නව වසරට ආශිර්වාද පතා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ සුවිශේෂ පින්කමක් ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේදී මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණ.
නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමස අනුශාසක නාඋයනේ අරියධම්ම නා හිමියෝ මෝදනා මෛත්‍රී විහාරස්ථානයට මෙම ධාතූන් වහන්සේ පූජා කළහ.
ධාතූන් වහන්සේලා උදෙසා මෙහිදී උදෑසන කිරි ආහාර පූජාව දහවල දෙතිසක් ව්‍යඤ්ජන සහිත ආහාර පූජාව සහ විශේෂ ධාතු වන්දනාව සහ ධර්ම දේශනාව විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි. මෝදනා අවට ජීවත් වන ශ්‍රී ලාංකික බොහෝ පරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු හැගුමන් මතු වෙනවා හැමගෙම පින් වැඩි වෙනවා මේ ලොව ලස්සන වෙනවා සක් දෙවිදුන් රැක දෙනවා (ස)
ලොකු පින්කමක්. සංවිධානය කළ සියල්ලන්ටම පින්! (නි)
ඉතා හොද වැඩක් (දී)
සාධු...සාධු...සාධු... (දී)
පින්කම සංවිධානය කල සැමට සෙත් වේවා !! (ස)
සාදු සාදු !! සැමට බුදු සරණයි (ස)