ගුණාත්මක හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සේවා සීමා කිරීමට සිදුවෙතියි මාතර මහ රෝහලේ වෛද්‍යවරු අද ඒකමතිකව තීරණය කළහ.
කොළඹ නීති පිඨයේ අවසන් වසරේ ඩබ්ලිව් කේ අචලා ප්‍රියදර්ශනී (23) සිසුවියගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල වෙත එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්දික එපිටකඩුව මහතා ඇතුළුව වෛද්‍යවරු 200කට අධික පිරිසක් සහභාගී වූහ.
රජය හා සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී තිබෙන අඩු පහසුකම් යටතේ මේ දක්වා විශාල රෝගීන් පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව එහිදී කියැවිණි.
මේ වන විට සායන සඳහා දිනකට රෝගීන් තුන්සියයකට අධික පිරිසක් සහභ්‍යාගී වූහ. එහෙත් නව තීරණයත් සමග එම ප්‍රමාණය 60කට අඩු වෙයි.
දිනකට 20කට වැඩියෙන් කරන සැත්කම් හතක් දක්වා අඩු කිරීමට තීරණය විය.
දැනට දින ලබා දී ඇති සැත්කම් මාස තුනකින් ප්‍රමාද කිරීමට සිදු වන නිසා ඒ පිළිබඳව රෝගීන්ට තැපැල් මගින් දැනුම් දීමට ද තීරණය විය.
මානුෂීය තත්ත්වය ගැන සිතා බැලීමට වඩා සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව රාජකාරි කිරීමට වෛද්‍යවරු තීරණය කළහ.
ඒ යටතේ සායන වලට රෝගීන් අඩු කිරීම, ශෛල්‍යකර්ම සීමා කිරීම, ඇඳන් ප්‍රමාණයට පමණක් රෝගීන් ඇතුළත් කිරීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන් එකඟතාවය පළ කළේය.
නියමිත ඇඳන් ප්‍රමාණයට වඩා ඇතුළත් වන රෝගීන් රෝහලට භාර නොගැනීමට ද වෛද්‍යවරු තීරණය කළහ.
මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සවින්දි සමරකෝන් මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර වීරසේකර මහතාගේ පරිපාලනය දුර්වල බවට කරුණු වාර්තා කර තිබූ එක්තරා ජාතික පුවත්පත් දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද වෛද්‍යවරුන් තීරණය කළේය.
එම පුවත්පත් වාර්තා හෙළා දැකීම සඳහා බැනර් ප්‍රදර්ශනය කිරීමට ද යයි.
මීට පෙර එක් ඇඳක දෙදෙනා බැගින් ද ඇඳ උඩ මෙන්ම ඇඳන් යට ද රෝගීහු සිටියහ.
සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳ තමා දැනුම්වත් කළ බව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය. අද රාත්‍රී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ද දැනුම්වත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ නම් මෙය පුද්ගලික චැනල් සේවාවන් සදහාත් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මිනිස්සුන්ට ආයෙත් අරවගේ දේවල් කරන්න එපා (දී)
දොස්තර මහත්වරු පළිගන්න හදන්නේ මුදල් නොගෙවා බෙහෙත් ගන්න එන අසරණ අයගෙන්, අසරණ රෝගීන්ගේ පවි.(නදී)
දඩුවම් ලැබෙයි කියලා බය වෙන්න ඇති. ඔය ලෑස්ති වෙන්නේ චැනල් කරන්න යන්නත් වෙලාව ඕනැනේ. ඒකයි මේ.(නදී)
