ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුයවන්නන්ගේ උපදේශකවරයා ලෙස හිටපු සුපිරි පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ වේග පන්දුයවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු වමතින් වේග පන්දුයවන ක‍්‍රීඩක චමින්ද වාස් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු සහාය පුහුණුකරු තනතුරට පත්කිරීමට ද යෝජනා වී ඇති බව වාර්තා වේ.
නවසීලන්ත පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී චමින්ද වාස් නවසීලන්ත වේග පන්දුයවන්නන්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එහෙම වෙනවා නම් කොච්චර හොදද? (නි)
ඇත්තෙන්ම අපිට මෙය තමයි අවශ්‍ය... (නි)
නියමයි. අපි බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ඉෂ්ට වෙන්නයි යන්නේ. (නි)
හොද පණිවිඩයක්.
රට නියෝජනය කරන ක්‍රීඩකයෙක් තම රටේ තානාතිපති කෙනෙක් වගේ. ක්‍රීඩාවට ක්‍රීඩාවට අති දක්ෂ පුද්ගලයෙක් වුවත් ඔහු තුල රට ගැන හැඟීම හීන නම් එම දක්ෂතාවයෙන් රට ට වැඩක් නොවේ. යුද්ධය ජය ගත හැකි වූයේ රට 1 ලෙස සිතු ශ්‍රී ලාංකික පුත්‍රයන්ගේ ලේ මස් කැප කිරීමෙනි. හමුදා පුහුණුවේ පරිපූර්ණත්වය සහ නායකත්වය ඇගයීම කල යුතුය. නමුත් සමහර ක්‍රීඩකයින් හැසිරෙන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම කප්පරක් මුදල් උපයා ගැනීමට ලැබුන අවස්ථාවක් ලෙසය. රට නියෝජනය කිරීමට තෝරා ගන්නා සෑම ක්‍රීඩකයෙකුටම රට පිළිබඳ හැඟීම වර්ධනය වන පුහුණුවක් අනිවාර්ය කල යුතුය. එය හමුදා පුහුණුවක් වන්නේ නම් අනර්ගය. විනය සමඟ රට එකට තබා හිතන මානසිකත්වය ජයග්‍රහනයේ මාවත වේවි. (ස)
පන්දු පුහුණු කරන්න ගන්න කලින් වගේ (ස)
අපේ රටේ මොන තරම් දක්ෂයෝ ඉන්නවද ,ඇයි අපේ මුදල් පිටට දීලි පුහුණුව ලබා ගන්නේ , හොද වෙනසක් රටේ අනාගතය උදෙසා (ස)
ඇති මොලේ පෑදුනා . ලංකාවේ ක්‍රිකට් වලට ජය වේවා !(ස)
" විය යුතු දේයි සිද්ධ වෙන්න යන්නේ " යෞවනයේ ක්‍රිකට් වසන්තයේ ආරම්භය ,!!!(ස)
අපේ කණ්ඩායමේ සිටි ප්‍රවීණයෝ දෙන්නෙක් (දී)
හොඳ තීරණයක්. බලමු මොකද වෙන්නේ කියලා (ස)
නියම වැඩක් . හොඳ දේවල් අගය කරන්න ඕන (ස)
ඒ විතරක් නෙවේ, මුරලිදරන් වගේ අපේ රටේ දෙමළ තරුණයෝ කීයක් නම් ඇත්ද ලෝක පුජිත වෙන්න පුළුවන් දක්ෂතා ඇති. විශේෂයෙන් උතුරේ එහෙම. ඒ යටත් උපරිම අවස්ථා දිය යුතුයි . මෙහෙම ගියොත් අපිට 2015 ලෝක කුසලානය ෂුවර් (ස)
මාරයිනේ .මොකද මෙච්චර කල් හංගගෙන තියාගත්තේ (ස)
බොහෝ දුරට ඉඩ ඇති නෙමෙයි ඉඩ ලබා දෙන්න එයාලගේ හැකියාවන් පෙන්වන්න (ස)
ඒක හැබෑම හොද තීරණයක් (දී)
අහන්න ආස පුවතක් ,ශ්‍රී ලංකා ක්‍රිකට් වල ජය වේවා !!!!!! (ස)
2015 ලෝක කුසලානය ෂුවර් ...........(ස)
සනත්නම් මේකට හරියන්නේ නෑ (ස)
අන්න හොද වැඩක්, පළපුරුද්ද කන්නායමට දෙන්න (දී)
සතුටුයි (දී)
නියමයි (දී)
ගොඩක් සතුටුයි ....අපිත් ආසයි මෙහෙම වෙනවා දකින්න. රට පෙරට ගෙන යමු සැවොම එකතුව.ජය වේවා ශ්‍රී ලංකා (ස)
සියලු දේ හොඳින්, දිගටම තියාගමු (ස)
ගොඩක් සතුටුයි (ස)
96 වීරයින්ගේ දස්කම් අපිට දැනටත් වටිනවා. (නි)
අහන්නත් සතුටු හොද පුවතක්. (නි)
මේ දෙන්නනම් හොදයි එත් සනත්................. (ස)
මේක සනත් ආපු ගමන් කරපු හොඳ වැඩක්. එයාගේ දේශපාලනය නම් ගොඩක් දුර්වලයි. මේ වැඩේටනම් මෙයා හොඳයි වගේ. (ස)
ගොඩක් සතුටුයි! (නි)
ලාංකීය ක්‍රිකට් වලට හොද කාලයක් උදාවෙන්න වගෙයි යන්නේ. (නි)