විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අණ පනත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ අද කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ කථනයක් පතමින් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට පෙර ඉල්ලා සිටියේය. ඒ අනුව අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරිමට ද පාර්ලිමේන්තු තේරීම් සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය උපුටා දක්වමින් පැවැසීය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් ඒ අනුව විනිසුරුවරයකුට එරෙහි චෝදනා විභාග කිරීමට නීතිමය බලයක් පර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැති බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ස්ථාවර නියෝග ඒවා පාර්ලිමේන්තුවට විතරයි (දී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඇති ඉහළම නීතියයි. ස්ථාවර නියෝග එහි ඇති නීතියම තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් නැවත නීති අවශ්‍ය විය යුතු නැහැ. පාර්ලිමේන්තුව හැමවිටම කරනුයේ අධිකරණයේ මතය විමසීම හෝ අර්ථකතනයක් ලබා ගැනීමයි. අධිකරණයට අවශ්‍ය සියලු නීති සකස් කරන්නෙත් සංශෝධනය කරන්නෙත් පාර්ලිමේන්තුවයි. ඒ අනුව අධිකරණයට පාර්ලිමේන්තු කටයුතු යටපත්කළ නොහැකියි යන්න මගේ අදහසයි. මෙහෙම ගියොත් පාර්ලිම්න්තුවට පණතක් සම්මත කරගන්න බැරිවෙයි. අනාගතයේ මේ වැඩෙන් මුලු රටම අරාජික වෙයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කළ යුකුයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය කියලයි.එහෙම නේද? (නි)
මම නම් මේ ප්‍රතිපල මුලින්ම දන්නවා (ස)
"උදය 2013-01-03 16:35:15 පාර්ලිමේන්තුව කරන වැරදි නිවැරදි කරන්න ජනතාවට වසර හයකට සැරයක්වත් අවස්ථාව ලැබෙනවා. නමුත් අධිකරණය කරන වැරදි හදන්න කිසිදිනෙක අවස්ථාවක් එන්නෙ නැහැ." මේ අදහස නම් ඇත්ත තමා. අද දවසේ අධිකරණය මුහුණ පා ඇත්තෙත් පහුගිය කාලේ අධිකරණය විසින් බල ගැන්වූ අශීලාචාර දේශපාලන ප්‍රවාහයේම දිගුවකට බව සත්‍යයකි. මා අසා තියෙනවා ඇමරිකාවේ නම් අධිකරණ විනිසුරන් ඡන්දයෙන් පත් කරන බව. හැබැයි එහෙම දෙයක් මේ රටේ කරනවා නම් ඒ සඳහා වන ඡන්ද බලය යම් දැන උගත්කමක් ඇති, රටට ආදායමක් හෝ යම් ආකාරයක දායකත්වයක් දෙන ප්‍රජා කොටසකට මිස අනුවණයින්ට දුන්නොත් ඒකත් ඉවරම කරලා දාවි . (නි)
අධිකරණයට ජය වේවා ! . සාධාරණය වෙනුවෙන් අපි පෙලගැසෙමු (ස)
100% හරි කතාව (දී)
නමුත් නීති හදන්නේ පාර්ලිමේන්තුවේ (දී)
පාර්ලිමේන්තුව පාලනය කරන්නයි ඒ නියෝග තියෙන්නේ (දී)
මමත් පිලි ගන්නවා (දී)
ඕක කවුරුත් දන්නවා (දී)
කතාව ඇත්ත