බුදු අම්මෝ! මේවා අහලා ගුරුවරුත් කියයිද දන්නේ නැහැ ගුණාත්මක හා ඵලදායී අධ්‍යාපනයක් දීමට දවසකට පන්තියේ ළමුන් 25 කට විතරයි උගන්වන්නේ කියලා. (නි)
ඇයි මෙච්චර කල් මේ අය ගුණාත්මක හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් නෙවෙයිද අපිට දීලා තියෙන්නේ? ලැජ්ජයි, විලි ලැජ්ජයි, නඩු දාන්න ඕනෑ මේ අයට. (නි)
පුද්ගලිකව රෝගීන් බැලීම නවත්වන්න (දී)
මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා (දී)
මම නම් කලින්ම හිතුවා මෙහෙම වේවි කියලා. ඔය විදිහට අනිත් ක්ෂේත්‍ර වල අයත් ගුණාත්මක සේවයක් දෙන්න ඕනෑ කියලා කරන වැඩ අඩු කළොත් මොකක්ද ඇතිවෙන තත්වය? අනෙකුත් සේවා සමග බලන කල වෛද්‍ය සේවය සුවිශේෂී ලෙස ලෙස බලා නොයෙකුත් පහසුකම් සහ ප්‍රතිලාභ ලබා දී ඇත. ඔවුන්ගේ තීරණය මෙය නම් වෛද්‍ය සේවයට ලබාදෙන එම අතිරේක පහසුකම් ඉවත් කළයුතුයි. (නි)
මිනිස්සුන්ගේ ජිවිත අමාරුවේ නොදා ඒ වැඩෙත් හොදයි (දී)
මිනිස්සුන්ගේ ජීවිතය තියෙන්නේ මේ අයගේ (දී)
මා කියූ කරුණු ග්‍රහණය කරගත් කිහිප දෙනෙකු සංවාදයට එක්වීම ගැන සතුටුයි. ඔබ කියන කුමන රටක වුවත් පෞද්ගලික සේවයක් පවතීනම් එය ඉතාමත් වියදම් සහගතයි රෝගියාට. මා හොඳින්ම දන්නා අයුරින් මහා බ්‍රිතාන්‍යයේ පුද්ගලික හමුවීමක් සඳහා මීට දස වසරකට පෙර පය භාගයක් සඳහා පෞද්ගලික හමුවීමකට ගාස්තු බ්‍රිතාන්‍ය පවුම් 120ක් සාමාන්‍ය වෛද්‍යවරයෙක් සඳහා. ඔස්ට්‍රේලියාව වැනි රටක පවතින ආකාරයට රජයේ පමණක්, පෞද්ගලික පමණක් සහ 50:50 ආකාරයට වූ ක්‍රමයක් වුවත් ලංකාවට සුදුසු විය හැකියි. එය ප්‍රායෝගික නොවන්නක් නොවෙයි. වෛද්‍යවරයෙක් පල කර තිබු ලෙසින්ම ලංකාවේ පුද්ගලික වෛද්‍ය ව්‍යාපාරයේ නියැලෙන්නේ සමස්ත වෛද්‍යවරුන්ගෙන් ඉතාම සුළු කොටසක්. (නු)
වැරදී කරන්න හොදයි (දී)
ඔයාල දන්නවද ඩොක්ටර්ගෙයි ප්‍රොක්ටර්ගෙයි වෙනස ඩොක්ටර්ට වැරදුනොත් අඩි 6 යට ප්‍රොක්ටර්ට වැරදුනොත් අඩි 6 උඩ . (දී)
මෙහි අදහස් දැක්වූ සමහරක් නිදහස් අධ්‍යාපනය සහ වෛද්‍යවරු ගැන කියා තිබුණා. මම ඉතා මෑතක ලංකාවට පැමිණි දිනක රාජකාරීමය කාර්යයක් කර ගැනීමට ලිපිකරු සහ ඉන් ඉහළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් කොටස් සේවය කරන රජයේ ආයතනයකට නොනවත්වා සතිපතා යාමට සිදු වුණා. එහි වැඩ කල සියලු දෙනාත් නිදහස් අධ්‍යාපනය විසින්ම බිහි කළවුන්. නමුත් ඔවුන්ගේ රාජකාරිය ඉටු කර ගන්නට සති ගණන් රස්තියාදු වී අවසානයේ ඔවුන්ගේ ෆයිල් ලිපි ලේඛන මා විසින්ම එහා මෙහා ගෙනගොස් මාස දෙක හමාරකට පසුව පියන්ගේ සිට ලිපිකරු, ප්‍රධාන ලිපිකරු, අධ්‍යක්ෂ සිට ඉහළට ඉන්නා අයවලුන් පසු පස්සේ ගොස් ඉටු කරගන්නට සිදු වුණා. ඔවුන් තම නිදහස් අධ්‍යාපනයේ ඵල තම සේවාදායකයාට ලබා දෙන්නේද....? මේ සියල්ල මට සිදු කරන්නට වුයේ මගේ පුද්ගලික නිවාඩු සහ මුදල් වැය කරමින්. (නි)
