මොරටුව විශ්ව විද්‍යාලයයේ පසුගිය දා පහරදීම සම්බන්ධයෙන් මොරටු ජාතික තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් දෙදෙනා ලබන 28 දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ඒ.ආර් සෝමසිංහ මහතා නියෝග කෙළේය. තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ ගිහාන් මංජුල සහ රොෂාන් දසනායක එම දෙදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගැටලුව ආරම්භ කළ අයටත් දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ශිෂ්‍යයන් වශයෙන් පිළිගන්න බැහැ මේගොල්ලන්ව.. පුරප්පාඩු වූ අලුගෝසු තනතුරට මේගොල්ලන්ට දුන්නොත් මොද?(නු)
තුෂාර, ඔයාලගෙ ගමේ තියෙන ඩිප්ලොමා කඩ වලින් එළියට එන අයත් එක්කත් ඔයාලට ළඟදිම ගහ ගන්න වෙයි. මොකද ඒ ගොල්ලොත් කියයි ඔයාලට වඩා ඒ අයට දැනුම තියෙනවා කියලා. කයිය පමණක් ඇති ඔයාලා වැඩක් කරන්නෙ නැහැනෙ. ඒ වගේම ඔයාලා ගමේ බාසුන්නැහේලා එක්ක දැනටම ගහගෙන තියෙන්න ඕනෑ. මොකද එයාලා හැමදාම කියන්නෙ ඉන්ජිනේරු මහත්තයලට බදාමෙ පදම කියලා දෙන්නෙ එයාලා කියලනෙ. (නි)
ඩිප්ලෝමා කෝස් ඕනෑ තැනක කරන්න පුළුවන්. අපේ ගමෙත් ඩිප්ලෝමා කඩ තියෙනවා.මේ තාක්ෂණ කෝස් එක මොරටුව විශ්ව විද්‍යාලයේ තියන එක තමයි වැරැද්ද. මේක වෙන පොඩි තැනකට ගෙනිච්චා නම් ප්‍රශ්නේ ඉවරයි. (නි)
ඔතන මුලින් තිබුනේ එන්.ඩී.ටී. එක බව හැබෑව. ඉතින් එහෙමෙයි කියලා එයාලට ඒක ලියලා දීලා තියෙනවද? (නි)
https://www.facebook.com/ndt.sisuwek මේක බලලාවත් ඇත්ත තේරුම් ගන්න බලන්න. (නි)
කඩු රැගෙන පැමිණියාට මිනීමැරුම් චෝදනා ගොනුකරන්න බැරිද? (නි)
ඔය වගේ මිනි මරුවන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕන..... (ස)
මේ අයව පුනරුත්තාපනය කර අනාගතය වෙනුවෙන් භාරදෙන්න. (නි)
අනෙක් ළමයින්ටත් ආදර්ශයක් වෙන්න මේ අයට දැඩි දඩුවම් දෙන්න. (නි)
මේ අයට නිසි දඩුවම් දී ශිෂ්‍ය සමාජය ආරක්ෂා කළයුතුයි. (නි)
ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය ගැළපෙන්නෙ නැහැ. (නි)
මෙවැනි කඩාකප්පල් කාරීන්ට නිසි දඩුවම් දි රටේ අනාගතය රැකගන්න (ස)
මෝඩ කතා කියන්න එපා රෝගුස් ඇත්ත දන්නේ නැතුව.. (ස)
එන්.ඩී.ටී. මල්ලිලාටත්, බී.එස්.සී. අයියලාටත් නොතේරේද මේ ජීවිතයේ අරුත? (නි)
ඇත්තටම අපි දන්නෙ ප්‍රශ්නේ එක පැත්තක් ගැන විතරයිනේ. (නි)
මේ චණ්ඩින්ව යවන්න තියෙන්නේ වැලිකඩට. (නි)
ඇත්ත තිත්තයි. කලින් (2013-01-01) ඉංජිනේරු ශිෂ්‍යයන් කරපු වැරදි වලට දඬුවම් නොදුන්න විශ්ව විද්‍යාල පරිපාලනය තමයි මේකට වග කියන්න ඕන. (ස)
