IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිනිසාගේ මිතුරා මැරූ 15ක් සැකපිට

බත්තලංගුණ්ඩුවට කිලෝමීටර 10ක් ඈත මුහුදේ අනවසර ලයිලා දැල් දමා ඩොල්ෆින් මාළුන් ඇල්ලූ බව කියන ධිවරයෝ 15ක් කල්පිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ධීවර යාත්‍රා කීපයක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.

ඩොල්ෆින් මැරීම සපුරා තහනම්ය. කෙලවල්ලන් අල්ලන බව කියමින් ඩොල්ඨෆින් මාළුන් මරා ඇතැයි ද, මරා දැමුණු මාළුන් 100ක් පමණ මුහුදේ සිටි බව වෙනත් ධීවරයන් පිරිසක් දැක ඇතැයි ද කියති.



අදහස් (0)

මිනිසාගේ මිතුරා මැරූ 15ක් සැකපිට

ඉසුරන්දි Friday, 01 February 2013 11:09 AM

අහිංසක සතුන් මරන්කන්න හදන පාපතර මිනිස්සු (ස)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 11:12 AM

ටික දවසකට කලින් මාලු මහා ගොඩක් අහුවුණාලු නේද? ඒකට කෙළෙහිගුණ සළකන්න වෙන්න ඇති ධීවරයෝ මේ මාලු ගොඩදාලා තියෙන්නේ. (නි)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 11:15 AM

අපේ මිනිස්සු කරන්න හදන්නේ තහනම් කරන දේවල්මනේ. (නි)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:17 AM

එක්කෝ ඉතින් බෙල්ලේ ගලක් ගැටගහලා ඔය කට්ටියයව මුහුදට තල්ලු කරන්න ඕනෑ. නැත්නම් වෙන මොකක් කියලා දඩුවමක් දෙන්නද? (නි)

:       0       0

දිල්කි Friday, 01 February 2013 11:51 AM

අනේ මෙහෙමත් මිනිස්සු (ස)

:       0       0

ගාමිණී Thursday, 31 January 2013 09:42 PM

අනේ ධීවර මල්ලිලා ඩොල්ෆින්ලට කරදර කරන්න නම් හීනෙකින්වත් හිතන්න එපා.. ජපානෙ මත්ස්‍යාගාරවල ඩොල්ෆින්ලා පුහුණු කරුවන් සමග කරන සෙල්ලම් බලන්න ජපන්නුන්ටත් මටත් කදුළු සැළුනා.. ඩොල්ෆින්ලා අපේ කළ්‍යාන මිත්‍ර යෝ බව අමතක කරන්න එපා.. ඉදිරියටවත්.!(නු) .

:       0       0

මහින්ද Thursday, 31 January 2013 09:57 PM

මෙයාලට අනාගතයක් නැහැ ඉතිං..!(නු)

:       0       0

අමරා Thursday, 31 January 2013 10:20 PM

දැඩි දඩුවම් දෙන්න..!(නු)

:       0       0

උපේකා Thursday, 31 January 2013 10:23 PM

මේකයි අපි කියන්නේ සෞදියෙ නීති අවශයි කියලා..!(නු)

:       0       0

මන්ජුල Friday, 01 February 2013 12:56 PM

මේවා කරන අයත් මුහුදට දාන්න තිබුණේ (ස)

:       0       0

සුරේෂ් Thursday, 31 January 2013 11:11 PM

දෙමව්පියන් මරලා හරි සල්ලි හොයන්න බලන අපේ අයට ඕවත් වැඩද?(නු)

:       0       0

සුගත් Friday, 01 February 2013 01:14 PM

මේ වගේ වැඩ වලට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සරත් Friday, 01 February 2013 01:14 PM

මොන හිතකින් මේ සතාව මැරුවද?(දී)

:       0       0

අනුර Thursday, 31 January 2013 11:41 PM

උපරිම දඩුවම් දිය යුතුයි.. ධීවර කර්මාන්තය ඔවුන්ට තහනම් කළ යුතුයි..!(නු)

:       0       0

බන්දුල කටාර් Friday, 01 February 2013 01:29 AM

අනේ මෙහෙමත් අපරාධයක්.. අවුරුදු 10කටවත් හිරේ යවන්න.,!(නු)

:       0       0

නිසා Friday, 01 February 2013 02:33 AM

අහන්නත් දුකයි. මේවගේ අපරාධ තුන්වන ලෝකෙ රටවල බහුලව සිදුවෙනවා.. මේවා කරන්නේ තමන් ගැන පමණක් හිතන අය මේවාට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් මෙම අනර්ඝ වටිනා නිර්මාණයක් වන ඩොල්ෆින් ඉතාම ඉක්මනින් වදවෙලා යාවි ලංකා මුහුදු තීරයෙන්..!(නු)

:       0       0

අරුණ Friday, 01 February 2013 06:19 AM

දුකයි. උපරිම දඩුවම් දෙන්න (ස)

:       0       0

ඉෂාර Friday, 01 February 2013 08:03 AM

හැම දේටම සෞදියෙ නීති ඉල්ලන්න තරන් කෘර වෙන්න එපා උපේකා නොනේ. තියෙන දඩුවම් ක්‍රම හිරියට අකුරට කලානම් ඇති. (ස)

:       0       0

සෙනරත් Friday, 01 February 2013 08:29 AM

ගාමිණී, ජපානේ සමහර පළාත් වල ඩොල්ෆින් මැරීම සම්ප්‍රදායක් (උදා : Taiji ). කොහොම උනත් මේ අහිංසක සත්තු මැරීම හෙළ දකින්න ඕන. (ස)

:       0       0

දුමින්ද Friday, 01 February 2013 08:35 AM

මේ අපරාධ කරුවන්ට දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

නාරද Friday, 01 February 2013 09:48 AM

මරන්නෙ කන හින්දනේ. ඉල්ලුමට සැපයුම දෙන එකනේ කරන්නේ. (නි)

:       0       0

රුවන් Friday, 01 February 2013 09:51 AM

උපේකා,.. එහෙනම් මේ ධීවර කර්මාන්තයේ ඉන්න ඔක්කොගේම හිස් ගසා දාන්න කියලද කියන්නෙ, ඔයා වගේ සිහිබුද්ධියක් නැති අයනිසා තමා අපේ රටෙත් සෞදියේ තියෙන්නෙ ම්ලේඡ්ච නිතී. (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 01:54 PM

කොයි‍ ලොව යන්නේ..මරණින් මත්තේ....(ස)

:       0       0

නිත්‍යා Friday, 01 February 2013 10:20 AM

පුදුම රස තෘෂ්ණාවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)

:       0       0

නිත්‍යා Friday, 01 February 2013 10:20 AM

පුදුම රස තෘෂ්ණාවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)

:       0       0

නිත්‍යා Friday, 01 February 2013 10:20 AM

පුදුම රස තෘෂ්ණාවක්නේ මේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site