අර අතකපපු කෙල්ලට යන කල දවස මොකද්ද (දී)
වරාවිට , නුඹගේ අධ්‍යාපනය වෙනුවෙන් ජනතාව වියදම් කළ මුදල් නුඹ නාස්ති කර ඇත .එහෙත් එයින් උපරිම ප්‍රයෝජන ගෙන සරසවි ගියවුන්ට අපහාස නොකරන්න. (නි)
බලාගෙන ගියාම ඒකෙත් ඇති වැරද්දක් නැහැ (දී)
මිනිස්සු දොස්තරුන් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ (දී)
මෙහෙම දෙයක් තියෙනවා. ඔය වගේ අතපසුවීමක් වළක්වා ගන්න තමයි මේ වගේ තීරණයක් එයාලා ගන්නේ. දවසකට 300ක් බලන්න පහසුකම් තියාගෙන තමයි මේ අය 600ක් බලලා තියෙන්නේ. මේ තීරණය සාධාරනයි. ඔයාලා ගිහින් එතන කරන කාර්යය බලාගෙන ඉන්න. එතකොට තේරුම් යාවි මම කියන දේ. දිනකට සැත්කම් 7-10ක් කරන්න පුළුවන්කම තියාගෙන තමයි දිනකට 20ක් කරලා තියෙන්නේ. (නි)
හිසරදේට කොට්ටෙ මාරු කරන වැඩ තමා ලංකාවේ හැමතැනම තියෙන්නේ.(නදී)
මේ නෝනලා මහත්වරු හැමදාම සෙල්ලම් කරන්නෙ අසරණ රෝගීන්ගේ ජීවිත එක්ක. ඒ අය මොන වැරද්දක් කළත් ඒක අනිත් අය ඉවසගෙන ඉන්න ඕනෑ. (නි)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ වැරැද්ද කරලා තව කතා කතා කියන එකයි, මේක සුළු ඇත් වැරදීමක් කියල (දී)
මොන ජාතියේ දොස්තරලාද මන්දා? (නි)
දොස්තරලා දෙවිවරු නොවෙති.උන් කරන්නේ රැකියාවකි .ඔවුන්ට දෙවියන්ට මෙන් නොසලකන සමාජයක් ඔවුන්ගෙන් දෙවියන්ගේ හැසිරීම බලාපොරොත්තු වෙති (දී)
නිදහස් අධ්‍යාපනය ලැබූ ඔබතුමන්ලා ජනතාවගෙන් පළිගන්න එපා. (නි)
හැමෝටම ඕනෑ දොස්තර කෙනෙක් වෙන්න. බැරි වුණහම දොස්තරලට බලු බැනුම්. ඊට පස්සේ බලනවා දරුව දොස්තර කෙනෙක් කරන්න. බැරි වුණහම ආයෙත් දොස්තරලට බලු බැනුම්. ඊට පස්සේ බලනවා දරුවා දොස්තර කෙනෙකුට බැඳලා දෙන්න. බැරි වුණහම ආයෙත් බැනුම්. ඊට පස්සේ බලනවා දරුවාගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න. බැරි වුණහම ආයෙත් බැනුම්. මේක තමයි සංසාරේ හැටි …………. (නි)
චැනල් කරන තැන්වලත් ඕක කරමු. අහිංසක මිනිස්සුනෙ නේද? හැබැයි දැන් බෙහෙත් ගන්න බැරි ලෙඩ්ඩුන්ට චැනලින් පිහිටයි. දොස්තරල වෙන්න කලින් හොද මිනිස්සු වෙන්න. (නි)
දොස්තරලා හරිට උඩින් පාත්වෙලා වගේනේ. (නි)
මේගොල්ලෝ මේ තැනට ආවේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් සහ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. (නි)
මට නම් හිතෙන්නේ මෙය වෛද්‍යවරුන්ගේ පැත්තෙන් සාධාරණයි කියලා. (නි)
පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ප්‍රතිකාර ලබන්නට රෝගීන්ට සිදුවන්නේ ඇයි? රාජ්‍ය සෞබ්‍ය සේවාව ප්‍රමාණවත් නැති නිසා නොවේද? රාජ්‍ය සෞඛ්‍ය සේවාව ප්‍රමාණවත් නම් රෝගීන් පෞද්ගලික චැනල් සේවාවන් වෙත නොයනු ඇත. රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කරනුයේ රජයේ හෝ පෞද්ගලික වෛද්‍යවරුන් නොවේ. ඔවුන් කරනුයේ තිබෙන පහසුකම් මත සේවාව සැපයීම පමණි. ලිඳෙන් දිය බී ලිඳටම කෙළ ගැසුවොත් සිදුවන්නේ කුමක්දැයි බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. (නි)
