මාතලේ රෝහලේ සමූහ මිනීවලේ කැනීම් අවසන් කිරීමට නියමිතව සිටි අද එහි ගිය මාධ්‍යවේදීහු පොලිසිය විසින් ඉවත් කරනු ලැබූහ. මීට පෙර මාධ්‍යවේදිනට එවැනි තහංචියක් නොවීය.
මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එහි ගොස් සිටියාය.
පසුගිය නොවැම්බර් 26 වැනිදා කැනීම් ඇරැුඹුණ අතර ස්ථාන 154කින් 154 දෙනකුගේ ඇටකටු සොයාගෙන ඇත. එහෙත් ඒ ඇටකටු කෙතරම් පරණදැයි මෙතෙක් ප‍්‍රකාශ කැර නැත. අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහත්වරු කැපීම්වලට උදව්වූහ.
ජනතා විමුක්ති පෙරමුණ කියනුයේ මේ ඇටකටු 1989 භිෂණ සමයේ මරා දැමුණු තම සාමාජිකයන්ගේ බවයි. එහෙත් එය මෙතෙක් තහවුරු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකාක් හරි හොරයක් තියෙනවා (දී)
ඒ මොකක් නිසාද (දී)
මහ ජනයාගෙන් හංගන්න මොනවා හරි හොරයක් තියනවා. (දී)
සුනාමියට ගහගෙන ගිය අය වෙන්න ඇති.(නදී)
පුරා විද්‍යා චක්‍රවර්තී තුමාගෙන් ඇහුවානම් කියයි. (නදී)
සමහරවිට මිනීවලේ "රත්තරන්" තියනවද දන්නෙනෑ.(නදී)
මේ ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් නේද ???? (දී)
මාධ්‍යට තහනම් කරන්නේ එහි රහසක් තියෙනවද? (දී)
88/89 හරි ජවිපෙ සාමාජිකයින්ගේ හරි නෙවෙයි නම් කමක් නැද්ද?(නදී)
ඇයි ඒ මොකක් හරි රහසක් තියෙනවා (දී)
මාධ්‍යෙවේදීන් ඉවත්කරන්නේ ඇයි. එවකට හිටපු ලොක්කගේ හපන්කම් එලි වෙන හින්දද?(නදී)