මේ දේවල් යළි අනාගතයට ඇති නොවෙන්න නම් මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ඉංජිනේරු ශිෂ්‍යයන් කරපු වැරදි වලට දඬුවම් නොදුන්න විශ්ව විද්‍යාල පරිපාලනය තමයි මේකට වග කියන්න ඕනෑ. (නි)
ඩිප්ලෝමා විතරක් නෙමේ උපාධි පාඨමාලා වුණත් හැම තැනම තියෙනවා දැන්. එකම සරසවියේ ඕනෑ තරම් දෙකම දෙන අවස්ථා තියෙනවා. සමහරුන්ගේ තියෙන මහන්තත්ත්වකම තමයි අදහස් වලින් පෙනෙන්නේ. ඔය මැට්ටෝ දැන ගන්න ඕනෑ එන්.ඩී.ටී. තමයි මොරටුවේ මුලාරම්භය කියලා. (නි)
01-01-2013 වෙනිදා වුණ සිදුවීමෙන් ඉන්ජිනේරු සිසුන් වීරයෝ බවට පත් වුණා. අද ඔවුන් එහි ප්‍රති ප්‍රහාරයට මුහුණ දීලත් වීරයෝ බවට පත් වෙලා. (නි)
මේ දෙන්නාට පමණක් නොව කලින් මැර ප්‍රහාරයට සහභාගි වු වැදගත් කියාගන්නා බීඑස්සී ඉන්ජිනේරු අයටත් දඩුවම් ලබාදිය යුතුයි. (නි)
අපේම විශ්ව විද්‍යාලයට පසුව ඇවිත් අපිටම තලන, අපව එළවන්න කුමන්ත්‍රන කරන ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ වැරදි කාටවත් පෙනෙන්නේ නැති අරුමය කිමද?? (නි)
තුෂාරගේ අදහස් වලින්ම ගමේ ඩිප්ලෝමා කඩේකටවත් ගිහින් නැති බව පෙනෙනවා. (නි)
01-01-2013 වෙනිදා ඉන්ජිනේරු සිසුන් තාක්ෂණ සිසුන් ට සිදු කල මිලේච්ච පහර දීම ගැන කව්රුවත් කතා නැහැ ..... එදා ඔවුන් පහර දීල වීරයෝ බවට පත් උනා ...අද ඔවුන් එහි ප්‍රති ප්‍රහාරයට මුහුණ දීලත් වීරයෝ බවට පත් වෙලා.... ඒ වරද නිවැරදි කරොත් හොදයි .... (ස)
01-01-2013 වෙනිදා ඉන්ජිනේරු සිසුන් තාක්ෂණ සිසුන්ට සිදු කළ මිලේච්ච පහර දීම ගැන කවුරුවත් කතා නැහැ. එදා ඔවුන් පහර දීලා වීරයෝ බවට පත් වුණා. අද ඔවුන් එහි ප්‍රති ප්‍රහාරයට මුහුණ දීලත් වීරයෝ බවට පත් වෙලා. (නි)
මිනීමරුවන් එලවා දමන්න (ස)
හිරේ නෙවෙයි දාන්න ඕන මේ දෙන්නාව!!!! (ස)
මේ අය යවන්න තියෙන්නේ වැලිකඩ පුනුරුත්ථාපන කඳවුරට , විශ්ව විද්‍යාල වලට නෙමෙයි (ස)
නිරෝෂා ගැන මම දුක් වෙනවා ඒ වගේ ම සන්තෝෂයි අදහස් වල ට. බදාම අනන විදිහ ඉංජිනේරු උපාධිය ට අවශ්‍ය නැහැ. එක උගන්වන්න ඕනා NDT වගේ ඩිප්ලෝමා කෝස් වලදියි. වැඩේ වෙලා තියෙන්නේ බදාම අන්න ඕන කෙනා ඉංජිනේරු වැඩ කරන්න යනවා නේ. අපි නම් මේක ට කියන්නේ හීනමානය කියලා.(ස)
එන්.ඩී.ටී. සිසුන් එහෙම පහර දෙන්න ඇත්තේ හේතුවක් ඇතුවයි. (නි)
වහාම එන්.ඩී.ටී. එක මොරටු සරසවියෙන් ඉවත්කරන්න. (නි)
යාන්තම් තුන් වාරයක් විභාගෙ කරලා එස්-3 ක් අරගෙන එන්.ඩී.ටී. ඩිප්ලෝමා වලට ඇවිත් සහතිකයක් අරන් එළියට බසින පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය තදින්ම හෙලා දකිමි. (නි)
එන්.ඩී.ටී. සිසුන්ට දැඩි දඩුවම් ලබාදී මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටත ඔවුන්ගේ ආයතනය පිහිටුවිය යුතුය. (නි)