ශහික කියන්නේ නීති ශිෂ්‍යාවගේ අත අහිමි වුණු එකේ වැරැද්ද දොස්තරලාට භාරගන්න අවශ්‍ය නැහැ කියලද? (නි)
මමනම් හිතුවෙ දොස්තරල කියන්නෙත් මනුස්සයො ජාතියක් කියල.අනේ දෑන් බලනකොට සර්පයන්ටත් වඩා දරුනු ජාතියක්. අපේ සල්ලි වලින් කෑම්පස් ගිහිල්ල දෑන් අපටම ප්‍රශ්න දානවා (දී)
ලංකාවේ සිටින මෙහි අදහස් දමා ඇති බහුතරයක් මේ සියලු තත්වයන්ට මූලික වන, රෝගියාට සහ එයට ප්‍රතිකාර කරන ආයතනවල පැවතිය යුතු අදාළ මූලික පහසුකම් සැපයීමට රජයට ඇති නොහැකියාව/නොවුවමනාව ගැන කතා නොකරති. එහි වරද මෙවැනි දෑ නොමැතිව සේවා සපයන කාර්ය මණ්ඩල වෙත පැවරී ඇත. ලෝකයේ පිළිගත් සෞඛ්‍ය සේවා වල රෝහලට නියමිත රෝගීන් ප්‍රමාණයක් වෙයි. එය පරිපූර්ණ වූ විට රෝගීන් ඇතුලත් කිරීම සිදු නොකරයි. ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා බොරු පුරසාරම් බිණීම පසෙකලා රජය අදාළ පහසුකම් සේවක කාර්ය මණ්ඩල වෙත ලබා දිය යුතුය. උපකරණ ලබා දිය යුතුය. පුහුණු අවස්ථා වැඩි කල යුතුය. රෝගීන් සහ හෙද අනුපාතය, රෝගීන් සහ වෛද්‍ය අනුපාතය, වෛද්‍ය හෙද අනුපාතය, රෝගීන්ට ලබා දෙන පහසුකම් පිළිබඳ සම්මත, දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති වීම, වැනි කරුණු ලෝකයේ සෞඛ්‍ය සේවා වලට සම්මත ආකාරයට පවත්වා ගත යුතුය. ඒ සඳහා මහජනතාවට අයිතියක් ඇත. (නි)
මේක පැහැදිලි පළිගැනීමක්. පැහැදිලි එකටෙක කිරීමක්. මෙයාල අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඒ මිනිස්සුන්ගෙම අත් පැහැදිලි නොසැළකිල්ල නිසාම කපලා දමලා, දැන් ඒ අහිංසක මිනිස්සුන්ගෙන්ම පළිගන්නවා. රටේ සිවිල් සමාජය මේ ගැන හඬක් නගන්න තරම් සංවිධානය වෙලා නැහැ. මොනවා කරන්නද ? "අපි ඔහේ ඉමු " (නි)
ඕන විදිහකට කරන්න. මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා (දී)
දුප්පත් අහිංසක මිනිසුන්ට වරදක් වනවා නම් ඔබලාගේ උගත්කමින් පලක් නැත. (නි)
ඒකත නරකම නැහැ (දී)
දැන් එකට එක කරනවා. මෙයාලා නම් හිපොක්‍රටීස් ගේ දරුවෝ වෙන්න බැහැ. කණාමැදිරියන් බෝතලේ දාගෙන සැත්කම් කරපු ඉතිහාසයක් තිබුණු අය නේද මේ ? (නි)
ඔබතුමන්ලා පෞද්ගලිකව කරන චැනල් සේවාවටත් මේ ක්‍රමයම අදාල කරගත්තොත් හොදයි. නීතිය හැමැතැනටම වලංගු විය යුතුයි. සල්ලි ඤාව් කියන්නේ නැහැ කියලා කියන්න එපා දොස්තර මහත්තයෝ. (නි)
ප්‍රයිවෙට් චැනලුත් එහෙමම කරයි නේද? (නි)
කණගාටුයි. කණගාටුයි. (නි)
වෛද්‍යවරුනි, ඔබලා පොදු ජනතාවට සේවය කළොත් ඔවුන් සැමදා ඔබ සමග සිටිනු ඇත. (නි)
වෛද්‍යවරුනි, ඔබලා පොදු ජනතාවට සේවය කළොත් ඔවුන් ඔබලා සමග සිටිනු ඇත.(නදී)
දොස්තර මහත්වරුනි, මහත්වරුන් ලෙස තමන් කළ වැරැද්ද පිළිගන්න. (නි)
යතාතත්වයට පත්වන තුරු ?
