
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍යවලට යොමුවී පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර වෘත්තීමය රැකියා සඳහා යොමු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේදී අද (30) පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා කීවේ මේ වනවිට පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් පවතින බවත් එම පුරප්පාඩු සඳහා ප්‍රමාණවත් පුහුණු හා නුපුහුණු සේවකයින් නොමැතිවීම නිසා ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශිය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවයි. විශේෂයෙන්ම ඉදිකිරීම්, ටයිල් හා උපාංග, පාවහන්, සම්භාණ්ඩ, ඔටෝ මොබයිල් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක මෙලෙස පුරප්පාඩු පවතින බව කී අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාශයේ සෘජු මැදිහත්වීම මත ක්‍රමවත් පුහුණුවක් හා වැඩපිළිවෙළක් යටතේ පුනරුත්ථාපනය කරන ලද ශ්‍රමික පිරිස් කර්මාන්තකරුවන් වෙත යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර වල වෘත්තීය පුහුණුව ලත් පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් දසදහසක් පමණ සිටින බවත් වවුනියා, සේනපුර හා කන්දකාඩු යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනෙන් වසරකට 800ක පමණ පිරිසක් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුව සමඟ නැවත සමාජගත කරන බව මෙහිදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd