ජෙහාන් මුබාරක්ගේ (90) සහ නිරෝෂන් දික්වැල්ලගේ (86) විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පළාත් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ජෙහාන් මුබාරක් මෙහෙයවන වයඹ පිල කඩුලූ 2 කින් චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල පරාජය කිරීමට සමත් විය.

රුහුණ පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 263

(ගයාන් මනීෂාන් 39, අෂාන් ප‍්‍රියංජන් 24, ඉන්දික ද සේරම් 35, ජනක ගුණරත්න නොදැවී 64, ඩිල්රුවන් පෙරේරා 17, දිල්හාර ලොකුහෙට්ටිගේ 22, තරංග ලක්‍ෂිත 46/2, චතුර රන්දුණු 46/2, තරිඳු කෞෂාල් 46/2)

වයඹ පිල  ඕවර 46.1 කදී කඩුලූ 8 ට 264

(ඩිල්ෂාන් මුණවීර 36, නිරෝෂන් දිල්වැල්ල 86, ජෙහාන් මුබාරක් 90, ෆර්විස් මහරුෆ් 16, සචිත් පතිරණ 42/5, ෂෙහාන් ජයසූරිය 34/2)

දික්වැල්ලගේ අනගි ඉනිමෙන්...
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)