මහ රෝහලක් නමට තිබුනට මදි. එය අංගසම්පූර්ණ රෝහලක් විය යුතුයි. ඇමති තුමනි, මේ ගැන සොයාබලන්න. (නදී)
අකුරට වැඩ කියන්නේ ඕකට තමයි (දී)
පුද්ගලික චැනල් සේවා වලටත් ඔය නීතිය වලංගු කළොත් අපිත් ඕකට එකගයි. (නි)
ඕක අහලා කොන්දොස්තරලත් බස් එකේ සීටි ගාණනට විතරක් මගීන් ගනීවිද දන්නේ නැහැ නේද? (අ)
ඔබ හරි බණ්ඩාර. (නි)
වෛද්‍ය සංගමයේ මෙම ප්‍රතිචාරයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ඇති වැරදි නිවැරදි කරගෙන මතුවට එවැනි වැරදි නොවන්නට වගබලාගැනිම වෙනුවට ඔවුන්ගේ බලය අනිසිලෙස සමාජයෙන් පලි ගැනීමට යොමුකර ඇති අකාරයකි. (නි)
එහෙමත් හොදයි (දී)
දැන් කෝ ඒ වරදට සාධාරණයක් (දී)
අපි කොහොම කියුවත් දොස්තරු කියන්නේ දෙවිවරු වගේ ජාතියක් (දී)
අසධාරනය කියන එක නවත්වන්න උදවු වෙන්න (දී)
එහෙම හරි කමක් නැහැ, හරියට කරන්න (දී)
හදිසි සහ අමාරු ලෙඩුන් හට මූලිකත්වය ලබාදී එසේ නොවන ලෙඩුන් ටිකට් කපා පිටත් කළ හැක.
