ජෙහාන් මුබාරක්ගේ (90) සහ නිරෝෂන් දික්වැල්ලගේ (86) විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පළාත් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ජෙහාන් මුබාරක් මෙහෙයවන වයඹ පිල කඩුලූ 2 කින් චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල පරාජය කිරීමට සමත් විය.
රුහුණ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 263
(ගයාන් මනීෂාන් 39, අෂාන් ප‍්‍රියංජන් 24, ඉන්දික ද සේරම් 35, ජනක ගුණරත්න නොදැවී 64, ඩිල්රුවන් පෙරේරා 17, දිල්හාර ලොකුහෙට්ටිගේ 22, තරංග ලක්‍ෂිත 46/2, චතුර රන්දුණු 46/2, තරිඳු කෞෂාල් 46/2)
වයඹ පිල ඕවර 46.1 කදී කඩුලූ 8 ට 264
(ඩිල්ෂාන් මුණවීර 36, නිරෝෂන් දිල්වැල්ල 86, ජෙහාන් මුබාරක් 90, ෆර්විස් මහරුෆ් 16, සචිත් පතිරණ 42/5, ෂෙහාන් ජයසූරිය 34/2)
දික්වැල්ලගේ අනගි ඉනිමෙන්...
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුබාරක් - දික්වැල්ල වයඹට ජය ගෙනෙති
වරුණ Tuesday, 22 January 2013 07:07 AM
මුබාරක්ව ඊළග ජාතික කණ්ඩායමේ තරගයට ගනීවිද දන්නෙ නැහැ. (නි)
ඉර්ෆාන් ධර්මා Tuesday, 22 January 2013 08:29 AM
මුබාරක් හැමදාම මෙහෙම තමයි. අන්තර් සමාජ මට්ටමෙන් හොදට සෙල්ලම් කරනවා, එහෙත් ජාතික කණ්ඩායමට ආවම හරියට සෙල්ලම් කරන්නේ නැහැ.??? (නි)
ලහිරු Tuesday, 22 January 2013 09:59 AM
මේ වගේ තරඟ වලදි ලකුණු ගත්ත කියලා ජාතික කණ්ඩායමට නම් කරනවට නම් අපි කැමති නෑ.(ස)
සිල්වා Monday, 21 January 2013 06:59 PM
මේ අයගේ දක්ෂතාව ජාත්‍යන්තර මට්ටමකින් දැකගන්න ආසයි. (නි)