(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් නිල කැබ්රථයට  සමාන කැබ්රථයක් තුළ හඳුන් කූරු පෙට්ටි ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් එක්කෝටි හැට තුන් ලක්ෂයක් පමණ වටිනා මත් පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කොටහේන ශාන්ත ලුසියා වීදියේ දී අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය සඳහන්කරයි.

එම සැකකරුවන් තිදෙනා සමග මත්පෙති 63,000 ක් ප්‍රවාහනයට යොදාගත් කැබ් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉන්දියාවේ සිට කල්පිටියට බෝට්ටු මගින් මෙම මත්පෙති ගෙන්වා කෘමි සතුන් පලවා හැරීම සඳහා යොදා ගන්නා හඳුන්  කූරු පෙට්ටි අතර  ඉතා සූක්‍ෂමඅයුරින් ඇසුරුම් කර  එම හඳුන් කූරු පෙට්ටි බෙදා හරින මුවාවෙන් කොළඹ ප්‍රදේශයේ බෙදා හැරීමසඳහා පැමිණ සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙන්නප්පුව සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26- 35 අතර පසුවන්නන්ය.