අකුරට වැඩ (දී)
මම සංවර්ධිත රටක වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමි. මේ රටේ කිසිම හේතුවක් නිසා ඇදන් ගානට වැඩිය ලෙඩුන් බාරගන්නෙ නැහැ.. වෛද්‍යවරයෙක් දිනකට ලෙඩුන් බලන්නෙ දහයක් පමණයි. උපරිම උනොත් විස්සක්. ලංකාවෙ වෛද්‍යවරුන් අතින් වන වැරදි ගැන කතා කරන්නේ අය ඔවුන් අවම පහසුකම් යටතේ කරන සේවය අගය නොකරති. වෛද්‍යවරුන්ට ඇති වරප්‍රසාද නැවැත්විය යුතුයි කියන අයගෙන් මම අහනවා ඒ හා සමාන තනතුරු දරන අනෙක් අයට ැනති දොස්තරලාට ඇති එක වරප්‍රසාදයක් හැකිනම් ඉදිරිපත් කරන්න කියලා.. ලංකාවෙ වසරක් පුරාම නොලැබෙන වැටුපක් කිසිම අමතර සේවයක් නොකර සතියක දින පහක වැඩ කර මසකින් මෙහෙ ලැබෙනවා.. ලංකාවෙ වෛද්‍යවරු අවම වැටුපකට කරන සේවය ඇගයිය යුතුයි..!(නු)
මේ රාජකාරිය සෙල්ලම් රාජකාරියක් නොවෙයි, වගකීමෙන් වැඩ කරන්න (දී)
මමත් වෛද්‍යවරයෙක්.හැබැයි මම කවදාවත් පුද්ගලික සේවයේ යෙදෙන්නේ නැහැ.ඔය මාතර සිද්දිය අනුමත කරන්නෙත් නැහැ.රජයේ දැනට සේවය කරන වෛද්‍යවරු 17000 කට ආසන්න ප්‍රමාණයෙන් පුද්ගලික සේවය කරන්නේ 40% ආසන්න ප්‍රමාණයක්.නමුත් රටේ පුදලික සේවය කරන මුළු වෛය්දවරුන් ගණන 40000 පමණ වනවා.එක උනේ කොහොමද කියල ඔබම හිතා බලන්න. ඔබතුමන්ලා කියන විදියට රෝහලේ ධාරිතාවයට වඩා දෙගුණයකටත් වැඩි රෝගීන් සන්ක්යාවකට සැමටම උපරිම සේවයක් වන විදියට ඉටුකරන්නේ කොහොමද කියල මෙතන අදහස් යෝජනා කරමුද.ඔය කොයි රෝගියටද ප්‍රමුකතාව දෙන්නේ කියල ක්‍රමවේදයක්(හදිසි සේවා නොවන). මම වැඩ කරන රෝහලේ සායනයට දිනකට රෝගීන් 300 පමණ එනවා.අපට උදේ 8 සිට දවල් 12.30 දක්වා බැලුවත් එක රෝගියෙකුට වය කල හැක්කේ විනාඩි 3(වෛද්‍ය වරු 3 දෙනෙක්).එතකොට ඔය එක රෝගියෙක් මාව හරියට බැලුවේ නෑ කියල නඩු දැම්මොත් මොකද කරන්නේ. එනිසායෝජනා කලයුත්තේ නියමිත ජන අනුපාතයට ආසන්න හෝ ගණනක් වෛද්‍යවරු ලබාදීම.(දැනට මිනිස්සු 1000කට 0.492).එතකොට ඔය පුද්ගලික සේවයට ඇති ඉල්ලුමත් අඩු වෙයි.හොර දොස්තරලත් අඩු වෙයි ,මීට වඩා ගුණාත්මක සේවයකුත් ලබෙයි . (දී)
අහන්නත් කණගාටුයි. ඔයාලා දොස්තරලාද? මහජන මුදලින් ඉගෙනගෙන ඒ මහජනයාට ඔහොම කරන එක හරිද? අර තැපැල් මගින් සැත්කම් දින දන්වනකොට මතක ඇතුව වරහන් ඇතුළේ දාලා අරින්න, ඔබතුමන්ලාගේ අමතර සේවය කරන පුද්ගලික රෝහල් වලින් ඉක්මනින් කරගත හැක කියලා. මම මේ දන්නේ නැති නිසයි ඔබතුමන්ලාගෙන් අහන්නේ ... අර පුවත් පත් දෙකකට විරුද්ධව බැනර් දානකොට අන්තිමට මුද්‍රණ දෝෂයකින් දොස් කැපිලා කොන් ඉස්සරට වැටුනොත් මුද්‍රණාලයටත් නඩු දානවාද? (නි)
ඇත්තටම ගොඩක් ලැජ්ජයි. තමුන් ඉගෙන ගත්තේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින් කියන එක අමතක කරන කුහක මිනිස්සු ගොඩට වැටෙන්නේ ඇයි ඔයාලා? (නි)
