මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට පහර දී රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පොදු දේපොළ වලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා ශිෂ්‍යයන් සිව් දෙනෙකු පෙබරවාරි පළමුවැනිදා තෙක් සැකපිට රිමාන්ඞ් භාරයේ තබන මොරටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බී.ඒ.ආර්. සෝමසිංහ මහතා අද (28) නියෝග කළේය.
උදාර කරුණාරත්න, සුරේෂ් රොෂාන් දසනායක, සනුජා මුදාර හා සාලිය මධුරංග එසේ රිමාන්ඞ් කරණු ලැබුවෝ වෙති.
අද හඳුනාගැනීමේ පෙරට්ටුවක දී සාක්කිකරුවෝ ඔවුහු හඳුනා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් බීඑස්සී මල්ලියේ, අත උස්සලාද සරසවි ආවේ? (නි)
ඩිප්ලෝමා පාඨමාලාවක් උපාධි දෙන සරසවියක් තුළ පිහිටුවීමෙන් කළ මෝඩකමේ විපාක තමයි මේවා. ඕනෑම සරසවියකින් දෙන්නේ උපාධියක්, ඉතින් මොකටද සරසවියක් තුළම ඩිප්ලෝම පාඨමාලාවක් දැම්මේ? ගැටුම් වලට මුලක් මේක. හොදම විසදුම සරසවි තුළ උපාධි පාඨමාලා තබා, මෙවන් ඩිප්ලෝමා පාඨමාලාවන් සරසවියට අනුබද්ධ පිටත ආයතන විදිහට වෙනම පිහිටුවන එක. මේ ගැටුම දැන් වසර ගණනාවක් පුරාම දකින්න ලැබෙනවා. (නි)
අපි පිළිගන්නවා බී.එස්.සී සිසුන් එන්.ඩී.ටී. සිසුන්ට වඩා මහන්සිවෙලා විභාග සමත් වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට ආවා කියලා. එහෙම නම් එන්.ඩී.ටී සිසුවෙක්ගෙ බයික් එකක් කුඩුපට්ටම් කරලා, සිසුන් පහලොස් දෙනෙක්ට විතර ගහලා, විශ්ව විද්‍යාලයෙදිත් ගුටිකාපු එන්.ඩී.ටී සිසුන්ට හූ කියලා, ලජ්ජා කළේ අයි? එහෙම කරපු නිසා නේද අද ඔය වගේ තත්වයක් උදා වුණේ? මෙතනදි වඩාත් බුද්ධිමත් කියන බී.එස්.සී සිසුන් ක්‍රියා කරලා තියෙන ආකාරය වැරදියි නේද? ඉතින් බී.එස්.සී සිසුන් තරම් බුද්ධිමත් නොවන එන්.ඩී.ටී. සිසුන් මෙහෙම දෙයක් කරපු එක ගැන පුදුමයක් අපට නම් නැහැ. (නි)
පුද්ගලික ඉන්ජිනේරු උපාධි ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ඕනෑ කෙනෙක් දන්නවා මොරටුවෙන් එන ඉංජිනේරුවෙක් කොච්චර උගත් බුද්ධිමත්ද කියලා. එන්.ඩී. ටී. එක තියෙන නිසා තමයි ඉංජිනේරු ළමයින් ට නිදහසේ ඉගෙනගන්න බැරි. (නි)
මෙදා සැරේ නම් එන්.ඩී.ටී. එකට වැඩ වරදී වගේ. කළ කළ දේ කවදා හරි පල දෙනවා කියන්නේ ඕක තමයි. මේකත් බලන්න. http://lankacnews.com/english/main-news/n-d-t-to-be-removed-from-moratuwa-university-premises/ (නි)
කට පාඩම්කරලා උපාධි ගත්තට වැඩ බැහැ.. ඒකයි මේ තරම් බය.. වැඩ පුළුවං උපාධිදාරීන් ඔහොම කෑගහන්නේ නැහැ..!(නු)
හරියට සිද්ධිය හොයලා බලන්න වටිනවා. (නි)
හරියට මරණයට ගෙනියනවා වගෙයි. පවු අනේ! මුහුණුත් වහගෙන. (නි)
