මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකුට පහරදුන්නැයි විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල සිසුහු අතේ කළු පටි පැළඳ, කලු කොඩි ඔසවාගෙන අද උදේ කටුබැද්ද මංසන්ධියෙන් පාගමනක් ඇරැඹූහ.
දෙදහස් පන්සියයක් පමණ සිසුහු ඊට එක් වී සිටිති.
උද්ඝෝෂකයන් කියනුයේ තම සගයාට එල්ලවූ ප්‍රහාරය හෙලා දකිමින් පා ගමනින් මොරටුව විශ්ව විද්‍යාලයට යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට තියෙන්නේ ඉගෙන ගන්න..!(නු)
ඇවිදින්න ගිය ටිකදෙනෙක් මේ ගැටුම විසදයිද? මේ ඔක්කොම ළමයි නේද ඉගෙන ගෙන ගෙදර යන්න බැරි ඇයි..!(නු)
සම්පත් කියන දේ හරි. ඒ අය ඊර්ෂ්‍යාවයි. (නි)
ජනවාරි 02 එන්.ඩී.ටී එකෙ අයට ගහන්නෙත් නැතුව. එන්.ඩී.ටී එකෙ කොල්ලෙක්ගෙ බයික් එක කුඩුකරන්නෙත් නැතුව. ජනවාරි 16 වෙනිද එන්.ඩී.ටී එකට ගහන්නෙත් නැතුව, එන්.ඩී.ටී එකෙන් ගහල, මෙවගෙ පා ගමනක් ගියානම් හොදයි.බොරුවට වලියක් දාගෙන මෙ වගෙ පා ගමනක් යන එකෙන් වඩක් නැහැ.(නු)
එන්ඩීටී අයට තියෙන්නේ ඉංජිනේරු පීටයට එන්න බැරි උන හීන මානෙ.. ඒකට මේ අහිංසක පොඩිළමයි මොනවා කරන්නද?(නු)
එන්.ඩිටී අය ඉංජිරු සිසුන් සමග ඊරිසියයි..!(නු)
ඒ කියන්නේ මේ අය කලින් ගිහිං තියෙන්නේ අත් දෙකනේකද? (නු)
රේණුකා කොහොමද ගණන් කළේ.. මම හිතන්නේ ඔයා පාසල් සිසුන් පවා ගනන් කරලා..!(නු)
මේ ළමයින්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැ (දී)
මුලින් කාර්මකි විද්‍යාලටය සරසවි සිසුන් හෙමන් හෙමින් රිගගෙත්තේ. අර කූඩාරටම රිංගපු බූරුවා වගේ. දැං ඒගොල්ල රජවෙලා තාක්ෂණ සිසුන් පන්නා දමන්න පෙළපාලි යනවා..!(නු)
මේ අවනඩුව තවම ඉවරයක් නැද්ද? ඒ පාර ටකාටද ගහලා තියෙන්නෙ..!(නු)
මේ අපේ ඉංජිනේරු මහත්තුරු ටික අර සිවිල් මහත්තුරු ටික බලෙන් කුලප්පු කරන්න හදනව...!(නු)
මේ සිසුන්ම තමයි ජනවාරි පළමුවෙනිදා එන්.ඩී.ටී සිසුන් හැට අටකට ගහලා බයිසිකලයක් කුඩු කරලා මහ කැත විදියට අපහාස කරලා පෝස්ටර් ගහලා එන්.ඩී.ටී. එකට ගැහුවෙ.. ඒ අයට පාඩුවෙ ඉන්න දුන්නානම් මෙහෙම මහපාරෙ කාලය කන්න වෙන්නේ නැහැ.. දෙයක් කරන්න කලින් හිතන්න ඒකට විපාකයකුත් තියනාව කියලා දරුවනේ.. බුද්ධිමත්ව විසදගන්න.. ඉගෙන ගන්න දරුවනේ.. අහක යන සර්පයන් ඇගට දාගෙන දැං බොරුවට කෑවෝ කෑවෝ කියලා පාරවල්වල දුවලා වැඩක් නැහැ..!(නු)
එන්ඩීටී ශිෂ්‍යයන් රට පුරා ඇති පීට සහ කාර්මික විද්‍යාල වලට අනුයුක්ත කළ යුතුයි...!(නු)
මෙයාලට තියෙන්නෙ එන්.ඩීටී ළමයි හොද රස්සාවලට යන එකට තියෙන ඊරිසියාව.. ඉංජිනේරු උනාට කරන්නේ සිමා.. සිම්.. යන්නේ මැනේජ්මන්ට වලට අන්තිමට.. රටට වැඩ කරන්නේ එන්ඩීටී ළමයි එලවගන්නයි හදන්නේ (නු)
වැරදිකරපු කාටවත් දඩුවම් ලැබිලා තියෙන්නෙ.. තවත් ළමයින්ගේ ජීවිත අවුල් නොකර මේ බොරුවද වත්තතනවානම් තමයි හොද?(නු)