එයාලා හිතාගෙන ඉන්නේ එයාලා ඉන්ජිනේරුවෝ නිසා අනෙක් අය ගැන පහත් විදියටයි. (නි)
අනාගත ඉංජිනේරුවෝ වර්තමාන මැරයෝ..!(නු)
කසුන්, මෝඩ කතා නොකියා උපාධිය අරගෙන ඉක්මණින් එළියට එන්න බලනවා. (නි)
එන්.ඩී.ටී. අයගේ හීනමානය නිසයි මේ ඔක්කොම. (නි)
අපිට කාවවත් එළවන්න කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නැහැ. මොරටුව තාක්ෂණ ආයතනයට ඇතුල්වන ඕනෑම ශිෂයෙක් ගිවිසුමකට අත්සන් කරනවා ඕනෑම වෙලාවක මොරටුව සරසවි භූමියෙන් යන්න කැමතියි කියලා. එයාලා යන්න අකමැති නම් අපිව යවන්න. අපි කැමතියි ඕනෑම තැනකට යන්න, මොකද ඒක අපිට ප්‍රශ්නයක් නොවන්නේ අපි අනුන්ගේ පහනෙන් එළිය බලන පිරිසක් නොවන නිසා. අපි හෙට බින්තැන්නට යැවුවත් අපි බය නැහැ. එදාට බින්තැන්න විශ්වවිද්‍යාලය ලංකාවේ හොදම විශ්වවිද්‍යාලය බවට පත් කරන එක අපිට මහා ලොකු දෙයක් නෙමෙයි.එදාට මොරටුව තාක්ෂණ ආයතනයේ අයට නම් තමාගේ නියම තත්වය තේරෙයි . (නි)
2013-01-01 දා සිද්ධ වෙච්ච දේ ගැන නම් කාටවත්ම මතක නැහැ වගෙයි. (නි)
පසුගිය දින මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුන්ට සිදු කරන ලද මිලේච්ච පහරදීම සම්බන්ධව සිදු කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ පරිදි මෙම පහරදීමට සම්බන්ධ වූ බහුතරයක් පිරිස මීට වසර ගණනකට පෙර එන්.ඩී.ටී. පාඨමාලාව හදාරා විශ්වවිද්‍යාලයෙන් පිට වූ සිසුන් වේ. මෙමගින් තහවුරු කරන ප්‍රධාන කරුණ නම්, වර්තමානයේ අප රටට අවැසි වැදගත් වෘත්තිකයන් පිරිසක් මෙම පාඨමාලාව හරහා බිහි නොවන බවය (නි)
මානසික ආබාධ සහිත අයවලුන් පුනරුත්තපනය කර දැයේ දරුවන්ගේ වටිනා ජීවිත සුරක්ශිත කල යුතුයි. මිනිමරුවන් සියලු දෙනා ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට ලක් කල යුතුයි. (ස)
මෙම මැර ප්‍රහාරයට සහභාගි වූ සියල්ලන්ටම උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මේක බලලාවත් ඇත්ත තේරුම් ගන්න බලන්න: http://www.gossip9.com/2013/01/blog-post_6091.html#more මේ දේවල් යළි අනාගතයට ඇති නොවෙන්න නම් මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
අයියෝ සල්ලි (දී)
මේ දෙන්නාට පමණක් නොව කලින් මැර ප්‍රහාරයට සහභාගි වු වැදගත් කියාගන්නා බීඑස්සී ඉන්ජිනේරු අයටත් දඩුවම් ලබාදිය යුතුයි (නි)
ඩිප්ලෝමා විතරක් නෙමේ උපාධි පාඨමාලා වුණත් හැම තැනම තියෙනවා දැන්. එකම සරසවියේ ඕනෑ තරම් දෙකම දෙන අවස්ථා තියෙනවා. සමහරුන්ගේ තියෙන මහන්තත්ත්වකම තමයි අදහස් වලින් පෙනෙන්නේ. ඔය මැට්ටෝ දැන ගන්න ඕනෑ එන්.ඩී.ටී. තමයි මොරටුවේ මුලාරම්භය කියලා (නි)