අපිටත් ඔය මුහුණු ටික දැකගන්න හිස් වැසුම ගලවලා ගෙනියන්න. (නි)
එන්.ඩී.ටී. අයට හිරේ ඉදලා පුරුදු නම් එහෙටම වෙලා ඉන්න.. ඉගෙන ගන්න අයට එහෙම ඉන්න දීලා..!(නු)
මොරටුවේ නම විකුණගෙන කාපු කාලේ අවසන් වෙන්න වගෙයි යන්නේ. (නි)
මේ අයව ප්‍රසිද්ධියේ එල්ලන්නයි තියෙන්නේ. එතකොට අනාගත චණ්ඩි බිහි නොවේවි. මහපොළ ශිෂ්‍යත්වයෙන් මහජන ආධාර අරන් ,තවත් පොදු දේපල විනාශ කරන මෙහෙම අයට දැන්මම පාඩමක් ඉගැන්විය යුතුයි. නයින්ට කිරි පොවන්න හොඳ නැහැ. කවදාහරි දෂ්ට කරනවා. (නි)
අපිට පුද්ගලික විශ්ව විද්‍යාල කොච්චර තිබුණත් කමක් නැහැ. හැමෝම දන්නවා අපි වැඩකාරයෝ කියලා. (නි)
මොරටුවෙ උපාධිය හදාරන අය ඉතාමක් දක්ෂ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල එයාලට ගැටලුවක් නෙමෙයි නම් ඇයි තාමත් මොරටුව සරසවිය ජාත්‍යන්තර අගයන්ගෙන් 2000 විතර ඉන්නේ.. බී.එස්.සී. කරන කීදෙනෙක්ද හරියටම දන්නේ තමන්ගේ සරසවියේ අගය ගැන වත්..!(නු)
හැංගිලා හිටිය කවුද කියලා දැං හැමෝම දන්නවා.. එන්ඩීටී එක එලවන්න උත්සාහකළා වගේම නිදහස් අධ්‍යාපනය රැකගන්නත් ඔය වගේම සටන් කළොත් නරකද? (නු)
මෙම ගැටුමට පෙර ඇති වූ ගැටුම (එන්ඩිටී සිසුවාගේ යතුරුපැදිය සිසුන් විනාශ කල අවස්ථාවේ ) නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවුනි...ඒ පිලිබදව හෝ සිදුවොඕ අසදරණය පිලිබදව කිසිදු මාද්‍යක් හෙළිදරව් කරේ නැත....එන්ඩීටී සිසුන් නිරපරාදේ මෙම පහර දීමට යොමු වීමට තතරම් පහත සිසුන් පිරිසක් නොවන බව සදහන් කල යුතුය ..(නු)
ඇයි මේ මූණ වහගෙන යන්නෙ....මෙයාලා ඉගෙන ගන්න කැම්පස් ගිහින් මැරයෝ වගෙ චන්ඩි කම් කලේ මූණු වහගෙන නෙවෙයිනෙ.කාට බයේද මේ.දෙමව්පියන්ගෙ සල්ලියි,ගෞරවයයි,මහජන මුදලුයි නාස්ති කරන මෝඩ ළමයි.(ස)
රටේ ලෝකෙ මිනිස්සු තාමත් දක්ශයො වැඩකාරයො කියල සලකන්නෙ උ.පෙ සුපිරියට පාස් වෙන අය විතරයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හරියට මාලුවෙක් , වදුරෙක්, අශ්වයෙක් එකට තියලා උන්ගෙ ගස් නගින්න තියන හැකියාවට ලකුණු දෙනවා වගේ වැඩක්. (නි)
කවුරු වුණත් පොදු දේපළ වලට අලාභහානි කළා නම් , සරසවිය ඇතුළේ ප්‍රශ්න ඇති කළා නම් ඒක වැරදියි. (නි)
ඇත්ත ගැටලුව නිදහස් අධ්‍යාපනයෙයි.. ඔවුන් දන්නේ නැහැ මේකෙ වටිනාකම..!(නු)
ගෑණු ළමයින්ගේ හොස්ටල් වලට ගිය අය ගැනත් හොයන්න වෙනවා. (නි)
ඉතුරු චන්ඩි ටික අල්ලලා වැලිකඩට දාන්න (ස)
මූන වහගෙන අරගෙන යන්නේ හදුනාගැනීමේ පෙරෙට්ටුවට.. ඒ සාමාන්‍ය ක්‍රමය..!(නු)
මේ පසුපස ඉන්න අනෙක් අයවත් සොයලා දඩුවම් දෙන්න. (නි)
මූණ වහගෙන අරගෙන යන්නේ හදුනා ගැනීමේ පෙරට්ටුවකට . ඒක සාමාන්‍ය ක්‍රමය .(ස)
