2008 දී පළමු වැනි ශ්‍රේණියට ළමයකු ඇතුළු කිරීම සඳහා මහනුවර හැරමිටියාගල ශ්‍රී ධීරානන්ද මහ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක සහ තව තිදෙනෙකු රුපියල් දස ලක්ෂය බැගින් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් රෂ්මි සිංප්පුලි මහතා නියෝග කළේය.
අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එම් තිලකරත්න, අතිරේක අධ්‍යක්ෂ විජේසිරි හේරත් හා ජනපති සම්බන්ධීකරණ නිලධාරී හේම මාදිවෙල එසේ මුදා හරිනු ලැබුවෝ වෙති.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කියා සිටියේ සැකකරුවන් කිසිම වරදක් කර නැති බවයි. ළමයා ද පාසලට ඇතුළුකරගෙන සිටින බවයි.
ඔවුනට එරෙහිව පැමිණිල්ල ගොනු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ කොමිසම විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි වෙන කතාවක් තියෙනවා වගෙයි මෙතන.. නැත්නම් වසර 5කට පසුව මොකටද නඩු දැම්මෙ..!(නු)
දේශපාලනයට නුසුදුස්සන් නොපැමිණිය යුතුයි. (නි)
මෙන්න මේ වෙලාවට තමයි මගේ මතකයට එන්නේ ශරියා නීතිය. (නි)
මොනවා වුණත විද්‍යාලයාධිපති පරිස්සමින් හොදේ. (නි)
ඇමතිකමටත් මදිකමක් මේ කරන වැඩ..!(නු)
වගකීමකින් තොරව කටයුතු කරන මහජන නියෝජිතයින්ට ඇප නොදී හිරේම තියාගන්න කියලයි අපි නම් කියෙන්නේ. (නි)