මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කෑගල්ල කෑගලූ විද්‍යාලය අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් පළමු ඉනිමක ජයක් ලබා ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත්විය.
පන්ඩුල උඩුපිහිල්ලගේ සහ ඩිල්ශාන් හෙන්දෙනියගේ වමත්, දකුණත් සම්බන්ධතාවය මාතලේ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනා අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 21 කට කඩුලූ 3 ක් සහ ලකුණු 18 කට කඩුලූ 4 ක් බැගින් කඩුලූ 7 ක් දවාගත්හ.
ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 108
(ඉශාර කුමාරසිරි 26, චතුර දිල්ෂාන් 25, සමාධි රාජපක්සෂ 20, එස්. කේ. අමරසේකර 5/21, එස්. එන්. දසනායක 3/32)
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 106
(එම්. බී. රණවීර 34, එම්. බී. සෝමතිලක, දිල්ෂාන් හෙන්දෙණිය 4/18, පන්ඩුල උඩුපිහිල්ල 3/21, ඉශාර කුමාරසිරි 2/37)
ශාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම කඩුලූ 8 කට 178
(චතුර දිල්ෂාන් 62, පන්ඩුල උඩුපිහිල්ල නොදැවී 36, ඉශාර කුමාරසිරි 26, එම්. බී. සෝමතිලක 5/45, එස්. එන්. දසනායක 3/43)
කෑගලූ විද්‍යාලය දෙවන ඉනිම කඩුලූ 2 කට 78
(එම්. බී. රණවීර 57)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකට ශාන්ත පීතර කියලා දැම්මෙ..!(නු)
ඇයි මේකෙ ශාන්ත පීතර කියලා දාලා තියෙන්නෙ..!(නු)