පිස්තෝලය හා තවත් ගිනිඅවියක් ද, උණ්ඩද රස පරීක්ෂක වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවෝ යළි ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙන්න ආශ්චර්‍යය (ස)
මේ නඩුවේ ප්‍රධාන සැකකරු දැන් කොහෙද ඉන්නෙ? එතකොට එයාට මොනවද වෙන්නෙ ? එයාටත් අර අමතකවෙන ලෙඩේ හැදිලද? (නි)
අපි නම් දැනගෙන හිටියා ඔය ටික වෙයි කියලා. (නි)
පෙරේරා , නියම අදහසක්. (නි)
නැදැයො අත වනන්නෙ හරියට එයාලා ටික සංචාරයකට රට යනවා වගේනෙ. මගෙ නෑයෙක් නම් පළාතෙ යන්නෙ නැහැ. ලැජ්ජා නැද්ද අප්පා? (නි)
අර තුමාත් ඇතුලේ ඉන්න ඕනෑ නේද? (නි)
මේවා අනාගතයේ යලි යලිත් සිදු නොවේවා (දී)
ඇමතිතුමාට ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
ගින්න නැතිව දුම් නගිනවාද (දී)
බය සැක නැතුව කරන වැඩ (දී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා.!(නු)
මෙයාලා ඇදුම් ඇදගෙනද අප මත නිදහස් කරන්න කියලා ඉල්ලුවෙ..? අපේ රටට ගිය කලක්.. මිනිස් ජීවිත පාරෙ යන බල්ලෙකු තරම්වත් නොවටිනනනා ගානට තමයි ක්‍රියාව.. තව ගොඩක් දේවල් වෙයි ඉදිරියට.. මිනීමරුවන්ට දඩුවම් ලැබෙන හැටි තමයි අපිත් මේ බලාගෙන ඉන්නෙ..!(නු)
අනේ නිකං ඉන්න.!(නු)
නියමයි.. දැං කාලා එන්නකො..!(නු)
නිසි දඩුවම දෙන්න (දී)
රස වෙනස් නොවී වාර්තාව ආවොත් හොඳයි (ස)
ඇයි දෙයියනේ අනෙක් මිනිහට කරදරයක් වෙන්න ජිවත් වෙන්නේ (දී)
වරදට නිසි දඩුවම (දී)
දඩුවම කාටත් පොදු දෙයක් (දී)
මට හු කියන්න බැහැනේ (දී)
අපිට තියෙන්නේ පැත්තකට වී බලා සිටීම පමණි (දී)
කෙලින්ම උල තියලා දාන්න. (නි)
උඩ පැන්නා වැඩියි දැං හොදයි.!(නු)
අවි ගත්තෝ අවියෙන් නැසේ කියන්නෙ ඉස්සර කාලෙ කතාවක්.. (නු)
අපේ රට ජාතිය රැකගන්න නම් නිතිය වාහා වෙනස් කරන්න (ස)
අන්න හරි, ඕකට තියෙන එකම විසදුම " මතක නැහැ" කියන එකයි (දී)
අන්න හරි නිතියනම් නිතිය (දී)
කරන කලට පවු මිහිරි ගෙවන කොට තමයි ඉතින් (දී)
මර්වින්ගේ? (නි)
ලේකම්ලා කමක් නැහැ කියමුකෝ.ඔන්න සභාපතිලා අත තිබ්බොත් නම් අපි විරුද්ධයි හොදේ. (නි)
මෙයාලටත් සැප කාමරයක් ලැබේවිද දන්නෙ නැහැ. (නි)
බුරුලක් දෙන්නම එපා (දී)
බුරුලක් දෙන්නම එපා (දී)
මතක නැහැ කියන්න (දී)
නිසි දඩුවම පමණයි එකම විසදුම (දී)
රස පරීක්ෂකටත් කම්පනයක් වෙයිද දන්නෙ නැහැ. (නි)
ලංකාවට නීතියක් තියෙනවානේ, ඒක හරියට ක්‍රියාත්මක කරන්න (දී)
මතකද දන්නෙත් නෑ වෙච්ච දේවල් (ස)
මිනීමරුවන්ට දඩුවම් ලැබුණේ ඉස්සර. දැන් තියෙන්නේ මිනීමරුවන් නිදහස් වෙන කාලයක්නේ. (නි)
වැරදි කරුවස් හට නිසි දඩුවම් ලබාදිය යුතුයි. මනුෂ්‍යයින් සියලුම දෙනා වෙත එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නොඑසේ නම් මෙවන් විනාශ ඉදිරියේදිත් සිදුවේවි. (ස)
කලානම් විදවන්න වෙනවා (දී)