IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොරටුව ‘ෂාක්ස්’ කී‍්‍රඩකයෝ ‘රෙඞ් බුල්’ කි‍්‍රකට් ශූරතාව දිනති

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල කි‍්‍රකට් කණ්ඩායම් අතර පැවැති ‘රෙඞ් බුල් කැම්පස් කි‍්‍රකට් 2013’ තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ‘ෂාක්ස්’ කණ්ඩායම පසුගියදා (26) සමත් විය. පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ ජ’පුර ‘කිංග්ස්’ කණ්ඩායම ලකණු 10 කින් පරාජයට පත්කිරීමට මොරටුව ‘ෂාක්ස්’ කී‍්‍රඩකයෝ සමත් වූහ.

මෙම තරගාවලිය ජය ගැනීම නිසා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ‘රෙඞ් බුල්’ කැම්පස් කි‍්‍රකට් ලෝක කුසලාන 2013’ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමටද මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමට හැකි විය.

ජ’පුර කිංස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන ආර්. එම්. කුරේ සහ ටී. එම්. සමරසිංහ එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 94 ක සබඳතාවයක් ගොඩනැගුවද ජයග‍්‍රයණය සඳහා එය ප‍්‍රමාණවත් නොවීය. ජ’පුර කිංස් කණ්ඩායමේ නායක ටී. එම්. සමරසිංහ ලකුණු 56 ක් ලබා සිටියදී දුවද්දී යමකට හසුවීමත් සමග එම සබඳතාවය බිඳවැටිණ.

මොරටුව ෂාර්ක්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ලකුණු 39 ක් රැස් කළ එන්. එස්. මාරසිංහ අවසන් තරයගයේ වීරයාට හිමි කුසලානය හිමි කරගත්තේය.

පේරාදෙණිය ලයන්ස් කණ්ඩායමේ සී.  ඕ. නවරත්න තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසද, වයඹ හීරෝස් කණ්ඩායමේ ඒ. එම්. සීලාරත්න දක්ෂතම පිතිකරු ලෙසද තේරී පත් වූ අතර මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමේ ඩබ්. එස්. යූ. පෙරේරා තරගාවලියේ වීරයාට හිමි කුසලානය හිමිකර ගත්තේය.

අවසන් පූර්ව වටයේදී මොරටුව ෂාර්ක්ස් කණ්ඩායම විසින් වයඹ හීරෝස් කණ්ඩායමත්, ජ’පුර කිංස් කණ්ඩායම විසින් පේරාදෙණිය ලයන්ස් කණ්ඩායමත් පරාජය කරන ලදි. තෙවන ස්ථානය සඳහා වයඹ හීරෝස් සහ පේරාදෙණිිය ලයන්ස්’ අතර පැවති තරගයෙන් පේරාදෙණිය ලයන්ස් කණ්ඩායම ජය ලැබීය.

මොරටුව ශාර්ක්ස් කණ්ඩායම කඩුලූ 9 ක් දැවී 137 ( ඕවර 20)
(එම්. එස්. මාරසිංහ 39, එස්. යූ. 28, එස්. එම්. කරුනාරත්න 22/3)

ජ’පුර කිංස් කණ්ඩායම කඩුලූ 4 ක් දැවී 127 ( ඕවර 20)
(ආර්. එම්. කුරේ 56, ටී. එම්. සමරසිංහ 38, එම්. යූ. ගුණතිලක 26/2)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අවසන් තරගයේ වීරයා - මොරටුව ශාර්ක්ස් කණ්ඩායමේ එන්. එස්. මාරසිංහ

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරගාවලියේ වීරයා - මොරටුව ශාර්ක්ස් කණ්ඩායමේ ඩබ්. එස්. යූ. පෙරේරා

 

 



අදහස් (0)

මොරටුව ‘ෂාක්ස්’ කී‍්‍රඩකයෝ ‘රෙඞ් බුල්’ කි‍්‍රකට් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site