එහෙනම් දැං දඩුවම් දෙන්න..!(නු)
කැළේ ඉන්නා සතුන් සියල්ල එකමුතුව සිටින්නා සේ මොවුන් සැමද එකමුතුව සිටිය යුතුයි. (නි)
එන්.ඩී.ටී. ය බී.එස්.සී. යෙන් වෙන් කළ යුතුයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලසන්ත වික්‍රමගේව මරපු අයවත් මෙහෙම හොයාගන්න බැරිද? (නි)
හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන සැකකරුවෝ මූණ වහල ගෙනියන්නේ ලජ්ජාවටවත් බයටවත් නෙවෙයි. ඒක නීතිමය අවශ්‍යතාවයක්. සැකකරුවෝ අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඉඳල ඇසින් දුටු සාක්ෂිකරුවෝ හඳුනා ගන්නකම් ප්‍රදර්ශනය කරන්න බැහැ. නැත්නම් සමහරු එක එක්කෙනා ආදේශ කරලා එක එක්කෙනාව පෙන්නන්න කිය කියා අධිකරණය නොමග යාවන්න පුළුවන්.(ස)
හොයලා බලන්න පොඩ්ඩක් මේ අය ඉහළ දේශපාලන උදවු ඇති අයද කියලා. (නි)
මෙහෙම කරලා ගන්න සහතිකලත් අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. (නි)
සියල්ලන්ගේම යහපත උදෙසා මොවුන් පුනරුත්තාපනය කරන්න. (නි)
අමිල ඔයා කියන්නේ 1970-79 කාල උන දේවල්ද?(නු)
මෙයාලාව සරසවි නෙමෙයි යවන්න තිබුනේ.. (නු)
දැඩි දඩුවම් දෙන්න (දී)
ජම්බු ගහෙන් වැටුණු ගොනාට මිනිහා ඇනලා වගේ... (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඇත්තටම සරසවියට යන්නේ දක්ෂ ළමයින්මද? ලංකාවේ කටපාඩම් අධ්‍යාපනයේ ඇත්තටම වැරදි ගොඩක් තියෙනවා. (නි)
අලාභ වූ මුදල් ප්‍රමාණය මොවුන්ගෙන් අයකර ගන්නයි තියෙන්නේ. (නි)
කොහොමත් ඔය දෙකට එක තැනක එකට ඉන්න අමාරුයි. නොදැක ඇගේ හැපුණත් කෙළවර ගැටුමක්. ඔය ගැටුමට දැන් කොච්චර කල් සිට එන එකක්ද? ඔය ගැටුම් මුල්පුරපු අය දැන් එකට එකතු වෙලත් ඇති. ඒත් ඇතුලෙ ඉදිද්දි හැමදාම වලි. දෙපාර්ශවයටම සාධාරන ගැටලු තිබිය හැකිමුත්, දෙපිරිසම විසදාගත යුතු ප්‍රධාන ගැටලු මේවා නොවන බවයි මගේ හැගිම. (නි)
එන්.ඩී.ටී. කට්ටියව විද්‍යා පීඨ වලට අන්යුක්ත කරන්න. (නි)
චණ්ඩියෝ වගේ ගැහුවා නම් මොකද අද මුහුණ වහගෙන යන්නේ? (නි)
ඒක නම් හොදයි, දැන් නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල මෙයයි. (නි)
වැරැද්ද නිවැරැද්ද ගැන හරියට හොයලා බලනවා නම් වටිනවා. මොරටු සරසවිය එක කොටසකගේ බුදලයක් නොවේ. (නි)
උපරිම දඩුවම දෙන්න (දී)
ඔහොම යමු! (නි)
දැන් එන්.ඩී.ටී. ඉතුරු කට්ටිය කොහේද දන්නෙ නැහැ බයේ හැංගිලා ඉන්නේ? (නි)
