දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීම නිසා පක්ෂ සාමාජිකත්වයන් අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන මනුෂ නානායක්කාර සහ උපේක්ෂා ස්වර්ණමාලි ගොනු කළ පෙත්සම් දෙක සම්බන්ධයෙන් ලබන ජූනි 13 වැනි දින ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස අද (21) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමල් රණරාජා මහතා පැමිණිලි සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරුකලවිට තම තනතුරද අහිමි කල යුතු පනතක් ගෙනා ආ යුතුය (නු)
මෙයාලට ඡන්දය දුන් ජනතාවට මෙයින් ලොකු අසාධාරණයක් සිදුවෙනවා. (නි)
මම දන්න විදියට නම් දැන් ගම්පහ මිනිස්සු වෙනස් වෙලා. (නි)
ඡන්ද දායකයෝ මිනී මරාගෙන, ගුට්ගහගෙන තමන් කැමති පත්ෂය වෙනුවෙන් කෙනෙක් තෝරාගන්නවා. දිනුවට පස්සේ විරුද්ධ පක්ෂයට යනවා. එතකොට ඡන්ද දායකයට මොකද වෙන්නේ.(නදී)
මේකත් පොඩි රඟපෑමක්ද ? (ස)
මේ තීරණයෙන් ඡන්ද දායකයන්ට වෙන්නේ අසාධාරණයක් නේද? (නි)
ජනතා නියෝජිතයෙකුට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.(නදී)