ජනතාවගේ දෙනෙත් හැරේවා! (නි)
අධිකරණයට ජය වේවා ! (නි)
ගොඩක් හොඳ තීරණයක් (ස)
පාර්ලිමේන්තුව කරන වැරදි නිවැරදි කරන්න ජනතාවට වසර හයකට සැරයක්වත් අවස්ථාව ලැබෙනවා. නමුත් අධිකරණය කරන වැරදි හදන්න කිසිදිනෙක අවස්ථාවක් එන්නෙ නැහැ. (නි)
යුක්තිය සැමදා රජ වේවා! (නි)
ස්ථාවර නියෝග නීති නොවෙයි (දී)
ලොකු පුටු කොහොමත් හොල්ලන්න පොඩ්ඩක් අමාරුයි තමයි. (නි)
ඉතිහාසගත තීණ්දුවක්. (නි)
ජය වේවා !!! (ස)
පාර්ලිමේන්තුවේ අය මේ වගේ දෙයක් සමබන්ධයෙන් තීරණ ගන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
යුක්තිය සාධාරණය ජය වේවා..!(නු)
ඒක සාධාරණයි. නැත්නම් මේ රටේ බුද්ධිමතුන්ට තැනක් නැති වෙනවා (ස)
අගවිනිසුරු කරන වැරදි සොයා බලන්න විදියක් නැද්ද එතකොට...?(නු)
අරාජික ලංකා (ස)
ජයවේවා, අපි එකගයි. (නු)
මෙම තීරණය හොදයි. එසේම නඩුකාරයින් විසින් කරන වැරදි වලටත් දඩුවම් දෙන ක්‍රමයක් රටකට අවශ්‍යයි. (නි)
මහේෂ්. එතකොට ඔය කියන උත්තරීතර තැනක ඉන්න කෙනෙක් අමතක වෙලාවත් වැරදි කලොත් එයව කොතනටද ගෙන්න පුළුවන්. (නු)
අපි නොදන්නවැයි (ස)
සුදුස්සන් සිටීම ගැන ආඩම්බරයක්..!(නු)
මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)
අයියෝ සල්ලි
ජයවේවා. නීතිය තමයි රටක උත්තරීතරම රාමුව විය යුත්තේ (ස)
ඉස්සර මුතු ඇටේ, දැන් මෑ ඇටයක් තරම්වත් වටින්නෙ නැති ගානට අරාජික වුණ එක ගැන අපිට දුකයි. (නි)
යුක්තිය සාධාරණය වෙනුවෙන් අපේ සහය , ජය වේවා !! (ස)
රටක උත්තරීතර වෙන්නේ නීතිය මිස රීතිය නෙමෙයි..අධිකරණයට අපගේ ප්‍රණාමය..!(නු)
ගරු අග විනිසුරුවරු තුමියට ජය වේවා (නු)
සාධාරණ තීන්දුවක්, අධිකරණයට ජය වේවා !! (ස)
නීතියට කවුරු කවුරුත් හිස නැමිය යුතුයි. ජය වේවා (ස)
යුක්තිය සාධාරණය වෙනුවෙන් අපේ සහය (ස)
සාධාරණ විනිශ්චයක් අධිකරණය ලබා දී තිබීම රටේ ජනතාවගේ සතුටට පත්වන කරුණකි (ස)
අපිට වැඩක් නැහැ
සහතික ඇත්ත
අපිට පිස්සු හැදෙයි තව ටික දවසකින් (දී)
ඒවා රටක් පාලනය කරන නීති නොවෙයි (දී)
ජය වේවා !!(නු)
අධිකරණයට ජය වේවා ! . සාධාරණය වෙනුවෙන් අපි පෙලගැසෙමු (ස)
රටක නීති හදන්නේ පාර්ලිමේන්තුව උනත් ස්ථාවර නියෝග නීති නොවෙයි (දී)
මෝඩ චමින්ද, ඒකට තමයි අධිකරණය තියෙන්නේ. (නි)
චමින්ද, ඒකට තමයි අධිකරණ සේවා කොමිශන් සභාව තියෙන්නේ. (නි)
ඇයි චමින්ද අධිකරණය තියෙන්නේ ඒකට තමයි. (ස)
මොනවාද මේ වෙන්නේ දැන් (දී)
අධිකරණය තියෙන්නේ නඩු අහන්න. ජනතා මනාපය නැති වුණ ගමන් පාර්ලිමේන්තුවේ ඉන්න අයට වෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. (නි)
මමනම් ඒ හැටි දන්නේ නැහැ
ඒවා තියෙන්නේ මැති සබය පාලනය කරන්න (දී)
ස්ථාවර නියෝග බල සම්මානන වෙන්නේ පාර්ලිමේන්තුවේදී විතරයි (දී)