වවුනියාව මන්නාරම්පාරේ පට්ටානිචූර් ගමට අද මිනිත්තු පහක් පමණ නිල් පැහැ වැසි වැටුණු බවත්, වැස්සට තෙමුණු කිහිපදෙනෙක් නිල් පාට වූ බවත් ගැමියෝ කියති.
මහජන සෞඛ්‍ය පරීක්ෂක පද්මනාදන් මහතා ජල සාම්පල කොළඹට එවීමට පිවර ගත්තේය. වවුනියාවේ සිට කිලෝමීටර පහක් ඈතින් මේ ගම පිහිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මන්නාරම් පාරේ ගමකට නිල් වැසි
කේසර Thursday, 24 January 2013 12:53 PM
ගොඩ එන්න පුළුවන් විදියට සල්ලි වැස්සක් වැස්සොත් හොඳයි (ස)
පිටිගල Friday, 25 January 2013 03:27 AM
ඔහොම වෙන්නේ දේදුන්නක් වැස්සේ දියවුණහම. (නි)
ගලබඩ Friday, 25 January 2013 03:29 AM
ආයෙත් නම් රතු වැහි වහින්නෙ නැහැ. ඒ ගැන බයවෙන්න එපා. (නි)
ගලබඩ Thursday, 24 January 2013 01:31 PM
වැස්ස වලාහක දෙවියොත් පාක්ෂිකයෝ අල්ලගෙන වගේ (ස)
ජසීම් Thursday, 24 January 2013 01:54 PM
මේකනම් කාගේ හරි වැඩක් (ස)
ඉන්දික Thursday, 24 January 2013 02:10 PM
ඇඳුම් වලට දාන නිල් වගේනේ (ස)
ලලිත් කටාර් Thursday, 24 January 2013 02:11 PM
හරි මම කලින් කියපු විදියට උවමනා පාට වැසස්ත් ලැබුණා.. වැහැපු පළාත නම් ඒ තරම් හොද නැහැ.. දැං ආශ්චර්යයේ ගමන පටන්ගන්න නැකත හරි.. ජය වේවා..! (නු)
ප්‍රසන්න Thursday, 24 January 2013 02:31 PM
වැස්සට තෙමුණු කිහිපදෙනෙක් නිල් පාට වූ බවත් ගැමියෝ කියති. මරු කතාව (ස)
උපුල් Thursday, 24 January 2013 08:07 PM
මොකද මේ පාර නිල් පාට කැට තැට වැහැලා තියෙන්නේ? (නි)
ආනන්ද Thursday, 24 January 2013 02:41 PM
මොකද මේ ? දේදුන්නවත් දියවෙලා ගලනවද ? (ස)
රිස්වාන් - සෞදි අරාබිය. Thursday, 24 January 2013 02:50 PM
තවම අර යවපු සැටලිට් එකේ පට දිය වෙලා ඉවර නැතිව ඇති. (ස)
අමිල Thursday, 24 January 2013 02:55 PM
හැමෝටම මේව සෙල්ලම් නේද! මේක ලංකාවට බරපතල තත්වයක් වෙන්න පුළුවන්. (නු)
බන්ඩාර Thursday, 24 January 2013 03:06 PM
මෙන්න නියම මැජික් (ස)
ලලිත් කටාර් Thursday, 24 January 2013 03:06 PM
කිසිම දේකට කලබල වෙන්න එපා.. ඔය වෙන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන පක්ෂ ටිකේ පාට දියවෙලා යන එකනේ.. හිතලා බලන්න පක්ෂ ආරම්භකරන විට තිබූ එකම ප්‍රතිපත්තියක් දැං නැහැනේද? (නු)
ෆෙරස් Thursday, 24 January 2013 03:11 PM
මේ ඡායාරූප වහින වෙලාවෙ ගත්තානම් හොදයි... මේවා පිළිගන්න අමාරුයි... පුදුම දේවල් තමයි දැං ලංකාවෙ වෙන්නේ..! (නු)
සුමිත් Thursday, 24 January 2013 08:35 PM
අපේ ගමට මොන පාට වැස්සක් වැටෙයිද දන්නේ නැහැ (දී)
ඩයස් Friday, 25 January 2013 09:02 AM
පාට පාට සුභ අනාගතයක්! (නි)
දෝහා Thursday, 24 January 2013 03:20 PM
ඇයි අනේ දැං රතු වැසි කහ වැසි නොයෙකුත් වැසි වැස්සා නේද? කෝ ඒවාට තවම නිසි පිළිතුරක් දුන්නේ නැහැනේ.. දැං නිල් වැස්සක්... ඊට පස්සේ මොන පාට වැස්සක් වැටෙයිද දන්නෙ නැහැ..! (නු)
අනිල් Friday, 25 January 2013 09:03 AM
නිල් පාට වැස්සක් කියන්නේ රටේ ආශ්චර්යය. මේ වැස්ස ලංකාවට පමණක‍් නොව ලෝකයටම වසීවා! (නි)
කුරුවිට Thursday, 24 January 2013 03:23 PM
මම හැමදාම බලන් ඉන‍්නේ කෙළපාට වැස්සක් වහිනකම් (ස)
ශාන්ත Thursday, 24 January 2013 09:02 PM
ඔය පෙන්නන්නේ අනාගතය ගැන පෙරනිමිති. (නි)
මධු Thursday, 24 January 2013 04:11 PM
කොළ වැස්සක් හරි රතු වැස්සක් හරි දැං වැස්සට කමක් නැහැ..! (නු)
රාජු Thursday, 24 January 2013 09:38 PM
අපි තෙවන පියවරින් සිවුවන පියවරට පය තැබුවා. (නි)
නීල් Thursday, 24 January 2013 04:45 PM
ඊළගට කලු වැහි වහීවි. (නි)
නලීක් Friday, 25 January 2013 12:26 AM
මුලින්ම රතූ , ඊට පස්සේ කහ. දැන් නිල් .... බෞද්ධ කොඩියේ පාටවත්ද ? (නි)
සුපුන් Friday, 25 January 2013 01:09 AM
ස්වභාව ධර්මයට එරෙහිව මිනිස්සු කරන විවිධාකාර ක්‍රියා එක්ක බලද්දී මෙහෙම වැසි වැටෙන එක අරුමයක් නෙමෙයි. (නි)
රාජා Thursday, 24 January 2013 06:38 PM
උමතුසන් වරුෂාවට තෙමෙන හැමෝම උමතු වෙනවා කියලා ඉස්සර කියනවා. ළගදීම ඒකත් ඒවි. (නි)
සුපුන් විමුක්ති මෙන්ඩිස් - දු.අංකය 00393280089504 Friday, 25 January 2013 01:39 AM
රතු වැස්ස, නිල් වැස්ස වැටුණේ මිනිස්සු කරන වැරදි වලිනුයි. මේ ලෝකයේ විනාශය ළගා කරගන්නේ අපි අපිමයි. මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. හිතෙන හිතෙන තැන්වල කැළිකසළ බැහැර කරනවා. පරණ වාහන වල දුම් නිසා පරිසරය කොච්චර අපිරිසිදු වෙනවද? ගමනක් යද්දී කන්න ගන්න බත් පැකට් එක පවා මිනිස්සු එතනම දාලා යනවා. ඉතින් ලෝකය සුරැකේවිද? (නි)
සුදත් Thursday, 24 January 2013 12:39 PM
අන්න දැන් තමයි නියම පාට වැස්ස වැහැල තියෙන්නෙ.. (ස)