පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 152ට වඩා ලබා පාසලක් නොලැබූ සිසුන් වෙනුවෙන් මාතර රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ ජාතික පාසල ලබන 17 වන දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සිංහල හා ඉංග්‍රීසි පන්ති දෙක බැගින් ආරම්භයේදී පැවැත්වීමට නියමිතය. හෝමාගම ද මෙවැනි පාසලක් මීට පෙර විවෘත විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පාසල විවෘත කිරීමට සැලසුම් කර ඇත.
යුනිසෙෆ් ආධාර යටතේ ගොඩනැගිලි පහකින් සමන්විත මෙම පාසල රුපියල් කෝටි 25ක් වියදමින් ඉදිකෙරුණේ මාතර වෙරල පාරේ පිහිටි මහාමායා බාලිකා විද්‍යාලය එහි ස්ථාපිත කිරීම සඳහාය. මහාමායාව 2004 සුනාමියේදී හානියට පත්විය.
2009 වර්ෂය වන විට එහි ඉදිකිරීම් අවසන් වුවද, මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඔවුන්ගේ දෙමාපියන් හා ආදි ශිෂ්‍යාවන් නව පාසල වෙත ඒමට අකමැති විය. දැනට තිඛෙන ස්ථානයෙන් පාසල ඉවත් කරනවාට ඔවුහු දැඩි ලෙස විරෝධය පෑහ.
මහාමායා බාලිකා විද්‍යාලය ලෙස විශාල නාමපුවරුවක් සහිතව රස්සන්දෙනියේ ඉදිකළ නව පාසල මේ නිසා වසර හතරක් තිස්සේ වසා දමා තිබු‚. එම ප්‍රදේශය වල්බිහි වන්නට විය.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මැදිහත් වී නව පාසල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් අවශ්‍යයි ඒ වගේ වැඩ (දී)
තවත් සිර ගෙයක් වැහෙයි (දී)
"යුනිසෙෆ් ආධාර යටතේ" එහෙනම් මොකද දන්නෙ නෑ එයාගෙ නම දාගත්තේ.(නදී)
ඒක කියන්න බැරි තරම් හොද වැඩක් (දී)
පේෂලා. කාගේ නමක් දැම්මම මොකද?මම ඔයාගේ නම යෝජනා කරන්නද.(නදී)
ඇයි ? අනිත් පැත්ත උතුරු පලාතනේ. ඔය පලාත් දෙක තමයි දැනට ලංකාවේ දියුණු.(නදී)
තව තවත් පාසල් ඇති කරන්න (දී)
එයාගේ නම දාන්නේ නැතුව කාගේ නම දාන්නද? අපි අද 65 වෙනි නිදහස සැමරුවා. ඒක කරගන්න පුළුවන් වුනෙත් එතුමා නිසා.(නදී)
දැන් හදන කෝකටත් දාන නම මේක නේද?(නදී)
යුනිසෙෆ් ආධාර යටතේ පාසල ඉදිකළාට පාසලේ නමට නම් මගේ කැමැත්තක් නැහැ. (නි)
නම ගැන රංඩු වෙන්න එපා යාළුවනේ. මේක පාසැලක්නේ. දේශප්‍රේමය කරන කවුරුත් ඔහොම තමයි.(නදී)
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක් (ස)
ඒකත් දකුනටද?(නදී)
මේ දිවයිනේ දකුනු පලාත නැතුව වෙනත් පලාතක් නැද්ද.(නදී)
එහෙම කියන්න එපා. දකුණ නැත්නම් මොනවද කරන්න පුලුවන්? (නි)