ප්‍රයිවට් චැනල් එකේ නම් ඔය නීති මොකුත් නැහැ. (නි)
ඉවසයිද මන්දා මේ දුක් සුසුම්... (නි)
මෙයාලට දෙන පහසුකම් වැඩියි. ඒ නිසයි මෙහෙම නටන්නේ. (නි)
මොකක් කලත් කමක් නැහැ කතා කතා කියන්න එපා(දී)
90%ක් දෙනාගේ අධ්‍යාපන මට්ටමේ හොදකම අදහස් වලින්ම පෙනෙනවා. (නි)
ශාන්ත ලාල් කියන දේ හරි. (නි)
සුසන්ත, ලාල් ගේ කියුම් මසුරං ... (නි)
දොස්තරලාගේ තීරණය බොහොම හරි. (නි)
අර ළමයාට යන කල දවස මොකද්ද (දී)
වාහන පර්මිට් ගැන එහෙම චක්‍රලේකනයේ තියෙනවද? (නි)
ගරු අචාර්ය මර්වින් මහත්තයා රෝහලේ අධ්‍යක්ෂ විදියට පත් කළා නම් ගැටළු සියල්ලම ඉවරයි. (නි)
සෙලනිකස් ඔබ නිවැරදියි. මීට මාස දෙකකට පෙරත් 15000/= තිබුන දීමනාවක් 25000/= දක්වා ඉබේම වැඩිකළා. ඒවා ගන්න ගමන් තමා මෙහෙම කරන්නේ. එහෙම නම් මේ රටේ ආර්ථිකය යහපත් වෙන කල් ඒවත් නොගෙන ඉන්න තිබුනාණේ. (නි)
මමත් ශල්‍ය වෛද්‍යවරයෙක්. ලිස්ට් වල ඉන්න රෝගීන් ගැන හිතලා මමත් පැය 2 ක් විතර යන සැත්කම් පැයකින් විතර ඉවර කරනවා. ඒ දෙගුණයක් වේගෙන් වැඩ කරලා. වැරදීමක් වුණොත් අපව බේරා ගන්න කවුරුත් නැහැ. ඊට වඩා හොදයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශිත ප්‍රමාණයට වැඩකිරීම. (නි)
විජ්ජා, ලංකාවේ සිටින මෙහි අදහස් දමා ඇති බහුතරයක් මේ සියලු තත්වයන්ට මූලික වන, රෝගියාට සහ එයට ප්‍රතිකාර කරන ආයතනවල පැවතිය යුතු අදාළ මූලික පහසුකම් සැපයීමට රජයට ඇති නොහැකියාව/නොවුවමනාව ගැන හොදින් දන්නවා. මොන ආණ්ඩුව තිබුණත් තවම දුප්පත් රටක් වන අප මේවා දරා ගත යුතුයි. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පමණක් නොව හැමතැනම තත්වය මේකයි. (නි)
තව වැරැද්ද කරලා සාධාරණය කරන්න එන එක තමයි ඉවසන්න බැරි (දී)
අනේ අනිච්චං! රටට යන කල දසාව ගැන දුකයි. (නි)
අර අහිංසක කෙල්ලගේ අත කපලා දැන් එකට එක කරනවා. ඔහේලා වැරදියි කියලා කිවුවේ ඔහේලගෙම දොස්තරලා. ඒකට අහිංසක අසරණ ලෙඩ්ඩු පලි නැහැ. (නි)
ලංකාවේ දොස්තරලයි කොන්දොස්තරලයි මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ. ඉස්සර දොස්තර මහත්තයෙක්ට කොච්චර මිනිස්සු සළකනවද?මිනිස්සු බලාගෙන ඉන්නෙ දොස්තරලටයි කොන්දොස්තරලටයි වරදිනකල්. දොස්තරලා ගොඩ දෙනෙක් උගත්. ඒත් ටික දෙනයි ඥානවන්ත. (නි)
මේකේ අනිත් පැත්ත මේකයි. වෛද්‍යවරයෙක්, විශේෂයෙන්ම සීමාවාසික වෛද්‍යවරයෙක් තමන්ට දරාගන්න බැරි තරමේ විශාල රෝගීන් ප්‍රමාණයක් බලාගන්නවා. ගොඩක් වෙලාවට හරියට කන්න බොෝනේ නැතුව, නිදා ගන්නේ නැතුව. එහෙම වෙලාවක වැඩේ හරියට කරන එක ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. නමුත් වැරද්දක් වුණහම ඒක තමයි රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. රටේ මිනිස්සු වෛද්‍යවරුන්ට සළකන්නේ එහෙම නම්, වෙන අත් වැරදීම් අඩු කරගන්න ඔහොම ක්‍රියාමාර්ග ගන්න එක ඇරෙන්න වෙන කරන්නේ මොකක්ද? (නි)
