පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන’ මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට පානදුර රාජකීය විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 254 ක් රැුස්කරමින් ලකුණු 192 ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ රාජකීය විදුහල් මැද පෙළ පිතිකරු 16 හැවිරිදි මාධව නිමේෂ් පන්දු 144 කදී හතරේ පහර 23 ක් සමගින් නොදැවී ලකුණු 143 ක් රැුස්කිරීමට සමත්ව සිටියේය. දඟ පන්දු යවන තේනුක ධනංජය (25/4) සහ කවිඳු අෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම ලකුණු 62 කට සීමා කිරීමට සමත් වූහ. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත ජෝන් විදුහල  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 62 (හර්ෂ චන්ද්‍රශාන් 15, තරිඳු විදුෂාන් 12, අසංක අල්විස් 8/2, තේනුක ධනංජය 25/4, කවිඳු අෂාන් 18/3) රාජකීය විදුහල  ඕවර 56 කදී කඩුලූ 6 ට 254 (මාධව නිමේෂ් නොදැවී 143, කවිඳු අෂාන් 31, දමිඳු අෂාන් 19, හෂාන් විමුක්ති 17, අකිල ලක්‍ෂාන් නොදැවී 12, පසිඳු මධුෂාන් 71/3)