ලෝක පුජිත එම්.අයි.ටී. ආයතනයත් පටන්ගත්තෙ ටෙක්එකක් විදියට තමයි. එතන තවමත් මේ හැම අංශයක්ම තියනවා. බීඑස්සී, එන්ඩීටී විතරක් නෙමෙයි කෙටි පාඨමාලා වුණත් මොරටුවේ කරන්න ඕනෑ, ජාතියට තාක්ෂණය සපයන අනර්ඝ ආයතනයක් විදියට. මුලික ප්‍රශ්නය මේ සිසුන් දෙගොල්ලටම අවශ්‍ය පහසුකම් බෙදා ගන්න පුළුවන් විදියට මෙතනම තියනවද කියන එකයි. (නි)
දැන් ඔය ඉංජිනේරු මල්ලිලා 31 රෑ එන්.ඩී.ටී. අයට ගල් වලින් ගහන්න ඇත්තේ හෙණ පරිස්සමට ඔලුවෙන් පහළ ටාගට් කරලා වෙන්නැති නේ... (නි)
මොකද්ද මේ "එස් 3 " කථාව.අනිත් හැම සරසවියට වගේම ඉන්ජිනියරින් වලටත් අවශ්‍ය අවම සුදුසුකම එස් 3 ම නෙමේද? (නි)
බයිසිකලයක හා මිනිස් ජීවිතයක වටිනාකම අතර වෙනස හදුනාගැනීමට තරම් වත් මොලයක් ඇති පිරිසක් ඊළග වතාවෙවත් එන්.ඩී.ටී. එකට ගන්නවා නම් හොඳයි. (නි)
1). මිනී මැරීමට තැත් කිරීම. 2). බරපතල තුවාල සිදු කිරීම. 3). සංවිධානාත්මකව රාජ්‍ය දේපලවලට හානි කිරීම. කියලා කියන්නෙ බරපතල දඬුවම් ලැබිය හැකි වැරදි. ඒවාට අනුබල දීම, ඒවා අනුමත වන පරිදි හැසිරීම හෝ අදහස් දැක්වීම මගිනුත් ඒ චූදිතයන්ට කිසිදු සෙතක් සිදුවන්නේ නැහැ. ලැබිය හැකි දඬුවම් මොනවද කියලා ඔබතුමාලා පොඩ්ඩක් හොයලා තියාගන්න. හැබැයි දැන් ප්‍රමාදයි. ඒක නිසා තවත් වීරයො වෙන්න හදන්නෙ නැතුව ටිකක් පැත්තකට වෙලා හිටියොත් හොඳයි. (නි)
විශ්ව විද්‍යාල තියෙන්නේ උපාධි දෙන්න මිසක් ඩිප්ලෝමා දෙන්න නෙමයි. (නි)
මේ දෙන්නාට පමණක් නොව මෙම මැර ප්‍රහාරයට සහභාගි වූ සියල්ලන්ටම දඩුවම් ලබාදිය යුතුයි. (නි)
එක පැත්තක වැරදි පමණක් පෙනීම සහ එක පැත්තක වැරදි වලට විතරක් දඩුවම් කිරීම දැන් අපේ රටට ආවේණික ලක්ෂණයක් වෙලා වගෙයි. (නි)
මෙම දෙදෙනා රිමාන්ඩ් කරන්න ක්‍රියාත්මක වුණු නීතියම ඇයි බයිසිකලය කුඩු කරපු දෙදෙනාටත් ක්‍රියාත්මක නොවෙන්නේ? (නි)
මේකට මූලික හේතුව වෙන්නේ බී.එස්.සී. සිසුන්ගේ අධි මානසිකත්වයයි. (නි)
ලංකවේ ඉන්න ඉන්ජිනේරුවෝ කවදද ඩිසයින් කරන්නේ? එයාලා 99%ක්ම කරන්නේ ඇණ තද කරන වගේ වැඩ. (නි)
මම මේ නොදන්නා කමටයි අහන්නේ මහත්තයෝ. ඔය ඇන්.ඩී.ටී. එක ඔතනින් අහක් කොරා නම් ඉවරයිනේ ඕන්. එතකොට අපිට ආයෙත් මේ වගේ කතා අහන්න ලැබෙන එකක් නැහැ නොවැ ඉස්සරහට. හොඳම පිළියම ඒක නොවෙයිද? වරද කාගේදැයි කියලා හොයනවට වඩා හොඳම පිළියම ඇන්.ඩී.ටී. ඒක ඔතනින් අහක් කොරණ ඒක නොවැ. (නි)
එන්.ඩී.ටී. අය ගහන්න ගහන්න නැගිටිනවා මිසක් කවදාවත් වැටෙන්නෙ නැහැ. (නි)
බලන්න හසන්ත මහත්තයෝ, අපේ මොරටුවේ ඉංජිනේරු උන්නැහේලාගේ ආශ්චර්යය. අර අහිංසක ළමයින්ට ගැහුවත් වීරයෝ , ගුටිකෑවත් වීරයෝ. බලන්න හසන්ත පුතේ, අපුරුව ඈ? (නි)