දැන් අහිංසක ළමයෙක් වන්න්දී ගෙවනවා (දී)
කොහොමහරි කමක් නැහැ. හොද දෙයක් කරන්න (දී)
මොනවා කලත් මිනිස්සු අමාරුවේ දාන්න එපා (දී)
එතකොට අර සුළු අත්වැරදීමකින් ඇත කපපු ළමයාට යන කල දවස මොකද්ද (දී)
වැරදි කළා නම් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න ඕනෑ. මෙයාලට වරප්‍රසාද ලැබිලා තියෙන්නේ ඒ අය දරන වගකීම නිසා. ඒ නිසා වගකීම් පැහැර හැරීමට වෛද්‍යවරුන්ට අයිතියක් නැහැ. (නි)
ඒක ගොඩක් හොද පියවරක් . දැන්වත් ආණ්ඩුව සෞඛ්‍යයට මුදල් යොදවාවි. (නි)
වැඩ කරන්න තියෙන විදියට වැඩකළහම හරි. ලංකාවෙ මිනිස්සුන්ට ඕනෑවට වඩා කරන්න හොද නැහැ. අගයක් නැහැ එතකොට. (නි)
මමත් වෛද්‍යවරයෙක්. මේ සිදුවීමේදි වරදක් නොසැළකිල්ලක් වෙලා තියෙනවා නම් ඒක සාධාරණීකරණය කරන්න හදනවා නෙමෙයි මේ. මේකට සම්බන්ධ අයට දඬුවම් කිරීමෙන් හරි මේ සිදුවීම මුල් කරගෙන මුලු දොස්තර සංහතියටම බැනලා හරි මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ වගේ දේවල් වෙන්න සැබෑ හේතුව හොයලා ඒකට ස්ථිර විසඳුමක් දෙනකම් මේවා ආයෙ ආයෙත් වෙයි එදාට ආයෙත් දොස්තරලට බැනලා නිකං ඉඳියි. වගකිවයුතු අය සැබෑ හේතුව දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා සාමාන්‍ය ජනතාවට ඒක ගැන අවබෝධයකුත් නැහැ දැනගන්න උනන්දුවකුත් නැහැ. අන්න ඒ සැබෑ හේතුව ඒ කියන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවම පහසුකම් යටතේ තමන්ට දැරිය හැකි ප්‍රමාණයට වඩා කිහිප ගුණයක රාජකාරියක් කිරීමට සිදු වී තිබෙන බව හැමෝටම අවබෝධ කරලා දෙන්න තමයි මාතර රෝහලේ වෛද්‍යවරුන්ට අකමැත්තෙන් වුණත් ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වෙන්නේ. (නි)
බලන්න අර ළමයාට වෙච්චි වැඩේ ඉතින් නේද (දී)
ඔබට අම්පාර සහ මහියංගණය රෝහල් වෛද්‍යවරුන්ගෙන් ඉගෙනීමට යමක් තිබේ. (නි)
මිනිස්සුන්ගේ ජිවිත අවධානමකට දානවට වඩා ඒ වැඩේ හොදයි (දී)
පොලිසිය වගේමයි. (නි)
විජ්ජා කියනදේ කරන්න පුළුවන් ඇමති මණ්ඩලේ 15 ට බස්සලා වියදම් කපාහැරීමෙන්. විජ්ජා දියුණු රටවල දිනකට එක දොස්තර කෙනෙක් 20 බලන්නේ එක ඇත්ත. හැබැයි එයාට හවසට වෙනම හම්බකිරිලි බැහැ. ඒවා කරනවා නම් රජයේ සේවයෙන් ඉවත් විය යුතුයි.මම ඉන්න රටේ කොහොමත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් බැහැ (නි)
පුද්ගිලක චැනල් සේවයෙත් ඔය විදියටම අකුරට කරමුද? (නි)
දොස්තරලාගේ තීරණයට අපේ සහයෝගය. (නි)
තීරණ ගනිද්දී ඒවා නිවැරදිද කියලා තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න දොස්තර මහත්තුරුනේ. (නි)