මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ වසර 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ වයස 19 න් පහළ ආරාධිත පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී සත්කාරක පුෂ්පාදන විදුහල බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
කණ්ඩායම් 12 ක් සහභාගි වු බාලක තරගාවලියේ අවසන් මහා තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල ගෝල 3/1 කින් පරාජය කිරීමට මාතලේ විජය විදුහල සමත්විය. තරගයේ පළමු අර්ධයේදීම විජය විදුහල ගෝල 2/0 කින් පෙරමුණ ගත්තේය.
බුද්ධික නවීන් පීරිස් (1), විමුක්ති මාලිංග බණ්ඩාර (1) සහ සිතුම් මුණසිංහ (1) විජය විදුහලේ ජයග‍්‍රාහී ගෝල තුන ලැබුහ. කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් සහන් රත්නායක ගෝලය ලැබීය.
පුෂ්පදාන විදුහල සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල අතර පැවැති බාලිකා අවසන් මහා තරගයෙන් පුෂ්පදාන විදුහල් ක‍්‍රීඩිකාවෝ ගෝල 1/0 ක ජයක් ලැබුහ. ජීවන්ති රත්නායක පුෂ්පදාන විදුහලේ ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තාය. බාලිකා තරගාවලියට එක් වු කණ්ඩායම් ගණන 12 කි.
විජය විදුහල් පිලේ විමුක්ති මාලිංග බණ්ඩාර සහ පුෂ්පදාන විදුහල් පිලේ අවිහිංසා නිර්මාණී දක්‍ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකා සම්මාන හිමිකර ගත්හ.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ විජය - පුෂ්පදාන විදුහල් ශූරතා දිනා ගනියි
චන්ද්‍රසිරි Sunday, 28 October 2012 09:34 PM
චිරාත් කාලයක් තිස්සේ හොකී වලට දක්ෂ මාතලේ , නුවර තමයි. (නි)
ගුවනි Wednesday, 31 October 2012 02:50 PM
සුබ පැතුම් (ස)