පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වාර්ෂික මහ කි‍්‍රකට් සංග‍්‍රාමයේ ආරම්භක දිනය වන අද (22) දිනය අවසන් වන විට තරගයේ වැඩි ගෞරවය හිමිකරගැනීමට ධර්මපාල විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ.
දිනය අවසානයේ තරගය අත්හිටුවන විට රාහුල විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 56 ක් ලබාගෙන ඉතා අසීරු තත්වයක පසුවිය.
එහිදී එක් අන්තයක පිට පිට කඩුලූ දැවී යද්දී ඉතා සුපරික්ෂාකාරීව පන්දුවට පහරදෙමින් පන්දු 51 කදී නොදැවී ලකුණු 27 ක් රැස්කළ රාහුල විදුහල් කණ්ඩායමේ උප නායක ශෙහාන් කහඳුගොඩ අනෙක් අන්තය ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැදීසිටීමට සමත්විය.
පන්දු යැවීමේදී ඕවර 6 ක් යවමින් ලකුණු 7 ක් පමණක් ලබාදී කඩුලූ 2 ක් දවා ගැනීමට ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායක සහන් චාමිකර සමත්වූ අතර ලකුණු රැස්කිරීමේදී පන්දු 31 කට මුහුණ දී නොදැවී සිටිමින් වේගවත් ලකුණු 35 ක් රැස්කිරීමටද ඔහු සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය.
ධර්මපාල විදුහලේ හිමාෂ ලියනගේ ලකුණු 66 ක් ලබාගත්තේ පන්දු 83 කිනි. ඉන් ලකුණු 34 ක්ම හයේ සහ හතරේ පහර වලින් වාර්තාවීමද සුවිශේෂී සිදුවීමකි. ඔහු විසින් එම ඉනිම තුළ එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් රැස්කර තිබේ.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රාහුල විදුහලේ මයුර ගලප්පත්ති ඕවර 22.5 යවා ප‍්‍රතිවාදීන්ට ලකුණු 98 ක් ලබා දෙමින් කඩුලූ 8 ක් දවාලීමට සමත්විය.
ධර්මපාල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 233
(හිමාෂ ලියනගේ 66, සහන් චාමිකර නොදැවී 35, තරිඳු මධුවන්ත 27, හර්ෂ ගාල්ලගේ 26, ප‍්‍රශාන් රත්නායක 26, මයුර ගලප්පත්ති 98/8)
රාහුල විදුහල පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී 56
(තරිඳු නරසිංහ 16, ශෙහාන් කහඳුගොඩ නොදැවී 27, කුෂාන් ජයලත් 8/2, සහන් චාමිකර 7/2)
ඡයාරූපය: ශානුක අරවින්ද
ධර්මපාල විදුහලේ කී‍්‍රඩකයෙකුගෙන් උඩපන්දුවක් රැකගැනීමට උත්සහයක්...
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මයුර ගලප්පත්ති දක්ෂ පන්දු යැවීමක
සුගත් Saturday, 23 February 2013 12:27 PM
සජීවී ව මැච් එක බලන්න(ස)