ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බ්‍රහස්පතින්දා හා සිකුරාදා වැඩ වර්ජනය කරන බවට මාතර නීතීඥ සංගමය ඒකමතික තීරණයක් ගත් බව එහි සභාපති කපිල මනම්පේරි මහතා කියයි.
මේ රැස්වීමට නීතීඥවරු 200කට වැඩි පිරිසක් ආහ.
ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනය හා අභියාචනාධිකරණ රීට් ආඥාව අනුව දෝෂාභියෝගය යළි සළකා බලන ලෙස ඉල්ලන යෝජනවක් ද, විමල් වීරවංශ, මර්වින් සිල්වා යන ඇමැතිවරුන් හා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලදැයි කියන ප්‍රකාශවලට එරෙහිව ක්‍රියාකළ යුතුයැයි කියන යෝජනා ද සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයගේ වැඩවර්ජන නවත්වන්න නියෝග දුන්නත් මේ අයගේ වැඩ වර්ජන නවත්වන්න නියෝග දෙන්නෙ කවුද? මේවා තමයි තියෙන අඩුපාඩු... ඒවටත් නීති හදන්න ඔන..!(නු)
ඔබතුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා !! රටේ ස්වාධීන ආධිපත්‍ය රැකේවා !! අධිකරණයේ උත්තරීතර බව රැකේවා !! සියලු දෙනාටම නීතිය සම වේවා !! ජය වේවා ! හරිම සතුටුයි (ස)
පුළුවන්නම් සතියක් විතර වර්ජනය කරන්න (ස)
මුණසිංහ නීති හදන්න කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් පිළිනොපදින උදවියටද? (නි)
එයාලා උසාවියට කොච්චර ආදරේද කියලා ඔයාලා දන්නෙ නැහැ. (නි)
ජය වේවා ! (ස)