විශ්ව විද්‍යාලය රෑන්ක් එකෙන් ශිෂ්‍යයන්ගෙ දක්ෂකම මනින්න බැහැ. මොරටුව විශ්ව විද්‍යාලය රෑන්කින් වල පහළට යන්න හේතුව ලොකයේ විශ්ව විද්‍යාලවලට සාපේක්ශව විද්‍යාගාර පහසුකම්,දේශන ශාලා වගේ භෞතික පහසුකම් වල ඌණතාවයයි. පර්යේෂණ සිදුවීම් අඩු වීමයි. ඒවට ඉගෙන ගන්න අපිට කරන්න දෙයක් නැහැ. ඒක රජයේ වගකීමක්. හැබැයි මොරටුවෙ බී එස් සී අරගෙන පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි වලට රටගිය මිනිස්සු හැමදාම බැජ් එකේ පළවෙනි දහදෙනා අතරෙ හිටිය අයයි. (නි)
නියම දඩුවම් ලබා දෙනු! (නි)
කාර්මික විද්‍යාල වලට මේ එන්.ඩී.ටී. ළමයි ටික යැවුවා නම් හරිනේ. (නි)
මේ අයට තිබෙන්නේ එතකොට මිනීමැරුම් චෝදනාද? (නි)
ඔන්න බබෝ බිල්ලෝ එනවා... (නි)
යන්තම් A/L වලට S 3 ක් අරන් ඉන්ජිනේරුවන් යන අයට ඔහොම වෙනවා (ස)
සහන් එතකොට මේ ලෝකෙ ඩිප්ලෝමා ලබාදෙන සරසවි නැද්ද? (නි)
මෙයාලට මෙතන මුහුණ පෙන්නන්න ලැජ්ජයි. ගෑනු හොස්ටල් වලට ගහන්න ලජ්ජා නැහැ. හරිනම් උල තියන්න ඕනෑ. නිදහස් ආධ්‍යාපනය විනාශ කරන මේ වගේ අය දොට්ට දාන්න ඕනෑ. (නි)
අපිට හිරේ ඉඳලා හොඳට පුරුදුයි. අපිව ඕවගෙන් නවත්තන්න බැහැ. (නි)
මුණු වහගෙන ආපු මැරයොන්ට මුණු වහගෙනම යන්න වුණෘ එහෙනම් ? (නි)
අසරණ ළමයිට ඉගෙන දෙන්නේ නැති නිසා මේ අයට නිසි දඩුවම් දෙන්න (දී)
ඇයි ඔයාලා පුද්ගලික ඉන්ජිනේරු උපාධි නවත්වන්න කතා නොකර එන්.ඩී.ටී. එක සරසවියෙන් ඉවත් කරන්න කතාකරන්නේ? (නි)
මේකෙ එක පැත්තක් බලලා හරියන්නෙ නැහැ. එන්.ඩී.ටී. සිසුන්ට ගහලා බයික් එක කුඩුකරපු එක ගැන දැන් කිසිම කතාවක් නැහැ. දැන් ඉතින් එන්.ඩී.ටී. සිසුන් විතරයි වැරදිකාරයො. මෙහෙමත් ලෝකයක්. (නි)
අනේ! මේ හතරදෙනාට විතරක් පුලුවන්ද මෙච්චර හරියක් කරන්න? (නි)
මේකට වගකියන්න ඕන අන්තරය සහ ජේ.වී.පී එකයි.. (නු)
මොකද මේ හතර දෙනෙක්ව විතරක් පාවාදීලා අනෙක් කට්ටිය බයේ හැංගිලා? (නි)
මෙයාලගේ ඔලු ඉදිමිලා. ලංකාවෙ ඉහළ පෙළ කියලා හිතෙනවා ඇති. වැඩ නම් හෝතඹුවො වගේ. මුලින්ම මෙයාලට මුල්ලේරියාවෙන් වෛද්‍ය පරීක්ෂණයක් තියන්න ඕනෑ. (නි)
ඔවු සහන්. අම්පාරේ හාඩි එක ළග අලුත් ගොඩනැගිල්ලට මෙයාලව යවන්න පුලුවන්. (නි)
අමිල, අනුන් පහත් කොට හෙළා තලා කතා කිරීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඔබගේ දුර්ගුණයයි. එය අසන දකින අය ඒ පුද්ගලයාට වඩා ඔබ පහත්කර සිතාවි. ක්‍රියා කරාවි. එයින් වන්නේ ඔබේ තිබෙන තත්ත්වයත් නැතිවීමයි. (නි)
දැන්නම් යන්නේ සිල්ගත්ත අන්දයෝ වගේ (ස)
මෙයාලාව එවන්න සෞදියට. ඒ අයව හොද පුරවැසියන් කරලා එවන්න පුලුවන්. (නි)
බුද්ධිමත් බී.එස්.සී මල්ලියේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවකදී මුහුණ වහගගෙන තමයි යන්නේ.. සරසවියට ආවෙ කොහොමද කියලත් සැකයි.. අහක ඉන්න නයි අවුස්සාගෙන දැං කනවො කියනවා.. ඒ වගේම සර්පයෝ හරියට විසයි කියනවා.. ඕවා ජනවාරි පළමුවැනිදා හිතන්න තිබුණා..!(නු)