IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොරටු ඝාතනයේ හතරක් හඳුනා ගැනෙති

මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කළැයි සැකපිට හදුනාගැනීමේ පෙරට්ටුවට තැබු සැකකරුවන් සිව් දෙනකු හදුනාගැනීමට හිමි දෙනමක් ඇතුළු සාක්කි කරුවන් සිවු දෙනක් සමත් වුහ.

එස්. ධනුෂ්ක ෂෙරෝන් ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු  හා නිපුන සම්පත් ප්‍රනාන්දු, රමෙෂ් දිල්රුක් මෙන්ඩ්ස් හදුනා ගනු ලැබුවෝ වෙති.

අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය ඉදිරියේ පෙරට්ටුව පැවැත් විණි. සැකකාර උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර ලබන 28 දා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.

මරණ පරීක්ෂණ සාක්කි ලබන  21 දින කැදවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

උප නගරාධිපති  සුජිත් පුෂ්ප කුමාර , එම් දිනේෂ් ලක්මාල් ප්‍රනාන්දු, ඉෂාන් කාවින්ද ප්‍රේම බන්දු, තිරුමලම් ඉලන්ගෝ , දුරේෂානී කේසවන්  නිරෝෂාන්  කුමාර්,  චින්තක රුවන්ද සිල්වා සෙසු සැකකරුවෝ වෙති.

සියලු දෙනාම ලබන 28 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.



අදහස් (0)

මොරටු ඝාතනයේ හතරක් හඳුනා ගැනෙති

විජේරත්න Thursday, 14 February 2013 05:11 PM

බුරුලක් දෙන්න එපා (දී)

:       0       0

ශාමා Thursday, 14 February 2013 05:09 PM

නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

දර්ශා Thursday, 14 February 2013 05:11 PM

ඔන්න දැන් තමයි අවස්තාව (දී)

:       0       0

දර්ශන Thursday, 14 February 2013 05:11 PM

රටක් උනාම නිතිය අකුරට තියෙන්න ඕන (දී)

:       0       0

මනෝ Friday, 15 February 2013 02:12 AM

ඔන්න තියෙනවා අවස්තාව, බුරුලක් නම් දෙන්න එපා (දී)

:       0       0

පෙරේරා Friday, 15 February 2013 12:29 PM

28 වෙනකොට උප නගරාධිපතිව හඳුනාගන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද ????(ස)

:       0       0

අෂාන් Thursday, 14 February 2013 05:20 PM

රිස්වාන්..., මේ අය කතෝලික වෙන්න පුළුවන්.. හැබැයි මේක ආගම නිසා කළ අපරාදයක් නෙවෙයි.. ඔයාලා වගේ ආගමේ නාමයෙන් මිනිස්සු මරන්නේ නැහැ අනිත් අය. ආගම් බේධ අවුස්සන්න එපා... (ස)

:       0       0

ශාලිත Thursday, 14 February 2013 01:30 PM

හඳුනා ගත්තනම් කරන්න ඔන දේ දන්නවනේ...ආයේ කථා එපා...(ස)

:       0       0

දිනේෂ් Thursday, 14 February 2013 05:44 PM

අනිවාර්යයෙන් මෙවැන්නන්ට මරණ දඩුවම දියයුතුයි. (නි)

:       0       0

ශාලිත Thursday, 14 February 2013 01:42 PM

අරගොල්ලන්ට මොකක්ද අර වෙලා තියෙන්නේ? මුහුණු විකෘති වෙලාද? (නි)

:       0       0

චින්තක Thursday, 14 February 2013 05:48 PM

ඔන්න දැන් තමයි වැඩේ. නිසි දඩුවම් දෙනකල් අපි බලන් ඉන්නවා (දී)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 01:44 PM

දේශ පාලන බලපෑම් ආවේ නැත්නම්, උප නගරාධිපති ඇතුළු අයව අඳුනා ගැනීම බැරි වෙන එකක් නෑ.. (ස)

:       0       0

ගාමිණි Thursday, 14 February 2013 01:54 PM

භික්ෂු ඝාතනය ආනන්තර්ය පාප කර්මයක්. එලොවදීත්, මෙලොවදීත්, ඒ වගේ දඩුවම් ලැබෙයි. සමහර පන්සල් වලට කොච්චර කළත් මදිම තමා....(ස)

:       0       0

පද්මි Thursday, 14 February 2013 06:22 PM

මේ අය සියල්ල බෞද්ධ නොවේ. (නි)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 02:09 PM

ඔක්කොම එක කූඩුවකට දාලා පැනලා යන්න හැදුවා කියලා කියන්න බැරිද ???? අපරාදේ වෙලාව නාස්ති කරන්නේ(ස)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 02:09 PM

මෙයාලගේ නම් බොහොමයක් හරියට කතෝලික අයගේ වගේ.. මෙතන සැඟවුණ දෙයක් තියෙනවා වගේ...(ස)

:       0       0

බණ්ඩාර Thursday, 14 February 2013 06:48 PM

නිසි දඩුවම් දීමෙන් තවත් කෙනෙක් වරදක් කිරීම නතර වේ (දී)

:       0       0

අමිල Thursday, 14 February 2013 02:17 PM

පුරපතිව අඳුරගන්න බැරිවෙයි.පුරපතිට මතක නෑ කියලත් කියයි...(ස)

:       0       0

කුරුවිට Thursday, 14 February 2013 02:38 PM

හඳුනා ගත්තොත් ඔබ මා... සුදු වෑන් ලැබෙයිද? (ස)

:       0       0

රොහාන් Friday, 15 February 2013 08:05 AM

රිස්වාන්, ආගම් බේද ඇති කරන්න එපා. (නි)

:       0       0

අමිල Thursday, 14 February 2013 03:13 PM

සුළු අපරාධ ගණයට නේද මේක වැටෙන්නෙ.රු 10000ක විතර ලොකු දරන්න බැරි දඩයක් ගහයිද? (ස)

:       0       0

හිල්ම් Thursday, 14 February 2013 03:35 PM

මොනවාද තව බලන් ඉන්නේ (දී)

:       0       0

විරේ Thursday, 14 February 2013 03:46 PM

නැවත මෙවන් විපත් අසන්නට දකින්නට නොලැබේවා (දී)

:       0       0

ජීව Thursday, 14 February 2013 03:58 PM

මෙතන ඉඩම් ආරවුලක් පිටින් දාලා භික්ෂුඝාතනයක් සිදු වෙලා වගේ... වැඩි හරිය කතෝලික. හැබැයි අනිත් පැත්තේ උනානම් සිංහල බෞද්ධයෝ ඉවරයි... නුඹලට තෙරුවන් සරණයි...!!(ස)

:       0       0

ධම්ම Thursday, 14 February 2013 04:02 PM

උප පුරපති හදුනා ගැනීම නම් ලෙසි වෙන එකක් නෑ(ස)

:       0       0

ඉන්ෂ් Friday, 15 February 2013 10:31 AM

ලලිත් ජාති ආලෙන්ද කරන්න කියන්නේ... (ස)

:       0       0

පිටිගල Thursday, 14 February 2013 11:01 PM

බන්ධනාගාර නිළධාරීවරුනි, මේ මහත්වරුන්ව හොදින් බලාගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site