IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොරටුව උප පුරපති යළි රිමාන්ඩ්

මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ  විමලවංශ හිමියන්  කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන  මොරටුව නගර සභාවේ  උප නගරාධිපති  සුජිත් පුෂ්පකුමාර  මාර්තු  7 වැනි දා  දක්වා ද සෙසු සැක කරුවන්  නව දෙනා මාර්තු 14 වැනි දා දක්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.

රිමාන්ඩ් කළ සෙසු සැක කරුවෝ මොවුහුය.

එස් . ධනුෂ්ක ප්‍රනාන්දු

සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු

එම් දිනේෂ් ලක්මාල්

චින්තක රුවන්ද සිල්වා

තිරුමලන් ඉලන්කෝන්

දුරේෂානි කේසවන්

 ඉෂාන් කාවින්ද

දිල්රුක් මෙන්ඩිස්

නියෝජ්‍යය පුරපති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද  එය කල් දමා මොහු හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සුදුසු ද නැද්ද යන වග  සොයා බලා කරුණු වාර්තා කරන ‍ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

කොළඹ  අපරාධ කොටිඨාශයේ  ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට මහතා අද (28)සාක්කි දුන්නේය.



අදහස් (0)

මොරටුව උප පුරපති යළි රිමාන්ඩ්

ගාමිණි Thursday, 28 February 2013 02:08 PM

ඇප නොදී දිගටම රිමාන් භාරයේ තබා සුදුසු දඬුවමක් කලාට අපේ විරුද්ධත්වයක් නැහැ. (ස)

:       0       0

සෙනරත් Friday, 01 March 2013 09:51 AM

සඟවපු අවි සොයන්න එක්ක යමුද ? (ස)

:       0       0

දයා Thursday, 28 February 2013 02:19 PM

මෙයාට නොමිනේෂන් දුන්නේ කවුද? චන්දය දුන්නේ කවුද ? (ස)

:       0       0

නන්දන Thursday, 28 February 2013 02:22 PM

අපේ සේනාව මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

රූපවතී Thursday, 28 February 2013 02:39 PM

තනතුර මොකක් වුණත් අපරාධයක් කළා නම් ඔහු දඩුවම් විදිය යුතුයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 28 February 2013 02:48 PM

නම්වල හැටියට මෙයාලා බොහෝ විට බෞද්ධයන් නොවන අය.. මෙතන වෙන ප්‍රශ්නයක් වගේ තියෙන්නේ (ස)

:       0       0

සිල්වා Thursday, 28 February 2013 02:58 PM

මිනීමරුවෝ කවුද කියලා මුලු ගමම දන්නවා. (නි)

:       0       0

වීරසේකරගේ Thursday, 28 February 2013 09:28 PM

හදුනාගැනීමේ පෙරට්ටුව කල් දාන්නේ ඇප ලබා දෙන්නද? (නදී)

:       0       0

වරුණ Thursday, 28 February 2013 03:16 PM

අනිවාර්යෙන් ඔප්පු උනොත් නම් ඇල්ලිය යුතුයි (ස)

:       0       0

අංජන Thursday, 28 February 2013 03:45 PM

මේක සාහසික ඝාතනයක්. ඉක්මණින් දඩුවම් නුදුන්නොත් මේක ගැන කාවටත් මතක නැති වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

රණා Thursday, 28 February 2013 03:43 PM

මෙතන වෙනත් යමක් සැගවී ඇතියැයි මටද හැගෙනවා. (නි)

:       0       0

ප්‍රසා Friday, 01 March 2013 11:34 AM

මම නම් හිතන්නේ උප පුරපති මේ වැඩේට සම්බන්ධ නැහැ. (නි)

:       0       0

දිසානායක Thursday, 28 February 2013 04:28 PM

හැදුණු වැදුණු රටටත් තමන්ගේ ජාතියටත් අපහාස කරන්න හොද නැහැ. (නි)

:       0       0

හේරත් Friday, 01 March 2013 01:11 AM

මෙයාට කන්න බොන්න දෙන්නෙත් අපේම සල්ලිනේ. අපි අපිටම ගහගමු. (නි)

:       0       0

පෙරේරා Friday, 01 March 2013 06:32 AM

එයාවත් රජයේ සාක්කි කාරයෙක් කරපුවාහම නඩුව හමාරයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 28 February 2013 06:05 PM

බන්ධනාගාර නිලධාරියනි, පාප කර්ම කළ මොවුන්ට හොදින් සලකන්න.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 28 February 2013 06:06 PM

රුවන් හැමදේටම ආගම පටලවාගන්න එපා. ඒක හරි නැහැ.(නදී)

:       0       0

දම්මි Friday, 01 March 2013 07:48 AM

මූ එල්ලා මැරිය යුතුයි.(නදී)

:       0       0

මධු Thursday, 28 February 2013 06:28 PM

කොහොමහරි හිමි නම මැරුවා නම් හතර මහා අපායේ වැටෙන එක අනිවාර්යයි. (නි)

:       0       0

අමිල Friday, 01 March 2013 08:27 AM

මොන හේතුවක් මත හාමුදුරු කෙනෙක් මැරුවා වුනත් හෝ එයට සහය දුන්නානම් ඔවුන් එල්ලා මැරිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site