(ෂේන් සෙනෙවිරත්නP

අම්බුළුවාව ජෛව විවිධත්ව රක්ෂිතය ජනතා අයිතියට පත් කිරීම ඉදිරි මාස කිහිපය තුළදී සිදු කෙරුණු ඇති බවත් ඒ සඳහා යම් නීති කෘත්‍යයක් සඳහා පාර්ලිමේන්තුවේ යම් අවසරයක් ගැනීමට සිදු වුවහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.

ඩෙංගු මර්ධනය කිරීමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහන සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඉදිරි මාස කිහිපය ඇතුළත අම්බළුවාව රක්ෂිතය එහි පාරිසරික වටිනාකම් ආරක්ෂා කරමින් එහි සිටින ජනතාවට සාධාරණයක් ඉටු කරමින්ද නැවතත් ජනතා අයිතියට පත් කරනු ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරි දිනවලදී ඉදිරිපත් කරන බව