මාතර රෝහලේ රෝගීන්ගේ ප්ලාස්ටර් වෙළුම් කැපිය නොහැකි බව කණිෂ්ඨ සෞඛ්‍ය සේවා රෝහල් උපස්ථායක උපස්ථායිකා ස්වාධීන සේවක සංගමය රෝහලේ පරිපාලනය වෙත ලිඛිතව දැනුම් දුන්නේය.
නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී (23) සිසුවියගේ අතක් කපා ඉවත්කිරීමේ සිද්ධියෙන් පසුව මේ තීරණය ගෙන ඇත. පැරිස් බදාම බැන්ඩේජ් ඉවත් කිරීම හෙද හෙදියන්ගේ අධීක්ෂණය යටතේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහායකයින් විසින් සිදු කළයුතු බවට රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය මීට කලින් උපදෙස් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ප්ලාස්ටර් කැපීමක් කරන්න ඕනේ දක්ෂ හෙදියක් නැත්නම් දක්ෂ වෛද්‍යවරයෙක් විසින්.(නදී)
සිරි ලංකා යන ගෝත්‍රික රාජ්‍යයේ එය එසේ සිදුවිය... (නි)
ඒ ළමයගේ අත ඉදිමුන වෙලාවේ ඒ ගැන අවධානය යොමු නොකිරීමයි වරද. එහෙම නැතුව සැත්කම් සීමා කරන එකවත් සායනයට එන රෝගීන් ගනන සීමාකරන එකවත් නෙමෙයි කරන්න ඕනේ. වරද කොතනද කියලා දැනගෙන රෝගීන්ට උපස්ථාන කරන එනයි කරන්න ඕනේ.(නදී)
මීට කලිනුත් මෙවැනිම සිදූවීම් වුණා. (නි)
දොස්තරලා කොහොමත් වැරදි පිළිගන්න අය නෙමෙයිනේ. (නි)
"ඒක මගේ වැඩක් නොවේ "... "ඒක මගේ රාජකාරිය නොවේ" මෙය රෝහල්වල නිතර ඇසෙන දෙයකි. රෝගීන්ට සිදුවන අපහසුතා සහ වැරදිවලට මෙම කරුණ බෙහෙවින් දායකවේ. මෙවැනි දරදඬු පන්ති බේදයක් පවතින වාතාවරණයක සේවයේ ගුණාත්මක බව පහළ වැටීම අරුමයක් නොවේ. දියුණු රටවල සෞඛ්‍ය සේවය ඉතාමත් ඉහළ තත්වය පැවතීමට ප්‍රධානතම හේතුවක් වන්නේ රෝහල් සේවක මණ්ඩල රාජකාරිය පිළිබඳව දක්වන යහපත් ආකල්ප බව පෙනේ. අවශ්‍ය වෙලාවට කළයුත්තේ කුමක්ද? එය ඔවුන්ට කළ හැකි දෙයක් නම් එම කාර්ය කිරීමට ඔවුන් තවකෙනෙකු යොදවන්නේ නැත. (නි)
තවත් ජොබ් එකකින් නිදහස් වුණා. ඔයාලා නිකම්මනෙ ඉන්න බලන්නේ. ඉස්සර මතකයි සිංදුවක් ගියා බටර් පාන් කිරි තේ වතුර ගෙනත් දුන්නා 10ට විතර කියලා . මම දන්නෙ නැති නිසයි අහන්නේ. ඒ වගේ කාලයක් ආයි එන්නේම නැද්ද? (නි)
රැකියාව ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැරි අය ගත්තහම ඔහොම වෙනවා. (නි)
අඩන්න ඕනෑලු කිරි එරෙන්න. (නි)
ලංකාවේ රෝහල්වල වැඩකරන අය තමයි ලෙඩ්ඩු. මම දැක්කා ප්‍රධාන රෝහලක සෝපාවේ ගහලා තියෙනවා ලෙඩුන්ට පමණයි කියලා. ඒ සෝපාවේ ගිය ඔක්කොම වැඩකරන අය.(නදී)